අයි.එස්. ත්‍රස්තයන්ගේ මෙරට හවුල්කරුවන් සොයයි
ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික අයි.එස් සාමාජිකයන්ගේ දැඩි අන්තවාදී ආගමික මතවාදය සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් හේතුවෙන් මෙරට තුළ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙම පිරිස සමඟ ගනුදෙනු කළ අය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු අනාවරණය වන තෙක් මෙලෙස ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර ඇත.
දැනට එම සැකකරුවන් ඇසුරු කළ පුද්ගලයන් සහ ඔවුන්ගේ මතවාද පරීක්ෂණයට ලක් කරමින් සිටින බව ද සඳහන් වේ.
මේ අතර, පසුගියදා ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තවාදීන් සිව්දෙනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලට අදාළව ඔවුන් සමඟ සබඳතා පැවැත්වූ සැකකටයුතු පුද්ගලයෙකු සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.
ඒ අනුව සැකකරුගේ රූපරාමු කිහිපයක් සහ ඡායාරූපයක් ද පොලීසිය ඊයේ (25) මාධ්‍යයට නිකුත් කළේය.
මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ ද පසුගියදා ඉන්දියාවේදී අත්අඩංගුවට ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයින් සිව්දෙනාගේ නම් ඇතුළත් බවද සඳහන්ය.
එම සිව්දෙනා අන්තවාදීන් සමග සමීප සබඳතා පවත්වා ඇති හෙයින් ඔවුන්ව පුනුරුත්ථාපනය සඳහා යොමුකරන ලෙස එමගින් නිර්දේශ කර තිබුණි.
එමෙන්ම මේ වනවිට ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය භාරයේ රඳවා ප්‍රශ්න කරන ත්‍රස්තයින්ගේ සහ ISIS සංවිධානයේ අනුගාමිකයින් මෙරට තුළ සිටින්නේදැයි තහවුරු කරගැනීමට විමර්ශන ක්‍රියාත්මකය.
කෙසේවෙතත්, පාස්කු කොමිසමේ වාර්තාවෙන් අවධානය යොමුකළ යුතු නාමලේඛනයක් ඉදිරිපත් කර තිබුණත් එම පිරිස සම්බන්ධයෙන් ආරක්ෂක අංශ අවධානයෙන් නොසිටි බවට ආරක්ෂක අංශ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්