සාෆිගේ සිද්ධිය දිවයින සහ හේමන්ත රන්දුණුගේ නිර්මාණයක් නොවේ.. CID ශානි හෙළි කරයි
ආන්දෝලනයට ලක් වූ කුරුණෑගල රෝහලේ මොහොමඩ් සාෆි වෛද්‍යවරයාට එල්ල වූ වඳ සැත්කම් සිදුකිරීමේ චෝදනාව දිවයින පුවත්පතේ හේමන්ත රණ්දුණු නිර්මාණය කළ කතාවක් නොවන බව මේ සම්බන්ධයෙන් එවකට පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පළමු වරට හෙළි කර ඇති බව වාර්තා වේ.
සාෆි වෛද්‍යවරයාද සහභාගි වූ රැස්වීමකදී මේ බව අබේසේකර මහතා පවසා ඇති අතර, ඔහුට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් ආරම්භක පරීක්ෂණය සිදුකර ඇති බවත්, හේමන්ත රන්දුණු සිදු කර ඇත්තේ එම විමර්ශන පිළිබඳ තොරතුරු දැනගෙන පුවතක් පළ කිරීම බවත් සඳහන්ය.
පුවත දැකීමෙන් පසු එවකට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් ශානි අබේසේකර අමතා උපදෙස් දී ඇත්තේ පොලිස් විමර්ශන පිළිබඳව තොරතුරු එලියට ගියේ කවර ආකාරයෙන්ද යන්න පිළිබද විමර්ශනයක් කරන ලෙසයි. මේ හෙළිදරව්ව සමග සාෆිගේ සිද්ධිය දිවයින පුවත්පත පතේ නිර්මාණයක් බවට වූ අදහස ප්‍රතික්ෂේප වෙයි.
පැහැදිලි කළ නොහැකි පරිදි අතිවිශාල මුදලක් එක් වර සාෆිගේ ගිණුමට බැරවීම ගැන මුදල් විශුද්ධිකරන චෝදනාවට සාෆි අත්අඩංගුවට පත් විය. තමා අත්අඩංගුවට ගැනීම වැරදි බව පවසමින් වෛද්‍ය සාෆි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ ද එම අත්අඩංගුවට ගැනීම නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
2015 වසරේ මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කළ වෛද්‍ය සාෆි මේ වන විට රාජ්‍ය සේවා කොමිෂමේ තීරණයකට අනුව නැවත කුරුණෑගල රෝහලේ සේවය කරයි. ඔහු ඉදිරි මැතිවරණයට සමගි ජන බලවේගය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කිරීමට සැරසෙන බව පැවසේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.