
මාලිමාව ප්‍රතිපත්ති ප්‍රකාශයක් හදන්න බයයි... තමන් හදන ප්‍රතිපත්ති ප්‍රකාශය වත් විශ්වාස කරන්න ආත්ම විශ්වාසයක් නැති අයට ජාතියක අනාගතය භාර දෙන්නේ කොහොමද? - උදය ගම්මන්පිල ප්‍රශ්න කරයි
බෙදුම්වාදී , අධිරාජ්‍යවාදී බලවේග කුමණ සැලසුම් තැනුවද මෙරට ජාතික ව්‍යාපාරය මරාදැමිය නොහැකි බවත්, එසේ මරාදැමීමට ද ඉඩ නොතබන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ‘සර්ව ජන බලය’ නමින් නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම (27) සිදු කෙරුණු අතර එම අවස්ථාව හා එක් වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ අදහස් පල කලේය.
පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
ජාතික ව්‍යාපාරය මරන්නත් බෑ, මැරෙන්නෙත් නෑ
සමහරු බලාගෙන හිටියේ මෙවර මැතිවරණයෙන් ජාතික ව්‍යාපාරය වල දාලා මල බත කන්නයි. තවත් සමහරුන් සිහින මැවුවේ ජාතික ව්‍යාපාරය අලුකරලා අළුමතින් ජය පැන් බොන්නයි. අධිරාජ්‍යවාදී බලවේග, බෙදුම්වාදී බලවේග, අන්තවාදී බලවේග, මේ සිහිනයත් එක්ක බොහෝ කාලයක් ජීවත්වුණා විතරක් නෙමෙයි දැවැන්ත සැලසුම් හැදුවා.
සර්වජන බලය ලෙසින් අද අපි එකට එකතු වුණේ ජාතික ව්‍යාපාරය මරන්නත් බෑ, මැරෙන්නෙත් නෑ, අපි සැම එකට එකතු වෙලා ඒක මරන්න ඉඩදෙන්නෙත් නෑ කියන පණිවිඩය සතුරු බලවේග වලට කියන්නයි.
මිත්‍රවරුනි අද අපේ ආදරණීය මව්බිම ඉන්නේ දැවැන්ත අභියෝගයක. මව්බිම ගිනිගන්නා විට මේ මව්බිම ගිනි තැබුවේ කවුදැයි සොයමින් එකිනෙකාට ඇඟිලි දිගු කර ගන්නවා මිස මේ ගිනි නිවීමේ මඟ සොයන එක ජාතියේ නායකයින් අමතක කර තියෙනවා.
ඒ නිසාම තමයි එකිනෙකා පිළිබඳ කර්කශ විවේචන මිසක වඩාත් සුදුසු විසඳුම පිළිබඳ සංවාදයක් අපේ සමාජයේ දක්නට ලැබෙන්නේ නැත්තේ. අද අපි එකතු වන්නේ විවේචන ගොන්නට අලුත් විවේචනයක් එකතු කරන්න නෙමෙයි. විසඳුම කුමක්ද කියන හරවත් සංවාදය මේ සමාජය තුළ ඇති කරගන්නයි.
අපේ අර්බුදයට හේතුව සහ පිළිතුර සරලවම මෙන්න
අපේ අර්බුදයට හේතුව හරිම සරලයි. එක පැත්තකින් ආණ්ඩුව තමන්ගේ ආදායම වගේ දෙගුණයක් මුදල් වියදම් කරලා රුපියල් අර්බුදයක් ආණ්ඩුව හදාගෙන තියෙනවා. 2022 වසරේ ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම අඩුම ලොව රටවල් හය අතරට ලංකාව එකතු වුණා. අනික් පැත්තෙන් අපි පිටරටට බඩු විකුණලා ලබන ඩොලර් ආදායම වගේ දෙගුණයක් පිටරටින් බඩු ගේන්න වියදම් කරලා මේ පරතරය පියවා ගන්න ඩොලර් වලින් ණය අරගෙන, ණය ටික ගෙවා ගන්න බැරි උනාම ණය ගෙවන්නත් ණය ගැනීම නිසා අද අපි දැවැන්ත ඩොලර් අර්බුදයක ගෙවුම් ශේෂ අර්බුදයක හිරවෙලා ඉන්නවා. ඉතිං අපි බංකොලොත් වෙන එක අහන්නත් දෙයක්ද?
දැන් රට බංකොලොත් වෙලා අවුරුදු දෙකකට වැඩියි. අපේ මොන නායකයාද අපට කිව්වේ සිරිලක දේ සිරි සැප දේ, ගන්න අපේ දේ කියලා. මොන නායකයද අපට ඇවිල්ල කිව්වේ හදන්න පුළුවන් හැමදේම හදමු. වවන්න පුළුවන් හැමදේම වවමු. අපි මේ ප්‍රශ්නයෙන් ගොඩ යමු කියලා.
අද හැමෝටම ප්‍රශ්නයට උත්තරේ හොයාගන්න බැරි වෙලා තියෙන්නේ හේතුව අඳුරාගන්න බැරි නිසයි. ඔබට හේතුව හොයාගන්න බැරි වුනොතින් දුකින් මිදීමේ මාර්ගය හොයාගන්න බැරුව යනවා.
අද සමහර දේශපාලන බලවේග හිතාගෙන ඉන්නේ දුෂණය තමයි මේ අර්බුදයට හේතුව කියල. ඒ නිසා වසර පනහකට වඩා පරණ හොරු ඇල්ලීමේ සටන් පාඨය මුරගාමින් ඒ අය රාජ්‍ය බලය ඉල්ලනවා. නමුත් දැවැන්ත දුෂණයක් තියෙන අපේ අසල්වැසි රට ඉන්දියාව අද ලෝකයේ දැවැන්තම ආර්ථික වර්ධන වේගයක් ඇති රටවල් අතරටත් එකතු වෙලා. එහෙමනම් අපේ ප්‍රශ්නයට හේතුව දූෂණය නෙමයි නම් මොකක්ද ? මේ ප්‍රශ්නයට හේතුව හඳුනා ගන්නතුරු අපි කාටවත් මේ ප්‍රශ්නයට උත්තර හොයාගන්න බැරිවෙනවා. ඉන්දියාව ගොඩ යන්නේ 1991 දී තමන්ගේ ජාතික ආර්ථිකය ගොඩනගන ආර්ථික ප්‍රතිසංස්කරණ වලට ගිය නිසයි. තමන් ගැන විශ්වාසය තියලා ජාතියක් ලෙස නැගී සිටීම ආරම්භ කළ නිසයි.
මාලිමාව නොකරන දේ මෙන්න
මාලිමාවේ ජනපති අපේක්ෂකයා නම්කර වසරකටත් වැඩියි. තවමත් ඔවුන් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය රටට කියලා නෑ. කියල නෑ නෙවෙයි කියන්නේ නෑ. කියන්නේ නෑ නෙවයි කියන්න බෑ. මොකද ඒක කිව්වට පස්සේ ජනතාව ඒක විවේචනය කරයි කියලා බයයි. එකේ අඩුපාඩු පෙන්නයි කියලා බයයි. තමන් හදන ප්‍රතිපත්ති ප්‍රකාශය වත් විශ්වාස කරන්න ආත්ම විශ්වාසයක් නැති අයට ජාතියක අනාගතය භාර දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය මතුවෙනවා.
අපි අද දස වැදෑරුම් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ජාතිය හමුවේ තැබුවා. ප්‍රතිපත්ති ප්‍රකාශනය මත පදනම් වෙලා මාසයක් ඇතුළත අපේ උපායමාර්ගික වැඩසටහන රටේ ජනතාව හමුවට ගේනවා. අපි ලෑස්ති වැඩසටහන පිළිබඳව ජනතාව සමග සංවාද කරන්න. අනිකුත් බලවේග වගේ අපේ අදහසක් නෑ ජනාධිපතිවරණයට සති දෙක තුනක් තියලා ප්‍ර්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරලා ජනතාවට අඩුවෙන්ම බලන්න සලස්වලා විවේචන වලින් පැනලා දුවන්න. අපි ලෑස්ති ජනතාව එක්ක සංවාද කරන්න. අපේ අඩුපාඩු හඳුනාගන්න. ඒ වැඩපිළිවෙල මහපොළොවේ ක්‍රියාත්මක කරද්දී නිරන්තර ජනතා සංවාදයක යෙදෙන්න.
අඳුරට සාප කරමින් සිටියා ඇති. දැන් පහන් දල්වන්න පටන් ගමු. අපි විවේචනය කරමින් සිටියා ඇති. විසඳුම් ගැන සංවාදය ආරම්භ කරමු.
ආර්ථික සංවර්ධනයක් ළඟා කරගත් පමණින් ජනතාව සංතෘප්තියට පත්වෙන්නේ නෑ. ධනවත් ඇමරිකාව ලෝකයේ මිනීමැරුම් වලින් අංක එක. ධනවත් ඇමෙරිකාව මත්ද්‍රව්‍ය භාවිතයෙනුත් අංක එක. ඒ නිසා තමයි ආර්ථික සංවර්ධනයත් සමග තුලනාත්මකව ඉදිරියට යන මානසික සහ අධ්‍යාත්මික සංවර්ධනය තුළින් සතුටු දැයක් ජාතියට තිළිණ කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ.
අන්න ඒ සතුටු දැය ගොඩනගන්න අප සමග එකතු වෙන්න කියලා සමස්ත ජාතියටම ආරාධනා කරමින් අපි හැමෝම අනාගතයේ එක දවසක එකට සිනාසෙමු. ඒක වෙන කවුරුවත් කරල දෙන්නෙ නෑ. කළ යුත්තේ කළ හැක්කේත් අපිට පමණයි. ඒ ගමන යන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔබ සැමට ආරාධනා කරනවා.
“එක්ව නංවන රටක් – සතුට පිරුණු දැයක්” සර්වජන අදිටන් සම්මුතිය, යන නමින් හඳුන්වා ඇති දස වැදෑරුම් ප්‍රතිපත්තිමය සම්මුතියකට මව්බිම ජනතා පක්ෂය වෙනුවෙන් එහි නායක, ව්‍යවසායක දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමය වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් එහි නියෝජ්‍ය ලේකම් පී. ජී. ඩී. වී. තිලකසිරි (පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා වෙනුවට) ‘යුතුකම’ ජාතික සංවිධානය වෙනුවෙන් එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන යන මහත්වරු මෙහිදි අත්සන් තැබූහ.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
