News Category
From Date
To Date
Maximum Number of Result

දක්ෂිණාංශික ලිබරල්වාදයත්, වාමාංශික ලිබරල්වාදයත් එකටතබා පරදවමු... "සර්වජන බලය" සමඟ රොද බැඳ ගනිමු! - මව්බිමට පෙම් බඳින සියලුම ජාතිකවාදීන්ගෙන් විමල් ඉල්ලයි

May 28, 2024 at 05:32 PM
|

දක්ෂිණාංශික ලිබරල්වාදය සහ වාමාංශික ලිබරල්වාදය යන "දේශපාලන නිවුන් සොහොයුරන්" එකටතබා පැරදවිය හැකි මේ රටේ එකම දේශපාලන කඳවුර වන ජාතිකවාදී දේශපාලන කඳවුරට නායකත්වය සපයන්නා ලෙස  "සර්වජන බලය" නව දේශපාලන සන්ධානය කටයුතු කරනු ඇති බවත් ඉහත කී "දේශපාලන නිවුන් සොහොයුරන්" එකටතබා පරදවන "දේශපාලන පිංකම" සිදු කිරීමට "සර්වජන බලය" සමඟ රොද බැඳගන්නා ලෙස මේ රටේ සියලුම සැබෑ  ජාතිකවාදීන්ට ඇරයුම් කරන බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

උත්තර ලංකා සභාගය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, 'යුතුකම' ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ  මව්බිම ජනතා පක්ෂය සහ ස්වාධීන මන්ත්‍රී සංසදය සමඟ එක්ව  "සර්වජන බලය" නමින් නව දේශපාලන සන්ධානයක් සඳහා අද(27) දින කොළඹදී  මූලික ප්‍රතිපත්ති දහයකින් යුත් ප්‍රතිපත්තිමය සම්මුතියකට අත්සන් තැබීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස අමතමින්  ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

මෙහිදී  වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

ලිබරල්වාදයේ සරල අර්ථය

"අද ලෝකයේ බොහෝ රටවල දේශපාලන දහම තමා නව ලිබරල්වාදය. නව ලිබරල්වාදය කියනවා, 'රාජ්‍යයේ භූමිකාව අවසන් කරන්න ඕනේ; ආර්ථිකයේ මුළු බලය පෞද්ගලික අංශයට අත් කර දෙන්න ඕනේ; සමාජයේ සාමූහිකත්වය බිඳදමන්න ඕනේ (එය පවුල නමැති ඒකකය බිඳදැමීම දක්වා ගෙන යන්න ඕනේ); අවසානයේ පුද්ගලයා සමාජය වෙනුවෙන් වෙනුවට, පුද්ගලයා තමා වෙනුවෙන්වත් නොවන පුද්ගලයෙකු බවට පත්කරන්න ඕනේ.' කියා. ඒක තමයි නව ලිබරල්වාදී දර්ශනයේ සරල අර්ථය.

"මාමාට" බැරි වුණු දේ කරන "බෑණා" 

දැන් බලන්න, නවසීලන්තය වැනි රටක දරුවකු පාසලකට ඇතුළත් කිරීමට අදාළ පෝරමය පිරවීමේදී මව සහ පියා කවුදැයි අහන්නේ නැහැ. First Parent සහ Second Parent ලෙසයි එය විමසන්නේ. සමලිංගික පවුල්වල හදාගන්නා දරුවන්ට අදාළව, මව සහ පියා කවුදැයි සඳහන් කළ නොහැකි නිසා ඒ සුළුතරය වෙනුවෙන්, බහුතරයේ පවුල නමැති ඒකකය කුඩුපට්ටම් කර දමලා තිබෙනවා. රුසියානු දාර්ශනිකයෙකු වන ඇලෙක්සැන්ඩර් ඩුගින් පෙන්වා දී තිබෙනවා, නව ලිබරල්වාදය අද වන විට එහි අවසන් දුම්රිය නැවතුම්පොළ වෙත ළඟා වෙමින් පවතින බව. දැන් මේ නව ලිබරල්වාදී ගමන් මඟ තුළ පුද්ගලයාගේ ලිංගික අනන්‍යතාව පවා වෙනස් කෙරෙමින් තිබෙනවා. එදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කීවා, ' විධායක ජනාධිපතිට කළ නොහැක්කේ ගැහැණියෙකු පිරිමියෙකු  බවට පත්කිරීම පමණයි' කියා. නමුත් දැන් ඔහුගේ බෑණා ජනාධිපති ධුරයට පත්වෙලා සම ලිංගිකත්වය සහ සංක්‍රාන්ති ලිංගිකත්වය බලගැන්වීමේ පනතක් ගෙනඒමට සූදානම් වෙනවා. එමගින් ඔහුට 'මාමාට' කිරීමට බැරි වුණු එකම දෙයත් කිරීමට පුළුවන් වෙනවා.

ලිබරල්වාදයේ ප්‍රධාන ස්වරූප දෙක

මේ නව ලිබරල්වාදී න්‍යාය පත්‍රය තමයි අද අපේ දේශපාලන කරළිය තුළ විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙන්නේ. මෙහි ප්‍රධාන ස්වරූප දෙකක් තිබෙනවා. එකක් තමයි දක්ෂිණාංශික ලිබරල්වාදය; අනෙක  වාමාංශික ලිබරල්වාදය. ජාතිකවාදී අපේ කඳවුර හැරුණු විට මේ කඳවුරු දෙක තමයි ලංකාවේ දේශපාලනයේ දැකගත හැක්කේ. දක්ෂිණාංශික ලිබරල්වාදයේ හ වාමාංශික ලිබරල්වාදයේ වෙනස්කම් මොනවාද? දක්ෂිණාංශික ලිබරල්වාදයේ ශ්‍රී ලංකාව තුළ සිටින ප්‍රධානතම නියෝජිතයා රනිල් වික්‍රමසිංහ මහතායි. නමුත් විපක්‍ෂ නායකතුමාගේ ගෝලයොත් කියනවා, 'සහාය දීමට ඔය පැත්තට නොපැමිණියාට අපිත් නව ලිබරල්වාදී ප්‍රතිපත්තිවලට අනුකූලයි' කියලා. ඒ නිසා මම මේ දෙකොටසම එකක් ලෙසයි සලකන්නේ. 

'ලාල්කාන්තට ගරු කරන්න ඕනේ' 

දැන් මේ කොළපාට දක්ෂිණාංශික ලිබරල්වාදීන් පාර්ලිමේන්තුවට 'ප්‍රතිසන්ධානය' නමින් පනතක් ගෙන එනවා, මේ රටේ ආරක්ෂක හමුදාවන්ට දඬුවම් කිරීමට. වාමාංශික ලිබරල්වාදය මේ ගැන වචනයක්වත් නොකියා අහක බලාගෙන ඉන්නවා. ලංකාවේ දක්ෂිණාංශික ලිබරල්වාදයේ පියා, රනිල් වික්‍රමසිංහ මහතා කියනවා, '13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලගැන්විය යුතුයි' කියලා. එතකොට වාමාංශික ලිබරල්වාදය නියෝජනය කරන ආචාර්ය හරිනි අමරසූරිය මන්ත්‍රීතුමිය කියනවා, 'අපි ඒකට පූර්ණ සහයෝගය ලබාදෙනවා' කියලා(මේ කතාව 'දි අයිලන්ඩ්' පුවත්පතේ පළවුණා). වාමාංශික ලිබරල්වාදය නියෝජනය කරන ලාල්කාන්ත සහෝදරයා ඊට එහාට ගිහිල්ලා කියනවා, 'නීති හැදීමේ සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ගමටම දෙනවා' කියලා. එයාලා අද දක්ෂිණාංශික ලිබරල්වාදයටත් එහාට ගිහිල්ලා. මම මෑතකදී දුටුවා ලාල්කාන්ත සහෝදරයා කියනවා, 'අපි දැන් සමාජවාදය අතහැරලා' කියලා. ඒක විවෘතම කියන්නේ එතුමා විතරයි. ඒකට අපි ගරු කරන්න ඕනේ.

ටිල්වින්ගේ 'අන්තර් භවය' 

ඊළඟට මම ඉහතදී කියපු සමලිංගිකයන්ගේ සහ සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතිවාසිකම් බලගන්වන පනත දක්ෂිණාංශික ලිබරල්වාදය විසින් දැන් සකස් කරමින් තිබෙනවා. වාමාංශික ලිබරල්වාදය ඒකට 'මීක්' කියන්නේ නැතිව ඉන්නවා. ඒ වගේම වාමාංශික ලිබරල්වාදය නියෝජනය කරන සමන්මලී මැතිනිය කියනවා, 'ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනේ' කියලා. වාමාංශික ලිබරල්වාදයේ අන්තර් භවයක සිටින ටිල්වින් සිල්වා මහත්තයා කියනවා, 'නැහැ, නැහැ අපි එහෙම ප්‍රතිපත්තියක නැහැ' කියලා. දැනට වාමාංශික ලිබරල්වාදයේ යම් අන්තර් භවයක සිටින පිරිසකුත් ඉන්නවා. ලාල්කාන්ත සහෝදරයා එහෙම අන්තර් භවයක නොමැති නිසා එයා කෙලින්ම කියනවා, 'අපි දැන් සමාජවාදය අතහැරලා' කියලා.  ඒ වගේම වාමාංශික ලිබරල්වාදය නියෝජනය කරන ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියත් කියනවා, 'නැහැ, නැහැ අපි ඒක නීතිගත කරන්නේ නැහැ. ඒකට බාධා වෙන නීති කිහිපයක් ඉවත් කරනවා' කියලා. ඒ කියන්නේ 'ගණිකා වෘත්තිය නීතිගත කරනවා' කියලයි.

දළදා වහන්සේ 'නයාට අඳුකොළ' වගේ පෙනෙනවා

ඒ වගේම දක්ෂිණාංශික ලිබරල්වාදය බොරුවට හරි බුදුදහම සුරකින බව කියනවා. වාමාංශික ලිබරල්වාදය ආගම ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. දක්ෂිණාංශික ලිබරල්වාදය බොරුවට හරි මල්වට්ටියක් අරන් ගිහින් දළදා වහන්සේ වන්දනා කරනවා. වාමාංශික ලිබරල්වාදය දළදා වහන්සේ පැත්ත පළාතකවත් නොගිහින් ඉන්නවා. එයාලාට දළදා වහන්සේ 'නයාට අඳුකොළ' වගේ පෙනෙනවා.

දක්ෂිණාංශික ලිබරල්වාදය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ තමන්ගේ ශික්ෂා පදය බවට පත්කරගෙන සිටිනවා. දැන් වාමාංශික ලිබරල්වාදයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවෙලා, ආණ්ඩුවේ වැරදි කියලා, ඔවුන් ඉදිරියේ හුරතල් වෙලා, 'ඔබේ ක්‍රියාදාමය අපි ඉදිරියට ගෙන යනවා' කියලා කියනවා. 

බෞද්ධ සංස්කෘතියට පහරදීම

බෞද්ධ සංස්කෘතියට දක්ෂිණාංශික ලිබරල්වාදය එළිපිට පහර දෙන්නේ නැහැ. මට සිහිපත් වෙනවා දක්ෂිණාංශික ලිබරල්වාදයේ හොඳ නියෝජිතයෙකු වූ දිවංගත මංගල සමරවීර මැතිතුමාව. එතුමා නම් සමහර අවස්ථාවල බෞද්ධ සංස්කෘතියට පහර දීම එළිපිට කළා. අවාසනාව වෙලා තියෙන්නේ ස්වාමීන් වහන්ස, දැන් ඇතැම් භික්ෂූන් වහන්සේලාත් මේ ගොඩවල් දෙකට බෙදී සිටීමයි. අද දක්ෂිණාංශික ලිබරල්වාදයට සහ වාමාංශික ලිබරල්වාදයට සේවය කරන භික්‍ෂු ප්‍රතිරූපධාරීන් සිටිනවා. දැන් බලන්න, වාමාංශික ලිබරල්වාදය නියෝජනය කරන 'කැකිරාවේ සුදස්සන' නම් භික්ෂු ප්‍රතිරූපධාරියකු කියනවා, 'ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනේ. බුදුන් වහන්සේත් ගණිකාවන් ඇසුරු කළා. නිවැරදි ලිංගිකත්වය නිවන් දැකීමට තෘප්තිමත් මාර්ගයක් වෙනවා. බෝධි වන්දනාව, බුද්ධ වන්දනාව එපා! කියලා. මේ ගොඩවල් දෙකේම සිටින භික්ෂු ප්‍රතිරූපධාරීන් 'බෞද්ධ දර්ශනය රකිනවා' යැයි කියමින් බෞද්ධ සංස්කෘතියට පහර දෙනවා. මේක විය හැකි දෙයක්ද? අපි එදා කුඩා අවදියේ චිත්‍රකතා පත්තර බලලා තමයි ඉරිදා දිවයින පුවත්පත බලන්න හුරු වුණේ. ඒ කියන්නේ මුලින් චිත්‍රකතා පත්තර බලලා තමයි ඉරිදා පුවත්පත්වල ශාස්ත්‍රීය ලිපි කියවන්න හුරු වුණේ. බෞද්ධ සංස්කෘතියට ගරු නොකරන, ඒ පිළිබඳ භක්තියක් නොමැති කිසිවකුට නිවැරදිව බෞද්ධ දර්ශනය හඳුනාගන්න බැහැ.

'නිවුන් සොහොයුරන්'

මේ දක්ෂිණාංශික ලිබරල්වාදයේ සහ වාමාංශික ලිබරල්වාදයේ සමානකම පෙන්වාදීමට මට තවත් බොහෝ උදාහරණ පෙන්වා දිය හැකියි. නමුත් කාල වේලාව මදි. අවසන් වශයෙන් බලන්න, මහාචාර්ය සිරිමල් අබේරත්න නම් ආර්ථික විද්‍යාඥයා සහයෝගය දෙනවා රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ගමනට; ඒ කියන්නේ දක්ෂිණාංශික ලිබරල්වාදයට. ඓතිහාසිකව ජනතා විමුක්ති පෙරමුණේ හතුරන් විදියට හිටපු මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ මහාචාර්ය ජයදේව උයන්ගොඩ අද වාමාංශික ලිබරල්වාදයට සහාය පළකරන්නවුන් බවට පත්ව තිබෙනවා. මේ 'පොලා පැනීම' වෙන්නේ කොහොමද? කලින් ජවිපෙට විරුද්ධව හිටපු අය දැන් වාමාංශික ලිබරල්වාදයට සහාය පළකරන්නවුන් බවට පත්වෙන්නේ කොහොමද? මේකෙන් පෙනෙන්නේ නැද්ද සිදුව ඇති විපරිණාමය?

මේ සියලු කරුණුවලින් අපට ඉතාමත් පැහැදිලියි මතුපිටින් බොරු විරෝධයක් පෙන්නුවාට දක්ෂිණාංශික ලිබරල්වාදය සහ වාමාංශික ලිබරල්වාදය කියන්නේ නිවුන් සොහොයුරන් බව. මේ දෙකේ අභ්‍යන්තරයේ තිබෙන්නේ අන්තර්කාලීන සමගියක්.

කවුද මේ දීන දේශපාලන දාසයන්? 

මේ දක්ෂිණාංශික ලිබරල්වාදය සහ වාමාංශික ලිබරල්වාදය යන ලිබරල්වාදයේ ස්වරූප දෙකට අමතරව ශ්‍රී ලංකාව තුළ දැකගත හැකියි දක්ෂිණාංශික ජාතිකවාදයක්. ඒක නියෝජනය කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. අවාසනාව කියන්නේ  ඔවුන් දක්ෂිණාංශික ලිබරල්වාදයේ පෙරගමන්කරුවා වූ රනිල් වික්‍රමසිංහට අත උස්සන, දීන දේශපාලන දාසයන් බවට පත්වී තිබීමයි. ඔවුන් අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගෙන එන ලිබරල්වාදයට අදාළ කවර හෝ විනාශකාරී පනතකට අත උස්සන කුලීකරුවන්, දාසයන් බවට පත්ව තිබෙනවා. එමඟින් කියැවෙන්නේ දක්ෂිණාංශික ජාතිකවාදය අද තමන්ගේ භූමිකාව අවසන් කරගනිමින් සිටින බවයි.

 ඇත්ත ජාතිකවාදී දේශපාලන ගමනක්!

ඒ නිසා අද මේ රට ඓතිහාසිකව ඉල්ලා සිටිනවා, මේ දක්ෂිණාංශික ලිබරල්වාදයටත් වාමාංශික ලිබරල්වාදයටත් ප්‍රතිවිරුද්ධව ඇත්ත ජාතිකවාදී දේශපාලන ගමනක්; නව දේශපාලන විකල්පයක්. අද ඒ පිපාසාව ලංකාවේ සිව්කොන ජීවත් වන ජනතාව අතර දරුණු ලෙස බලපවත්වන දේශපාලන පිපාසාවක් බවට පත්ව තිබෙනවා. අද මේ පටන් ගන්නේ අන්න ඒ දේශපාලන පිපාසාව සංසිඳවන 'සර්වජන බලය' බලගන්වන ඓතිහාසික පියවරයි.

ජාතිකවාදී දේශපාලන කඳවුරේ මග පෙන්වන්නා : සර්වජන බලය 

මේ දක්ෂිණාංශික ලිබරල්වාදය සහ වාමාංශික ලිබරල්වාදය යන දේශපාලන නිවුන් සොහොයුරන් එකටතබා පරදවන්න පුළුවන් එකම කඳවුරයි තිබෙන්නේ. ඒ තමයි මේ රටේ ජාතිකවාදී දේශපාලන කඳවුර. ජාතිකවාදී දේශපාලන කඳවුරේ මග පෙන්වන්නා, ඒ වෙනුවෙන් අවශ්‍ය කරන නායකත්වය සපයන්නා බවට පත්වන්නේ වෙන කවුරුවත් නොවෙයි  අද මේ නිර්මාණය වූ 'සර්වජන බලය'යි. ඒ ඓතිහාසික භූමිකාව ඉටු කරන්නේ අද මේ නිර්මාණය වූ 'සර්වජන බලය'යි

ඒ සඳහා එක්රොක් වෙමු!

රොද බැඳ ගනිමු! 

'සර්වජන බලය'ට ජය වේවා! 

මාතෘභූමියට ජය වේවා!

දක්ෂිණාංශික ලිබරල්වාදයත් වාමාංශික ලිබරල්වාදයත් එකටතබා පරදවන 'දේශපාලන පිංකම' කරන්න අපි සියලුදෙනාට හැකිවේවා'යි ප්‍රාර්ථනා කරමින් මම නිහඩ වෙනවා"

එක්ව නංවන රටක් - සතුට පිරුණු දැයක්" සර්වජන අදිටන් සම්මුතිය, යන නමින් හඳුන්වා ඇති මෙම දස වැදෑරුම් ප්‍රතිපත්තිමය සම්මුතියට ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් එහි නියෝජ්‍ය ලේකම් ජී. ඩී. වී. තිලකසිරි(පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා වෙනුවට) පිවිතුරු හෙළ උරුමය වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, 'යුතුකම' ජාතික සංවිධානය වෙනුවෙන් එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන හා මව්බිම ජනතා පක්ෂය වෙනුවෙන් එහි නායක, ව්‍යවසායක දිලිත් ජයවීර යන මහත්වරු අත්සන් තැබූහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ









සම්බන්ධිත පුවත් | Related News

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්
ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.
වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.