ශ්‍රීලන්කන් මිල දී ගන්න සමාගම් තුනක්... දේශීය සමාගම් දෙකක් ඒ අතර
ශ්‍රීලන්කන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා අභිලාෂ ප්‍රකාශයට පත් කළ සමාගම් හයක් අතරින් තුනක් අමාත්‍ය මණ්ඩලය විසින් මේ වනවිට කෙටි ලැයිස්තුගත කරනු ලැබ තිබේ.
දේශීය සමාගම් දෙකක් වන ෂෙරීෂා-සුප්‍රිම් සමූහය සහ හේලීස් සමාගම ඒ අතර වන බව වාර්තා වේ.
මීට අමතරව, ආසියානු අඩු ගාස්තු ගුවන් සේවයක් වන එයාර් ඒෂියා සමාගම ද ශ්‍රීලන්කන් ගුවන් සේවය මිල දී ගැනීමේ අවසන් සුදුසුකම්ලාභීන් තිදෙනා අතර සිටින බව සඳහන් වේ.
මුදල් අමාත්‍යාංශය යටතේ ස්ථාපනය කර ඇති රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය විසින් පසුගිය දා ශ්‍රී ලන්කන් ගුවන් සේවය පෞද්ගලික අංශයට පවරා දීම සඳහා කැමැති ආයෝජකයන්ගෙන් අභිලාෂ කැඳවූ අතර මේ සඳහා සමාගම් හයක් ඉදිරිපත් විය.
එයාර් ඒෂියා, ෆිසට්ස් එයාර්, දර්ශන් එලයිට්ස් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස්, ෆිට්ස් එවියේෂන්ස්, ෂෙරිසා ටෙක්නොලොජීස් අනුබද්ධ සුප්‍රිම් සමාගම, ට්‍රෂෙර් රිපබ්ලික් ගාඩියන්ස් සමාගම සහ හේලිස් සමාගම මෙසේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා ආයෝජනයට සිය සුදුසුකම් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම සමාගම් පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මගින් සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයන සහ නිර්දේශ ඇගයීමෙන් අනතුරුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවරා දීම සඳහා අවසන් වටයට සමාගම් ත්‍රිත්වයක් තෝරාගෙන ඇති බව සඳහන් වේ.
එම සමාගම් අතරින් දෙකක් දේශීය ව්‍යාපාර වන අතර හේලිස් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෙළේ පොදු සමාගමකි.
එමෙන් ම, ස්‍රප්‍රිම් ග්ලෝබල් සමාගම ද මෙරට ආයෝජන රැසකට සම්බන්ධ සමාගමක් වන අතර එම සමාගම සිය අභිලාෂ යෝජනාව ඉදිරිත් කර ඇත්තේ, කටාර් රාජ්‍යයේ ෂෙයික්වරයෙකු වන නයෙෆ් බින් එයිඩ් අල් තානිගේ ආයෝජනයක් ලෙසින් ක්‍රියාත්මක වන ෂෙරීසා ටෙක්නොලොජීස් සමාගම ය.
- මව්බිම -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ