ගාසා තීරයේ රෆා වෙත ප්‍රහාර එල්ල කිරීම වහා නවත්වන ලෙස ලෝක අධිකරණය ඊශ්‍රායලයට නියෝග කරයි
ඊශ්‍රායලයට ජන සංහාරයක් සිදු කළ බවට චෝදනා කරමින් දකුණු අප්‍රිකාවේ නඩුවේ සුවිශේෂී හදිසි තීන්දුවක් දෙමින්, එක්සත් ජාතීන්ගේ ඉහළම උසාවියේ විනිසුරුවන් පසුගිය සිකුරාදා ඊශ්‍රායලයට නියෝග කර ඇත්තේ දකුණු ගාසා නගරය වන රෆා වෙත හමුදා ප්‍රහාර වහා නතර කරන ලෙසයි.
ගාසා තීරයේ තත්ත්වය නරක අතට හැරී ඇති බවත්, ගාසා තීරය වැඩිදියුණු කිරීමට පියවර ගන්නා ලෙසත්, සභාපති විනිසුරු නවාෆ් සලාම් ඊශ්‍රායලයට නියෝග කර තිබේ.
කෙසේ වෙත් ඊශ්‍රායලය එම චෝදනාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති අතර, තම ක්‍රියාකාරිත්වය නතර කිරීමේ ඕනෑම නියෝගයක් නොසලකා හරින බවට ද සංඥා ලබාදී ඇති බව වාර්තා වේ.
උසාවි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් නවාෆ් සලාම් විනිසුරුවරයා පවසා ඇත්තේ, "ඊශ්‍රායලය වහාම රෆා ප්‍රාන්තය වෙත එල්ල කරන සිය හමුදා ප්‍රහාරය සහ වෙනත් ප්‍රහාර නැවැත්විය යුතු බවත්, ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර මගින් පලස්තීනුවන්ගේ "භෞතික විනාශය" ගෙන එන බවත් ය.
එමෙන්ම ජන සංහාර පිළිබඳ චෝදනා විමර්ශනය කරන ඕනෑම එක්සත් ජාතීන්ගේ සංවිධානයකට ගාසා තීරයට බාධාවකින් තොරව ප්‍රවේශ වීමට ඊශ්‍රායලය, ඉඩ දිය යුතු බව ද ඔහු පවසා තිබේ.
ගාසා තීරය සඳහා මූලික සේවාවන් සහ මානුෂීය ආධාර බාධාවකින් තොරව සැපයීම සක්‍රීය කිරීමේ අවශ්‍යතාවය ඊශ්‍රායලයට මෙම තීන්දුව මගින් නැවත අවධාරණය කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්