ජනපති රනිල්ට තනි බලයක් ලැබෙන අතිශය භයානක පනත් දෙකක් ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී අනාවරණයක් (වීඩියෝ)
අද දින පාර්ලිමේන්තුවට අතිශය භයානක පනත් දෙකක් ඉදිරිපත් කර ඇති බවත්, මෙවැනි පනත් දෙකක් ඉතිහාසයේ කිසි දිනෙක ඉදිරිපත් කර නොමැති බව හා ලෝකයේ කොතැනක හෝ ශිෂ්ට සම්පන්න මිනිසුන් සිටින පාර්ලිමේන්තු ක්‍රමයක් සහිත රටක මෙවැනි පනත් සම්මත කළ හැකි දැයි තේරුම්ගත යුතු බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතු විසින් අද(22) දින පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
මෙම පනත් දෙකෙන් එක් පනතක් වන රාජ්‍ය මූල්‍ය කළමානාකරණ පනත මගින් ජනාධිපතිවරයාට මුදල් ඇමැතිවරයා ලෙස රාජ්‍ය බැංකුවලින් බැඳුම්කර යටතේ හා ණය ලෙස මුදල් ගෙන තමන්ට කැමැති ආකාරයෙන් ඕනෑම ආයතනයක් හරහා එම මුදල් වියදම් කිරීමට හා එම ආයතනවලින් ගන්නා ණය වලට ඇප වීමට මෙන්ම සමස්ථයක් ලෙස පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව මුදල් ඕනෑම ආකාරයකින් වියදම් කිරීමට බලය ලැබෙන බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරයා මෙම පනත හරහා සිදුකර ඇත්තේ පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය තමන් අතට ගැනීම බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
අනෙක් පනත වන්නේ ආර්ථික පරිවර්තන පනත බවත් එය අතිශයෙන් භයානක පනතක් බවත් වසන්ත බණ්ඩාර මහතා පවසයි.
මෙම පනත ලංකාවේ නීති කෙටුම්පත් අංශයෙන් සෑදු පනතක් නොවන බව බැලූබැල්මට පෙනෙන බවද, මෙම පනත මගින් රටේ දැනට ක්‍රියාත්මක වන නීති 12ක් අභිඹවා කටයුතු කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.