
ජාතික සංවිධාන සැමදා ක්‍රියාකළේ රට තුළ ජාතික මතය පෝෂණය කිරීමට මිස කිසිවෙකුත් බලයට ගෙනඒම සඳහා නොවෙයි... ග්‍රහයන් සූර්යා ළඟින් යනවා මිස සූර්යා ග්‍රහයන් ළඟට යන්නේ නැහැ - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ජාතික සංවිධාන දීර්ඝ කාලයක සිට ක්‍රියාකළේ රට තුළ ජාතික මතය පෝෂණය කිරීමට මිස කිසියම් පුද්ගලයකු බලයට ගෙන ඒමට නොවන බවත්, සූර්යා වටා ග්‍රහලෝක කැරකෙන විට සමහර ග්‍රහයින් සූර්යා ළඟින් ගිය ද සූර්යා ග්‍රහයින් ළඟට නොයන බව හා සූර්යා ළඟින් එම ග්‍රහයා යන විට එම ග්‍රහයා සිටින්නේ සූර්යා සමග බව කෙනෙකුට සිතෙන්නට ඉඩ ඇති බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව පැවසුවේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ මූලිකත්වයෙන් ඊයේ(27) දින පැවති ජාතික න්‍යායපත්‍රයක මූලාරම්භය (ජාතියට එක් න්‍යායපත්‍රයක්) සම්මුතිය අත්සන් තැබීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
රට භූමියක් ලෙස එකට තිබිය යුතු මතය, රට තුළ පිහිටි ඓතිහාසික අයිතීන් හා සම්පත් රටට හිමිවිය යුතුය යන මතය, රට තුළ සිටින මිනිසුන් ජාතියක් ලෙස එකයි යන මතය මෙන්ම රටේ අනාගතය උදෙසා රටට අවශ්‍ය වන මානව සම්පත රටේ අවශ්‍යතාව අනුව නිර්මාණය කිරීම උදෙසා වන දැනුම්වත් කිරීම සිදුකළ යුතුය යන මතය ජාතික සංවිධාන තුළ සැමදා තිබූ බවද උන්වහන්සේ මෙහිදී පෙන්වා දෙන ලදී.
එසේ නොමැතිව ජාතික සංවිධාන යනු එක එක වේලාවන් වලදී කිසිවෙකුට පාවිච්චි කිරීමට ඇති උපකරණයක් නොවන බවත් මෙහිදී පෙන්වා දුන් ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ, ජාතික සංවිධාන කිසිම විටෙක තවත් පිරිසකගේ මතය වෙනුවෙන් පාවිච්චි වන කුළී පිරිසක් නොවන බවද පෙන්වා දෙන ලදී.
එමනිසා ජාතික සංවිධාන ලෙස ජාතියට එක් න්‍යායපත්‍රයක් යන්න රටට කියා තිබිය යුතු බවත්, එක් න්‍යායපත්‍රයකට ජාතික සංවිධාන ගොනුවීම තුළින් ජාතික සංවිධාන සතු මානව බලය තවත් වර්ධනය වන බවත් උන්වහන්සේ මෙහිදී පෙන්වාදෙන ලදී.
රටේ තිබෙන සම්පත් ඉන්දියාවට හෝ චීනයට හෝ වෙනත් රටකට කුළියට හෝ, බද්ධට හෝ අලෙවිය සඳහා හෝ දීමෙන් රටක් ඉදිරියට යන බව කිසිවෙකු සිතන්නට හැකි බව ද, එහිදී රටේ සම්පත්, අධ්‍යාපනය, ප්‍රජාව සම්බන්ධයෙන් ඒකාබද්ධ මතයක් ජාතික සංවිධාන තුළ තිබිය යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් මෙහිදී පැවසූහ.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
