News Category
From Date
To Date
Maximum Number of Result

'රෙමාල්' චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි... 44,000ක් පීඩාවට... මරණ 10ක් වාර්තා වෙයි.... වැඩිම විපත් ගම්පහට

May 27, 2024 at 07:22 AM
|

අධික වැසි හා අධික සුළං තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 19කට අයත් පවුල් එකොළොස් දහස් හත්සිය හැටපහකට (11,765) අයත් පුද්ගලයන් හතළිස්හතර දහස් තුන්සිය අනූඅට දෙනකු (44,398) පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එසේම ආපදා හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 10ක් ද වාර්තාවන බව ද එම මධ්‍යස්ථානය කියයි.

එම මාරණ රත්නපුර, ගාල්ල, පුත්තලම, බදුල්ල, නුවරඑළිය, හපුතලේ යන ප්‍රදේශවලින් වාර්තා වන බවද එම මධ්‍යස්ථානය කියයි. ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් 20 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ද එම මධ්‍යස්ථානය කියයි.

ආපදා තත්ත්වයන් හේතුවෙන් පූර්ණ ලෙස හානියට පත් වූ නිවාස ගණන 11කි. එසේම අර්ධ ලෙස හානියට පත්වූ නිවාස ගණන 3140කි. එසේම මෙම ආපදා තත්ත්වයන් හේතුවෙන් පවුල් 122කට අයත් පුද්ගලයන් 464 දෙනකු ඥාති නිවාසවල රැඳී සිටිති.

එමෙන්ම, පවුල් 14කට අයත් පුද්ගලයන් 533 දෙනකු ආරක්ෂිත ස්ථාන 7ක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

පවතින අධික වැසි තත්ත්වය හමුවේ වැඩිම පිරිසක් මේ වනවිට විපතට පත්ව සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවත්, පවුල් 5663කට අයත් පුද්ගලයන් 22,634ක් දෙනකු අයත් බවත් එම මධ්‍යස්ථානය පවසයි.

පවතින අධික වැසි හා අධික සුළං තත්ත්වය හමුවේ රත්නපුර, කොළඹ, කෑගල්ල, අනුරාධපුර, මහනුවර, ගාල්ල, කළුතර, යාපනය, පුත්තලම, ගම්පහ, හම්බන්තොට, බදුල්ල, මාතර, කුරුණෑගල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, නුවරඑළිය, මුලතිව් යන දිස්ත්‍රික්කවල ජනතාව මේ වනවිට පීඩාවට පත්ව සිටිති.

එසේම නායයෑමේ අවදානම සහිත දිස්ත්‍රික්ක 7ක් සඳහා අද (27දා) පස්වරු 4.00 දක්වා ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය හා රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාවට එම අනතුරු ඇඟවීම කර ඇතැයි එම මධ්‍යස්ථානය කියයි.

එම දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානම සහිත ප්‍රදේශ ආශ්‍රිතව වාසය කරන ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි එම මධ්‍යස්ථානය ඉල්ලා සිටියි. 

කොළඹ – නුවර ප්‍රධාන මර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයට ඉහළින් ඇති අවදානම් සහිත විශාල ගල් කීපයක් ඉදිරි දින කීපයේදී ඉවත් කිරීමට නියමිතය.

එම නිසා මෙම මාර්ගය භාවිතා කරන රියැදුරන් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි. රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසුවේ එම ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමෙන් පසුවය.

මේ අතර, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ විදුලි කණු කඩා වැටීමෙන් හා විදුලි රැහැන්මතට ගස් කඩාවැටීමෙන් ගතවූ දින 5 තුළ විදුලිය ඇනහිටීම හේතුවෙන් ලක්ෂ 4කට අධික පිරිසක් අපහසුතාවයට පත්ව ඇතැයි ද වාර්තාවේ.

එසේම අධික සුළං හා වැසි තත්ත්වය හමුවේ 20දා සිට මේ දක්වා කොළඹ මහ නගර සභා බලප්‍රදේශ තුළ ගස් කඩාවැටීම් 59ක් වාර්තා වන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසයි.

නැඟෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝදුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

‘රෙමාල්‘ ලෙස ද නම් කර ඇති මෙම සුළි කුණාටුව හේතුවෙන් ගිනිකොන දිග අරාබි මුහුදු ප්‍රදේශවල, සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. 

මේ අතර බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, උතුරු පළාත්වලට අද (27දා) දිනයපුරා කඩින් කඩ වැසි ඇතිවන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතාසඳහන් කරයි. එසේම සවස් කාලයේ අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්කවලටත්, ඌව පළාතටත් වැසි ඇතිවන බවද හෙතෙම කීය.

අද සබරගමුව පළාතට හා නුවරඑළිය දිස්ත්‍රික්කයට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවද හෙතෙම කියා සිටියේය. මේ අතර, කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන මාර්ග කීපයක් පෙරේදා (25දා) රාත්‍රී වසා තැබීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.


සම්බන්ධිත පුවත් | Related News

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්
ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.
වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.