
ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ලංකාවෙන් ගිය ISIS සාමාජිකයන් සමග සබඳතා පැවැත් වූ ශ්‍රී ලාංකිකයෙකු මාලිගාවත්තේදී අත්අඩංගුවට
ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ලංකාවෙන් ගිය ISIS සාමාජිකයන් සිව්දෙනා සමග සමීප සබඳතා පැවැත් වූ ශ්‍රී ලාංකිකයෙකු මාලිගාවත්තේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේදී අත්අඩංගුවට පත් සිව්දෙනා අතර සිටින මොහමඩ් නුෆ්රාන් නැමැත්තා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ පොට්ට නෞෆර්ගේ දෙවැනි විවාහයේ පුත්‍රයෙකු බව විමර්ශන නිලධාරීන් අනාවරණ කරයි.
ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශන කණ්ඩායමක් පත්කරනු ලැබීය.
ඊට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඇතුළත් අතර අදාළ විමර්ශන කණ්ඩායම මගින් මේ වන විට ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා තිබේ.
එවන් පසුබිමක අදාළ පුද්ගලයන් සිව්දෙනා මෙරට තුළ සබඳතා පැවැත්වූ පිරිස් පිළිබඳව වෙනමම විමර්ශනයක් මේ වනවිටත් අරඹා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් සමග සමීප සබඳතා පැවැත් වූ පුද්ගලයෙකු මාලිගාවත්තේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අතඅඩංගුවට ගෙන තිබේ.
ඔහු විසින් අදාළ පිරිසට ගුවන් ටිකට්පත් ලබාදීම ඇතුළු විවිධ අධාර උපකාර ලබාදුන් අයෙක් බව විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.
සැකකරු මේ වනවිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවාගෙන අඛණ්ඩව ප්‍රශ්න කිරීම් සිදුකරයි.
මේ අතර අදාළ ISIS සාමාජිකයන් සිව්දෙනා පසුගිය 19වනදා රාත්‍රියේ මෙරටින් ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ හරහා චෙන්නායි වෙත ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
එමෙන්ම වෙනත් ගුවන්යානාවලින් තවත් ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් ඉන්දියාවට ගියේද යන්න පිළිබඳවද විමර්ශන ක්‍රියාත්මකය.
ඉන්දියාවේදී අත්අඩංගුවට පත් මොහමඩ් නුෆ්රාන් නැමැත්තා 40 වරක් ඉන්දියාවට පැමිණ ඇති අතර මොහොමඩ් නුස්රාත් 38 වරක් ඉන්දියාවට ගොස් ඇති බව එරට ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මොහමඩ් රස්දීන් සහ මොහමඩ් ෆාරීස් නම් දෙදෙනා ඉන්දියාවට ගොස් ඇත්තේ පළමුවරටය.
එමෙන්ම අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව් දෙනාටම මීට පෙරත් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බව විමර්ශනවලදී වැඩි දුරටත් අනාවරණ වී ඇත.
පසුගිය පෙබරවාරි මාසයේ සිට පාකිස්තානයේ ISIS නායකයා වන අබු සමග සබඳතා පවත්වන අත්අඩංගුවට ගත් පිරිස එතැන් පටන් අඛණ්ඩව සමාජ මාධ්‍ය හරහා ඔහු සමග සබඳතා පවත්වා ඇති බව සඳහන් ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
