
අයි.එස්. ත්‍රස්තයන්ගේ මෙරට හවුල්කරුවන් සොයයි
ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික අයි.එස් සාමාජිකයන්ගේ දැඩි අන්තවාදී ආගමික මතවාදය සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් හේතුවෙන් මෙරට තුළ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙම පිරිස සමඟ ගනුදෙනු කළ අය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු අනාවරණය වන තෙක් මෙලෙස ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර ඇත.
දැනට එම සැකකරුවන් ඇසුරු කළ පුද්ගලයන් සහ ඔවුන්ගේ මතවාද පරීක්ෂණයට ලක් කරමින් සිටින බව ද සඳහන් වේ.
මේ අතර, පසුගියදා ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තවාදීන් සිව්දෙනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලට අදාළව ඔවුන් සමඟ සබඳතා පැවැත්වූ සැකකටයුතු පුද්ගලයෙකු සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.
ඒ අනුව සැකකරුගේ රූපරාමු කිහිපයක් සහ ඡායාරූපයක් ද පොලීසිය ඊයේ (25) මාධ්‍යයට නිකුත් කළේය.
මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ ද පසුගියදා ඉන්දියාවේදී අත්අඩංගුවට ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයින් සිව්දෙනාගේ නම් ඇතුළත් බවද සඳහන්ය.
එම සිව්දෙනා අන්තවාදීන් සමග සමීප සබඳතා පවත්වා ඇති හෙයින් ඔවුන්ව පුනුරුත්ථාපනය සඳහා යොමුකරන ලෙස එමගින් නිර්දේශ කර තිබුණි.
එමෙන්ම මේ වනවිට ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය භාරයේ රඳවා ප්‍රශ්න කරන ත්‍රස්තයින්ගේ සහ ISIS සංවිධානයේ අනුගාමිකයින් මෙරට තුළ සිටින්නේදැයි තහවුරු කරගැනීමට විමර්ශන ක්‍රියාත්මකය.
කෙසේවෙතත්, පාස්කු කොමිසමේ වාර්තාවෙන් අවධානය යොමුකළ යුතු නාමලේඛනයක් ඉදිරිපත් කර තිබුණත් එම පිරිස සම්බන්ධයෙන් ආරක්ෂක අංශ අවධානයෙන් නොසිටි බවට ආරක්ෂක අංශ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
