
ඊබ්‍රාහිම් රාසි නොමැතිව ඉරාන වැසියන්ට වඩා හොඳ කාලයක් උදා වේවි- අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්
පසුගිය 19 වනදා හෙලිකොප්ටර් අනතුරකින් ඉරානයේ තවත් ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන් කිහිප දෙනෙකු සමඟ මියගිය ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි නොමැතිව ඉරාන වැසියන් “බොහෝ විට වඩා හොඳ” කාලයක් උදා විය හැකි බව රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊයේ(22) ප්‍රකාශ කළේය. එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා මෙම ප්‍රකාශය කළේ රයිසිගේ මරණය සම්බන්ධයෙන් තමා වගකීම දරණ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ ශෝක පණිවිඩය සාධාරණීකරණය කළේ එය හුදෙක් විධිමත් ක්‍රියාවක් බව තර්ක කරමින් වීම විශෙෂත්වයකි.
"ඉරාන ජනතාවගේ මානව හිමිකම් සහ මූලික නිදහස සඳහා වන අරගලයට" වොෂින්ටනයේ සහයෝගය යළි තහවුරු කරමින්,පසුගිය 20 වනද කෙටි ප්‍රකාශයක් මගින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය "නිල ශෝකය" ප්‍රකාශ කර තිබුණි.
21 වනදා පැවැති අමෙරිකානු සෙනට් සභාවේ විදෙස් සම්බන්ධතා කමිටුවේදී සෙනෙට් සභික ජෝන් බරරාසෝ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කළ ශෝක ප්‍රකාශය විවෙචනය කිරීම සම්බන්ධයෙන් බ්ලින්කන් කෝපයට පත් විය. එහිදී සෙනෙට් සභික ජෝන් බරාසෝ කියා සිටියේ අමෙරිකානු පරිපාලනය “නිදහස් ලෝකයේ දිවුරුම් දුන් සතුරා” ගැන වැලපීම “කම්පනයට පත් කරන” බවයි.
“අපි මීට පෙර කළාක් මෙන් රටක නායකයෙකු මරණයට පත් වූ විට ඔහු විරුද්ධවාදියෙක්ද, සතුරෙක්ද යන්න නොසලකා අමෙරිකා එක්සත් ජනපදයේ නිල ශෝකය අපි ප්‍රකාශ කළා.” බ්ලින්කන් පැහැදිලි කළේය. "රයිසි මහතා වසර ගණනාවක් තිස්සේ ඔහුගේම ජනතාව මර්දනය කිරීම ඇතුළුව නින්දා සහගත හැසිරීම් වල නිරත වූ බව පිළිගැනීම එම ශෝක ප්‍රකාශය මගින් කිසිවිටකත් බැහැර කර නැහැ."
සෙනෙට් සභික ටෙඩ් කෲස් බ්ලින්කන්ට තවදුරටත් බලපෑම් කරමින්, එක්සත් ජනපදයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා "රයිසි මිය ගොස් ඇති බැවින් අද ලෝකය වඩා යහපත් වී ඇතැයි" විශ්වාස කරන්නේ දැයි විමසීය.
"විනිසුරුවරයෙකු ලෙස සහ ඉරානයේ ජනාධිපති ලෙස ඔහු නිරත වූ බිහිසුණු ක්‍රියාවන් අනුව, ඔහුට තවදුරටත් ඒවාට සම්බන්ධ විය නොහැකි නිසා, ඔව්!, ඉරාන ජනතාවට වඩා රයිසි නැති ඉරානය වඩාත් හොඳ වනු ඇත." බ්ලින්කන් පිළිතුරු දුන්නේය.
වයඹ දිග ඉරානයේ කඳුකර නැගෙනහිර අසර්බයිජාන් පළාතේදී ඔවුන් ගමන් කරමින් සිටි හෙලිකොප්ටරය කඩා වැටීමෙන් රයිසි සහ විදේශ අමාත්‍ය හොසේන් අමිර් අබ්දුල්ලහිඅන් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ ඉරාන දේශපාලන නායකයින් කිහිප දෙනෙක් 19 වනදා මිය ගියහ. මීදුම සහ වර්ෂාවෙන් බාධා එල්ල වූ පැය දහයකට වැඩි කාලයක් පුරා පැවැති සෝදිසි කිරීම් වලින් පසු ජනාධිපතිවරයා ඇතුළු පිරිසෙහි සිරුරු සොයාගැනීමෙන් පසු ඔවුන් මිය ගිය බව තහවුරු විය.
මේ අතර ඉරානය ජූනි 28 වැනි දින ජනාධිපතිවරණයක් පවත්වන බව නිවේදනය කර ඇත. 20 වනදා උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අනුමැතියෙන් පසු උප ජනාධිපති මොහොමඩ් මොක්බර් වැඩ බලන ජනාධිපතිවරයාගේ භූමිකාව භාරගෙන ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
