
ඩයනා පාර්ලිමේන්තුවට එව්වේ අපි නෙමෙයි... සජබය යි... මෙන්න ලිපිය.. - ඩයනා වෙනුවෙන් සජබය යැවූ ලිපියක් රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර එළියට දමයි
ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පත් කරන්න අත්සන් කලේත්, මේ පාර්ලිමේන්තුවට එව්වේත්, මැතිවරණ කොමසාරිස්ට නිර්දේශ කලේත් සමගි ජනබලවේගයමයි. ඊට පස්සේ සමගි ජනබලවේගය ඇතිකරගත්තු දේශපාලන පලහිලව්වක් ප්‍රතිඵලයක් විදියට එතුමියට මන්ත්‍රී කම නැතිවෙන්න ඇති හැබැයි ඒ පලහිලව්ව නොවෙන්න ඇය සහ සමගි ජනබලවේගය අතර මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ විවාදයට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,
"මේ විවාදයේ දී විපක්ෂයෙන් ඉදිරිපත් කරපු සමහර කරුණු දැක්කම මම පුදුමයට පත් වුණා. මම සාමාන්‍යෙයන් කා එක්ක පැටලෙන්නෙවත් , කාටවත් විරුද්ධව කතා කරනෙවත් , කනාගේවත් නම කියලා චෝදනා කරන්නවත් මම උත්සාහ කරලා නැහැ. පාර්ලිමේනතුවේදී මට ලැබෙන කාලයේ දී මම මගේ මතය , මගේ අදහස් ඉදිරිපත් කරන්න කටයුතු කරනවා . නමුත් ගරු මූලාසනාරූඩ මන්ත්‍රීතුමණි මම මේ කාරණාව රටටත් පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කිරීම මගේ යුතුකම සහ වගකීමයි. සජබය දිගින් දිගටම චෝදනා කලේ නීතිවිරෝධී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් අත්තඩංගුවට ගත්තා කියලා. ඩයනා ගමගේ මහත්මියව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වශයෙන් ජාතික ලයිස්තුවෙන් පත් කලේ අපිද ? දැන් මේක සජබය අපේ ඇගේ ගහන්න හදනවා. 2020/8/12 වන දින සමගි ජන බලවේගයේ ලෙටර්හෙඩ් එක යටතේ මහින්ද දේශප්‍රිය මහතා සභාපති මැතිවරණ කොමිෂන් සභාව රාජගිරිය යන ලිපිනයට සමගි ජනබලවේගයේ මහලේකම් තුමාගේ අත්සනින් යවපු ලිපිය මම සභාගත කරනවා .
එම ලිපියේ සඳහන් වන ආකාරයට
පාර්ලිමේන්තු මැතිවරණය 2020 ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 99 ආ වගන්තිය යටතේ දැන්වීම ඉහත සඳහන් කරුණ සම්බන්ධව ඔබ විසින් මා හට එවනු ලැබූ 2020 08 12 ලිපිය හා බැදේ ඒ අනුව සමගි ජනබලවේගයට ජාතික ලැයිස්තුවෙන් වෙන්ව ඇති මන්ත්‍රී ධූර 07 සඳහා පහත සඳහන් නම් නිර්දේශ කර එවමි. මෙම නම් මා විසින් ඉදිරිපත් කරනු ලැබූ ජාතික ලැයිස්තුවේ නාම යොජනා පත්‍රෙය් ඇතුලත් වී ඇති බව වැඩිදුරටත් සඳහන් කරමි.පළවෙනි නම රත්නායක මුදියන්සේලාගේ රංජිත් මද්දුම බණ්ඩාර ,ජ්‍යෙෂ්ඨ දේශපාලඥ ජාතික හැදුනුම්පත් අංකය තියෙනවා . දෙවෙනි නම අත්තනායක මුදියන්සේලාගේ කුඩාබණ්ඩා තිස්ස අත්තනායක ,ජ්‍යෙෂ්ඨ දේශපාලඥ ජාතික හැදුනුම්පත් අංකය තියෙනවා. 3 ඉමතියාස් බකීර් මාකර් නිතිඥ හා සමාජ සේවක, 4 ඉරාන් වික්‍රමරත්න බැංකුකරු හා ආර්ථික විද්‍යාඥ ,5 නාලක ජූඩ් හරීන් ප්‍රනාන්දු ව්‍යාපාරික හා ක්‍රියානාරි දේශපාලඥ, 6 මයන්ත ලක්ෂමන් දිසානායක ව්‍යාපාරික උපාධිදාරි, 7 ඩයනා ගමගේ නිතිවේදී .
ගරු මූලාසනාරූඩ මන්ත්‍රීතුමණි, ඉස්සෙල්ලම මෙම මන්ත්‍රී වරිය පත් කරන්න අත්සන් කලේ මේ පාර්ලිමේන්තුවට එව්වේ මේ පාර්ලිමේන්තුවට මැතිවරණ කොමසාරිස්ට නිර්දේශ කලේ සමගි ජනබලවේගයමයි. ඊට පස්සේ ඔබතුමන්ලා ඇතිකරගත්තු දේශපාලන පලහිලව්වක් ප්‍රතිඵලයක් විදියට එතුමියට මන්ත්‍රී කම නැතිවෙන්න ඇති හැබැයි ඒ පලහිලව්ව නොවෙන්න ඔබතුමන්ලා අතර මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නනේ නැහැ මම ඒක කිව්වේ දැන් ඔබතුමන්ලා මතයක් හදන්න හදනවා එතුමිය මේ ආණ්ඩුවේ කෙනෙක් කියලා . එතුමිය ආණ්ඩුවට එකතු වුණා. ආණ්ඩුවත් එක්ක කටයුතු කලා. රාජ්‍ය අමාත්‍යවරියක් වශයෙන් කටයුතු කලා . නමුත් සජබේ මන්ත්‍රී වරියක් හැටියට තමයි එතුමිය මේ පාර්ලිමේන්තුවට ආවේ කියන කාරණය විපක්ෂයේ ඔබතුමන්ලාටත් සමගි ජනබලවේගයටත් මම මතක් කරන්න කැමතියි."
– Repoter
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
