
ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලදී ගැනීම ගැන නිශ්ශංක සේනාධිපති කියන්නේ අමූලික බොරු - නිශ්ශංක සේනාධිපතිට, චන්න ජයසුමනගෙන් දැඩි පිළිතුරක්
චමුදිත සමරවික්‍රම මහතා, නිශ්ශංක සේනාධිපති මහතා සමග පවත්වන සාකච්ජාවක දී නිශ්ශංක සේනාධිපති මහතා පවසා ඇත්තේ කොවිඩ් වසංගත සමයේ ඇස්ට්‍රාසෙනිකා එන්නත එක් මාත්‍රාවක් ලබා දී ඉතිරි මාත්‍රාව ලබා ගැනීමට නොහැකිව තිබු බවත්, නොමිලේ එම එන්නත ලබා දීමට ඔහු ඉදිරිපත් වූවත් එවකට රජය ඒවා ලබා නොගත් බවත් ය.
එසේ නොමිලේ දුන් දේ ලබා නොගෙන කොමිස් ගැනීමේ අරමුණෙන් ඩොලර් 30 ට ඒවා පසුව මිලදී ගත් බවත් ඔහු සඳහන් කර තිබිණි.
එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ ඔහු විසින් කළ එම ප්‍රකාශය අමූලික බොරුවක් බවය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සඳහන් කරන චන්න ජයසුමන මහතා,
"චමුදිත සමරවික්‍රම, නිශ්ශංක සේනාධිපති සමග පවත්වන සාකච්ජාවක වීඩියෝ පටයක් කිහිප දෙනකු මටද යොමු කර තිබිණි. එහි මගේ නමද සදහන් වන බැවින් පහත පැහැදිලි කිරීම සිදු කරමි.
සේනාධිපති මහතා පවසන්නේ කොවිඩ් වසංගත සමයේ ඇස්ට්‍රාසෙනිකා එන්නත එක් මාත්‍රාවක් ලබා දී ඉතිරි මාත්‍රාව ලබා ගැනීමට නොහැකිව තිබු කාල වකවානුවේ නොමිලේ එම එන්නත ලබා දීමට ඔහු ඉදිරිපත් වූ බවත්, එවකට රජය ඒවා ලබා නොගත් බවත් එසේ නොමිලේ දුන් දේ ලබා නොගෙන කොමිස් ගැනීමේ අරමුණෙන් ඩොලර් 30 ට ඒවා පසුව මිලදී ගත් බවත්ය.
මෙය අමුලික බොරුවකි.
සේනාධිපති මහතා සැබවින්ම එම එන්නත නොමිලේ ලබා දීමට ඉදිරිපත් විය. ඒ නිකම්ම නොවේ. ඔහුම පවසන පරිදි ගනුදෙනුවක කොටසක් ලෙසයි. ඒ අනුව ඔහු විදේශ රටක සමාගමක් (තෙවැන් පාර්ශවයක්) ඔස්සේ ඇස්ට්‍රා සෙනිකා එන්නත් ලක්ෂ 10 ක් ලබා ගෙන ඉන් ලක්ෂ 7.5 ක් රජයට ලබා දෙයි. ඉතිරිය ඔහුගේ ව්‍යාපාරික කටයුත්තටය. සේනාධිපතිගේ ව්‍යාපාරික යෝජනාව වූයේ නැව්වල ගමන් ගන්නා නාවිකයන්ට කොවිඩ් එන්නත ලබාදීමයි. එම එන්නත ලබාදෙන මුහුදු සීමාව අයත් රට ඒ සඳහා වගකීම බාරගත යුතුය. එන්නත ලබාගත යුත්තේ සහ ලබාදිය යුත්තේ අදාල රටේ නීති රීති වලට එකඟවයි.
සේනාධිපති මහතා හැරෙන්නට තවත් පාර්ශව 14 ක් ඇස්ට්‍රා සෙනිකා එන්නත් ලබා දීමට මෙවැනි යෝජනා ඉදිරිපත් කළේය. අනෙක් අයගේ යෝජනාවල සදහන් වුයේ විවිධ රටවල තෙවැනි පාර්ශව ඔස්සේ ඇස්ට්‍රා සෙනිකා එන්නත් ලබා දිය හැකි බවයි. ඒ උදෙසා මිල ගණන්ද ඉදිරිපත් කර තිබිණි. මෙසේ එන්නත් ලබාදීමට ඉදිරිපත් වූ බොහෝ පාර්ශ්ව එම එන්නත් ලබා දෙනවා යැයි පැවසුවේ ඩුබායි හෝ නැගෙනහිර යුරෝපයේ සමාගම් හරහාය.
අප මේ සම්බන්ධයෙන් ඇස්ට්‍රාසෙනිකා මව් සමාගමෙන් විමසීමක් කළෙමු. ඔවුන් ප්‍රකාශ කළේ තුන්වෙනි පාර්ශවයක් හරහා ලබා ලබාගන්නා එන්නත්වලට කිසිදු වගකීමක් ලබාදිය නොහැකි බවයි. එපමණක් නොව එවැනි තෙවැනි පාර්ශවවලින් එන්නත් ලබා ගතහොත් මව් සමාගමෙන් එන්නත් ලබාදීම ගැන යළි සලකා බැලීමට සිදුවන බවද අපට දැනුම් දෙන ලදි.
මේ යෝජනා ගැන තීරණයක් ගැනීමට අපි ජනාධිපතිතුමන් සමග විශේෂ සාකච්ජාවක් පැවැත්වීමු.
ජනාධිපතිතුමන්ගේ අදහස වූයේ රටේ ජනතාව උගසට තබන කිසිදු ව්‍යාපාරික කටයුත්තකට ඉඩ නොදිය යුතු බවයි.
ඒ වන විටත් විවිධ ආයතන ව්‍යාජ එන්නත් ලොව පුරා බෙදා හැර ඇති බව තොරතුරු ලැබෙමින් පැවතිණි. මේ නිසා ශ්‍රී ලංකාවට කවර හෝ කොවිඩ් එන්නත් ලබාගත යුත්තේ මව් සමාගමින් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩ පිළිවෙළ හරහා පමණක් බවට ජනාධිපතිවරයා ද ඇතුළුව අපි තීරණය කළෙමු.
එදා අප ගත් නිවැරදි තීරණය නිසා කිසිදු ව්‍යාජ කොවිඩ් එන්නතක් අපේ රටේ ජනතාවට ලබා නොදුන් බවට සහතිකය අදට ද ලබා දිය හැකිය.
සේනාධිපතිගේ තුප්පහි ප්‍රකාශය එන්නේ ඊට පසුවයි. සේනාධිපති පවසන්නේ ඔහු නොමිලේ ලබාදීමට සූදානම් වූ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා නොගෙන අප පසුව ඩොලර් 30කට එම එන්නත් ලබාගත් බවයි. ඉන් කොමිස් ලබාගත් බවයි.
මේ අමූලික බොරුවකි.
අපට අවශ්‍ය වූ දෙවන මාත්‍රා ප්‍රමාණය ලබා දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙල හරහා ජපාන රජයේ පරිත්‍යාගයක් ලෙසයි.
කිසිදු අවස්ථාවක දෙවැනි මාත්‍රාව ලබාදීමට ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලදී ගැනීමක් සිදු කළේ නැත. දෙවැනි මාත්‍රාව ලබාදුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශය කළ කාලය තුළයි. දෙවැනි මාත්‍රාව ලබාදීම ප්‍රමාද වීම හේතුවෙන් මියගිය කෙනෙක් ගැන ද අපගේ දැනුවත්වීමක් නැත."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
