
සාෆිගේ සිද්ධිය දිවයින සහ හේමන්ත රන්දුණුගේ නිර්මාණයක් නොවේ.. CID ශානි හෙළි කරයි
ආන්දෝලනයට ලක් වූ කුරුණෑගල රෝහලේ මොහොමඩ් සාෆි වෛද්‍යවරයාට එල්ල වූ වඳ සැත්කම් සිදුකිරීමේ චෝදනාව දිවයින පුවත්පතේ හේමන්ත රණ්දුණු නිර්මාණය කළ කතාවක් නොවන බව මේ සම්බන්ධයෙන් එවකට පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පළමු වරට හෙළි කර ඇති බව වාර්තා වේ.
සාෆි වෛද්‍යවරයාද සහභාගි වූ රැස්වීමකදී මේ බව අබේසේකර මහතා පවසා ඇති අතර, ඔහුට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් ආරම්භක පරීක්ෂණය සිදුකර ඇති බවත්, හේමන්ත රන්දුණු සිදු කර ඇත්තේ එම විමර්ශන පිළිබඳ තොරතුරු දැනගෙන පුවතක් පළ කිරීම බවත් සඳහන්ය.
පුවත දැකීමෙන් පසු එවකට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් ශානි අබේසේකර අමතා උපදෙස් දී ඇත්තේ පොලිස් විමර්ශන පිළිබඳව තොරතුරු එලියට ගියේ කවර ආකාරයෙන්ද යන්න පිළිබද විමර්ශනයක් කරන ලෙසයි. මේ හෙළිදරව්ව සමග සාෆිගේ සිද්ධිය දිවයින පුවත්පත පතේ නිර්මාණයක් බවට වූ අදහස ප්‍රතික්ෂේප වෙයි.
පැහැදිලි කළ නොහැකි පරිදි අතිවිශාල මුදලක් එක් වර සාෆිගේ ගිණුමට බැරවීම ගැන මුදල් විශුද්ධිකරන චෝදනාවට සාෆි අත්අඩංගුවට පත් විය. තමා අත්අඩංගුවට ගැනීම වැරදි බව පවසමින් වෛද්‍ය සාෆි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ ද එම අත්අඩංගුවට ගැනීම නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
2015 වසරේ මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කළ වෛද්‍ය සාෆි මේ වන විට රාජ්‍ය සේවා කොමිෂමේ තීරණයකට අනුව නැවත කුරුණෑගල රෝහලේ සේවය කරයි. ඔහු ඉදිරි මැතිවරණයට සමගි ජන බලවේගය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කිරීමට සැරසෙන බව පැවසේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
