
ශ්‍රීලන්කන් මිල දී ගන්න සමාගම් තුනක්... දේශීය සමාගම් දෙකක් ඒ අතර
ශ්‍රීලන්කන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා අභිලාෂ ප්‍රකාශයට පත් කළ සමාගම් හයක් අතරින් තුනක් අමාත්‍ය මණ්ඩලය විසින් මේ වනවිට කෙටි ලැයිස්තුගත කරනු ලැබ තිබේ.
දේශීය සමාගම් දෙකක් වන ෂෙරීෂා-සුප්‍රිම් සමූහය සහ හේලීස් සමාගම ඒ අතර වන බව වාර්තා වේ.
මීට අමතරව, ආසියානු අඩු ගාස්තු ගුවන් සේවයක් වන එයාර් ඒෂියා සමාගම ද ශ්‍රීලන්කන් ගුවන් සේවය මිල දී ගැනීමේ අවසන් සුදුසුකම්ලාභීන් තිදෙනා අතර සිටින බව සඳහන් වේ.
මුදල් අමාත්‍යාංශය යටතේ ස්ථාපනය කර ඇති රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය විසින් පසුගිය දා ශ්‍රී ලන්කන් ගුවන් සේවය පෞද්ගලික අංශයට පවරා දීම සඳහා කැමැති ආයෝජකයන්ගෙන් අභිලාෂ කැඳවූ අතර මේ සඳහා සමාගම් හයක් ඉදිරිපත් විය.
එයාර් ඒෂියා, ෆිසට්ස් එයාර්, දර්ශන් එලයිට්ස් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස්, ෆිට්ස් එවියේෂන්ස්, ෂෙරිසා ටෙක්නොලොජීස් අනුබද්ධ සුප්‍රිම් සමාගම, ට්‍රෂෙර් රිපබ්ලික් ගාඩියන්ස් සමාගම සහ හේලිස් සමාගම මෙසේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා ආයෝජනයට සිය සුදුසුකම් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම සමාගම් පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මගින් සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයන සහ නිර්දේශ ඇගයීමෙන් අනතුරුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවරා දීම සඳහා අවසන් වටයට සමාගම් ත්‍රිත්වයක් තෝරාගෙන ඇති බව සඳහන් වේ.
එම සමාගම් අතරින් දෙකක් දේශීය ව්‍යාපාර වන අතර හේලිස් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෙළේ පොදු සමාගමකි.
එමෙන් ම, ස්‍රප්‍රිම් ග්ලෝබල් සමාගම ද මෙරට ආයෝජන රැසකට සම්බන්ධ සමාගමක් වන අතර එම සමාගම සිය අභිලාෂ යෝජනාව ඉදිරිත් කර ඇත්තේ, කටාර් රාජ්‍යයේ ෂෙයික්වරයෙකු වන නයෙෆ් බින් එයිඩ් අල් තානිගේ ආයෝජනයක් ලෙසින් ක්‍රියාත්මක වන ෂෙරීසා ටෙක්නොලොජීස් සමාගම ය.
- මව්බිම -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
