News Category
From Date
To Date
Maximum Number of Result

මන්ත්‍රීවරු 193ක් හමු වුනා... ඉන් 53ක් සමග සමීපව සාකච්ඡා කළා - දිලිත් ජයවීර කියයි

May 28, 2024 at 07:06 AM
|

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර ඇතුළු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එකාබද්ධව විවේචන, විසඳුම් සහ පොරොන්දු වෙනුවට උපායමාර්ගික වැඩපිළිවෙලක් යන තේමාව යටතේ “සර්ව ජන බලය” නමින් නව දේශපාලන සන්ධානයක් (27) ආරම්භ කෙරිණි.

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී විරසීංහ, යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය මෙලෙස ගිවිසුම්ගත වුණි.

ඒ අනුව එම නව දේශපාලන සන්ධානය පිහිටුවීමේ ලිඛිත ගිවිසුමට අත්සන් තැබීම  කොළඹ මූවන්පික් හෝටලයේදී (27) පෙරවරුවේ සිදු කෙරිණි.

එහිදී “එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්” තේමා කර ගනිමින් දසවැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක්ද එළිදක්වනු ලැබීය.

මෙම ගිවිසුම් ගත වීමෙන් පසු දේශපාලන නායකයින් සිදු කළ කතා පහත දැක්වේ

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර

“දේශපාලකයාට වන්දනාමාන කළ මිනිස්සු මතක තියාගන්න ඕන එක කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ඔක්කොම ඉන්නේ තමන්ගේ බඩ වඩා ගන්න වැඩපිළිවෙලක. එම නිසා ඔබගේ පෞද්ගලික පටු අභිලාෂයන් පැත්තක තබා අප සමග එකතු වෙන්න” යැයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජයවීර මහතා මෙසේ පැවසීය

“මව්බිම ජනතා පක්ෂය පසුගිය කාලයක් තිස්සේ දැඩි ලෙස උත්සහ කළා ජාතිකවාදී කදවුර එක්තැන් කර ගන්න. අපි වසර 30කට ආසන්න කාලයක් උත්සහ කළා  ලංකාවේ ජාතිකත්වය අපේ ජාතිකවාදී කදවුර දැක ගැනීමට. මම හැමවිටම නියෝජනය කළ කදවුර අද තීරණාත්මක ලෙස එකතු වී තිබෙනවා. මෙහි ප්‍රධාන මහා පොදු සාධකය ජාතිකත්වය සහ මනුස්සකම. ඒ වගේම සත්භාවය. ප්‍රධාන ධාරාව වන ජාතිකත්ව ධාරාව අපේ රටේ ජීවනාලිය. එය රැක ගැනීම සදහායි අපි හැමදාම උත්සහ කළේ. ඒ සදහා මම දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 193කු හමු වෙලා තියෙනවා. මම ඉන් 53කු සමග සමීපව සාකච්ඡා කළා. තව මිතුරන් අප සමග එකතු වෙයි. නමුත් විවිධ හේතුන් නිසා ඔවුන් අද මෙතන නොහිටියත් ඔවුන් සියළුදෙනාගෙන්ම ප්‍රකට වුන එක කාරණයක් තියෙනවා. මේ රටේ ජනතාව දැන ගන්න ඕන. ඔබේ මළ ගෙදරට ආපු, විවාහ උත්සවයට ආපු ඒ දේශපාලකයා කොළඹදී නැහැ. ඒ දේශපාලකයා ඔබ නියෝජනය කරන දේශපාලකයා නෙවේ. ඔබ ගමේ ඉපදුන මිනිහා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉතාම පටු වරප්‍රසාද වෙනුවෙන් මේ ජාතිය පාවා දෙන පනත්වලට අත උස්සනවා. අපිට හරි කණගාටුයි. හැටනව ලක්ෂයක් ජනතාව විශ්වාස කළා තුනෙන් දෙකක් බලය දෙනකොට ඔවුන් නියෝජනය කරන පාර්ලිමේන්තුව තුළ පිරිසක් ඇති වෙයි කියලා. අද අපි ඉතාම ලැජ්ජා සහගත තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසාම  ලංකාවේ ජනතාව මේ දේශපාලනය ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා.කාලයක් තිස්සේ මේ දේශපාලකයාට වන්දනාමාන කළ මිනිස්සු මතක තියාගන්න ඕන එක කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ඔක්කොම ඉන්නේ තමන්ගේ බඩ වඩා ගන්න වැඩපිළිවෙලක. එහෙම නැත්තම් කොහොමද අපි නියෝජනය කරමින් අද මේ වෙන වෙන තැන්වල රිංගන්නේ කොහොමද. චන්න කිව්වා වගේ සිග් සැග් ක්‍රමයට. අද මෙතන. හෙට අතන. අනිද්දා ආයේ මෙතන. ඒ නිසා රට වෙනුවෙන්, ඔබ වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් දේශපාලනය ඉතුරු වෙලා තියෙන තැන තමයි සර්වජන බලය. ඒ නිසා අපිට අපේ රට නැති වෙන්නට යන මේ තීරණාත්මක මොහොතේදී ඔබ සියලු දෙනා එකතු වෙන්නට ඕන. ඔබගේ පෞද්ගලික පටු අභිලාෂයන් පැත්තක තියලා එකට යන්න පුළුවන් ගමනක් නිර්මාණය කරගෙන යමු. ඒ සදහා අපි සමග එකතු වෙන්න.” යැයිද හෙතෙම කිවේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

අද ලෝකයේ ප්‍රධාන රටවල දේශපාලන දහම තමයි නව ලිබරල්වාදය. නව ලිබරල්වාදය කියලා කියන්නේ රාජ්‍ය අතුරුදහන් කරනවා. රාජ්‍ය භූමිකාව අහිමි කරන්න ඕන. ඒ වගේම සාමුහිකත්වය බිද දමන්න ඕන. ඕක තමයි නව ලිබරල්වාද දර්ශනය. නවසීලන්තය ගත්තොත් පාසලකට දරුවෙක් ඇතුලත් කිරීම සදහා අයදුම් පතක් පිරවීමේදී මව සහ පියා අහන්නේ නැහැ. ජේ. ආර් කිවේ “මට ගැහැණියක් පිරිමියෙක් කරන්න බැහැ පිරිමියෙක් ගැහැණියක් කරන්න බැහැ” කියලා විතරයි. දැන් රනිල් වික්‍රමසිංහ ඒකාධිපති පනතක් ගේනවා සමලිංගිකත්වය බලගන්වන පනතක්. එතකොට ජේ. ආර්ට කරන්න බැරි වුන දේ රනිල් වික්‍රමසිංහ කරන්න හදනවා. එතකොට ගැහැණියකට පිරිමියෙක් වෙන්නත් පුළුවන්, පිරිමියෙකුට ගැහැණියක් වෙන්නත් පුළුවන්. දැන් මේ නව ලිබරල්වාදී න්‍යාය පත්‍රය තමයි අද විවිධ ස්වරූපයෙන් අපේ හිස පල්ලේ ක්‍රියාත්මක වෙන්නේ. එකේ ආකාර දෙකක් තියෙනවා. දක්ෂිනාංශ ලිබරල්වාදය සහ වාම ලිබරල්වාදය. මේ කදවුරු දෙක තමයි අද  ලංකාවේ දේශපලනයේ පිටින් තියෙන්නේ. දක්ෂිනාංශ ලිබරල්වාදයේ අද ඉන්න ප්‍රධාන නියෝජිතයා රනිල් වික්‍රමසිංහ. දක්ෂිනාංශ ලිබරල්වාදය කියනවා ගේනවා ප්‍රතිසංධානය සදහා පනතක් අපේ ආරක්ෂක හමුදාවට දඩුවම් කරන්න. වාමාංශික ලිබරල්වාදය ඒ ගැන වචනයක්වත් නොකියා අහක බලාගෙන ඉන්නවා. දක්ෂිනාංශ ලිබරල්වාදය කියනවා 13 සම්පුර්ණ වශයෙන් බල ගන්වනවා කියලා. වාමාංශික ලිබරල්වාදයේ මහාචාර්ය හරිනි මන්ත්‍රීවරිය කියනවා ඒ සදහා සම්පුර්ණ සහය ලබා දෙනවා කියලා. ඒ වගේම ලාල් කාන්ත කියනවා නීති හැදීමේ බලය සහ නීති ක්‍රියාත්මක කිරීමේ බලය ජනපතිට නැහැ කියලා. ඒ කියන්නේ දක්ෂිනාංශ ලිබරල්වාදයටත් එහාට ගිහිල්ලා. ඊළගට ලිංගික සමානාත්මතාව ඇති කිරීම සදහා වූ පනත. එය කෙටුම්පත් කරමින් සිටිනවා. වාමාංශික ලිබරල්වාදය සද්ද නොකර ඉන්නවා. වාමාංශික ලිබරල්වාදය කියනවා සමන්මලී මැතිනිය කියනවා ගණිකා වුර්තිය නීතිගත කරන්න ඕන කියලා. ඒකට ටිල්වින් සිල්වා කියනවා නැහැ නැහැ අපි එහෙම ප්‍රතිපත්තියක නැහැ කියලා. ඔහු තාම සංක්‍රාන්ති කාලයේ ඉන්නේ. ආයේ හරිනි කියනවා නැහැ නැහැ අපි නීතිගත කරන්නේ නැහැ ඒ සදහා වූ බාධාවන් නීති කිහිපයක් අයින් කරනවලු. ඒ වගේම දක්ෂිනාංශ ලිබරල්වාදය බොරුවට හරි බුදුදහමට ගරු කරනවා. හැබැයි වාමාංශික ලිබරල්වාදය ඒ ගැන මුකුත් නොකියා සද්ද නැතුව ඉන්නවා. දක්ෂිනාංශ ලිබරල්වාදය බොරුවට හරි දළදා මාලිගය වනදනාමාන කරනවා මල් වට්ටියක් අරගෙන ගිහින්. වාමාංශික ලිබරල්වාදය දළදා මාලිගය පැත්ත පළාතේ නොගිහින් ඉන්නවා. ඒක දැක්කාම නයාට අදුකොල වගේ. දැන් බෞද්ධ සංස්කෘතියට දක්ෂිනාංශ ලිබරල්වාදය එළිපිට පහර දෙන්නේ නැහැ. ඒ වගේම වාමාංශික භික්ෂුවක් කියනවා ගණිකා වුර්තිය නීතිගත කරන්න ඕන. බුදු හාමුදුරුවොත් ගණිකාවන් ඇසුරු කළා කියලා. නිවැරදි ලිංගිකත්වය හොදම මර්ගයලු. බුද්ධ වන්දනාව එපා. බෞද්ධ සංස්කෘතියට ගහනවා බෞද්ධ දර්ශනය රකිනවා කියමින්. බෞද්ධ සංස්කෘතිය නැතුව දර්ශනය තෝරා ගන්න හම්බ වෙන්නේ නැහැ කාටවත්. ඒ නිසා මේ දෙක නිවුන් සහෝදරයෝ වගේ. බොරු විරෝධයක් එළිපිට පෙන්නුවාට ඇතුලෙන් තියෙන්නේ අන්තර්කාලින සමගියක්. තව එකක් තියෙනවා. දක්ෂිණාංශික ජාතිකවාදය. ඒක නියෝජනය කරන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ ගොල්ලෝ දක්ෂිණාංශික ලිබරල්වාදයේ ප්‍රධානතම පෙරගමන්කරුවා වුන රනිල්ට අත උස්සන හින දේශපාලන දාසයන් බවට පත් වෙලා තියෙනවා. ඔවුන් රනිල් ගේන ඕන පනතකට අත උස්සන කුලීකරුවන් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මෙම ලිබරල්වාද දෙකටම විරුද්ධව ඇත්ත ජාතිකවාදී දේශපාලන ගමනක් යාම සදහා සර්ව ජන බලය සමග එකතු වෙන්න.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල

සමහරු බලාගෙන හිටියේ මෙවර මැතිවරණයෙන් ජාතික ව්‍යාපාරය වල දාලා මල බත කන්න. ජාතික ව්‍යාපාරය මරන්නත් බැහැ, මැරෙන්නෙත් නැහැ. අපි සැම එකතුවෙලා ඒක මරන්න දෙන්නෙත් නැහැ. මව්බිම ගිනිගන්නා විට මේ මව්බිම ගිනි තැබුවේ කවුදැයි සොයමින් එකිනෙකාට ඇගිලි දිගු කරනවා මිස මේ ගින්න නිවන්න උත්සහ කරන්නේ නැහැ. අද අපි එකතු වෙන්නේ ඒ විවේචන ගොන්නට අලුත් විවේචනයක් එකතු කරන්න නෙවේ. විසදුම කුමක්ද කියන හරවත් සංවාදය මේ සමාජය තුල ඇති කර ගැනීමටයි. අපේ අර්බුදයට හේතුව හරි සරලයි. එක පැත්තකින් ආණ්ඩුව තමන්ගේ ආදායම වගේ දෙගුණයක් මුදල් වියදම් කරනවා. 2022 වසරේ ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම අඩුම රටවල් හය අතරට ලංකාව එකතු වුනා. දැන් ණය ගෙවන්නත් ණය ගන්න නිසා අද අපි දැවැන්ත ඩොලර් අර්බුදයක හිරවෙලා ඉන්නවා. ඉතින් අපි බංකොලොත් වීම අහන්නත් දෙයක්ද. රට බංකොලොත් වෙලා වසර දෙකකට වැඩියි. අපේ මොන නායකයාද ඇවිත් කිවේ සිරි ලක දේ සිරි සැප දේ අපේ දේ කියලා. අපේ මොන නායකයාද ඇවිත් කිවේ හදන්න පුළුවන් හැමදේම අපි හදමු වවන්න පුළුවන් හැමදේම වවමු අපි මේ ප්‍රශ්නයෙන් ගොඩ යමු කියලා. අද හැමෝමටම ප්‍රශ්නයට උත්තරය හොයා ගන්න බැරි වෙලා තියෙන්නේ හේතුව අදුර ගන්න බැරි වුන නිසයි. දුකට හේතුව හොයා ගන්න බැරි වුනොත් දුකින් මිදීමේ මාර්ගය කාටවත් පාදගන්න බැරි වෙනවා. අද සමහර දේශපාලන බලවේග හිතාගෙන ඉන්නේ දුෂණය තමයි මේ අර්බුදයට හේතුව කියලා. දැවැන්ත දුෂණයක් ඇති අසල්වාසී ඉන්දියාව අද ලෝකයේ දැවැන්තම ආර්ථික වර්ධනයක් වාර්තා කරන රටවල් අතරට එකතු වෙලා. එහෙම නම් අපේ ප්‍රශ්නය දුෂණය නොවේ නම් මොකද්ද ප්‍රශ්නයට හේතුව කියන එක හොයා ගන්න තුරු කාටවත් මේ ප්‍රශ්නයට උත්තර හොයන්න වෙන්නේ නැහැ. අද මාලිමාවේ ජනාධිපති අපේකෂකයා නම් කරලා වසරකට වැඩියි. තවමත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය රටට කියලා නැහැ. කියන්නේ නැහැ. කියන්න බැහැ. කිව්වට පස්සේ ජනතාව විවේචනය කරයි කියලා බයයි. තමන් හදන ප්‍රතිපත්ති ප්‍රකාශය විශ්වාස කරන්න ආත්ම විශ්වාසයක් නැති අයට ජාතියේ අනාගතය බාර දෙන්නේ කොහොමද. අපි දසවැදෑරුම් ප්‍රතිපත්ති ප්‍රකාශයක් එලි දැක්වුවා. මෙය මත පදනම් වෙලා මාසයක් ඇතුළත අපේ උපායමාර්ගික වැඩපිළිවෙල ජනතාව ඉදිරියේ තබනවා. අනිත් බලවේග වගේ අපේ අදහසක් නැහැ ජනාධිපතිවරණයට සති දෙකක් තුනක් තියලා ප්‍රත්පත්ති ප්‍රකාශය ඉදිරිපත් කරලා ජනතාවට අඩුවෙන් බලන්න සලස්වලා විවේචනවලින් පැනලා දුවන්න. අපිට වැරදුනා, හැබැයි අදුරට සාප කරමින් හිටියා ඇති. අපි දැන් පහන් දල්වන්න පටන් ගමු. අපි විවේචන කරමින් හිටියා ඇති. ධනවත් ඇමරිකාව තමයි ලෝකයේ මිනීමැරුම්වලින් අංක එක. ධනවත් ඇමරිකාව තමයි මත්ද්‍රව්‍ය භාවිතයෙන් අංක එක. ඒ නිසා තමයි අපි ජාතියට පොරොන්දු වෙන්නේ ආර්ථික සංවර්ධනයත් සමග තුලනාත්මකව ඉදිරියට යාම සදහා අප සමග එකතු වෙන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන

අපේ ජාතියට කවදාවත් නායකයින් නැති වුනේ නැහැ. නායකයින් හිටියා. හැබැයි දැන් ඊලග නායකයා කවුද කියන එක තමයි ජාතිය හමුවේ ඇති අභියෝගය. ඒ සදහා තමයි අපි මේ සර්වජන බලය ආරම්භ කළේ. ජාතික කදවුරු දෙක තුනක් තියෙන්න බැහැ. එකයි තියෙන්නේ. අද මේ ඉන්න නායකයින් දිහා බලලා කලපනා කරලා බලන්න අඩුම ගානේ වසර 20ක් ඔවුන් තමන්ගේ කදවුර වෙනස් කරන්නේ නැතුව එක දිගට කදවුර වෙනුවෙන් පෙනී සිටි මිනිස්සු. අනිත් අය සිග් සැග් ක්‍රමයට එහෙට මෙහෙට ගිය අය. බදියුර්දින් ඡන්ද ලක්ෂයක් තියාගෙන කේවල් කරනවා. තොන්ඩමන් මැතිතුමා ඡන්ද ලක්ෂ දෙකක් තියාගෙන කේවල් කරනවා. දිගම්බරම්ට ලක්ෂ 3ක් තියෙනවා. මේ රටේ ජාතික ව්‍යාපාරයට ලක්ෂ කියක් තියේද. අපි ඒ තරම් දුර්වල නැහැ. අපි නැගිටිනවා අළු ගසා දාලා. ඒකාන්ත වශයෙන්ම මේ රටේ ඊලග ජනාධිපති බිහි කරන්නෙත්, අගමැති බිහි කරන්නෙත් අපට ඕන කෙනයි. අපේකම සමග කාටවත් සෙල්ලම් කරන්න දෙන්න බැහැ. අපේ මිතුරන් සතුරන් කවුද කියලා අපි හොදට දන්නවා. සැලකිය යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඉදිරි සති කිහිපයේදී අප සමග එකතු වෙනවා. සර්වජන බලය සර්වජන වශියක්ම වේවා යැයි මම ප්‍රර්ථනා කරනවා.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්
ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.
වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.