
ජනපති රනිල්ට තනි බලයක් ලැබෙන අතිශය භයානක පනත් දෙකක් ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී අනාවරණයක් (වීඩියෝ)
අද දින පාර්ලිමේන්තුවට අතිශය භයානක පනත් දෙකක් ඉදිරිපත් කර ඇති බවත්, මෙවැනි පනත් දෙකක් ඉතිහාසයේ කිසි දිනෙක ඉදිරිපත් කර නොමැති බව හා ලෝකයේ කොතැනක හෝ ශිෂ්ට සම්පන්න මිනිසුන් සිටින පාර්ලිමේන්තු ක්‍රමයක් සහිත රටක මෙවැනි පනත් සම්මත කළ හැකි දැයි තේරුම්ගත යුතු බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතු විසින් අද(22) දින පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
මෙම පනත් දෙකෙන් එක් පනතක් වන රාජ්‍ය මූල්‍ය කළමානාකරණ පනත මගින් ජනාධිපතිවරයාට මුදල් ඇමැතිවරයා ලෙස රාජ්‍ය බැංකුවලින් බැඳුම්කර යටතේ හා ණය ලෙස මුදල් ගෙන තමන්ට කැමැති ආකාරයෙන් ඕනෑම ආයතනයක් හරහා එම මුදල් වියදම් කිරීමට හා එම ආයතනවලින් ගන්නා ණය වලට ඇප වීමට මෙන්ම සමස්ථයක් ලෙස පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව මුදල් ඕනෑම ආකාරයකින් වියදම් කිරීමට බලය ලැබෙන බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරයා මෙම පනත හරහා සිදුකර ඇත්තේ පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය තමන් අතට ගැනීම බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
අනෙක් පනත වන්නේ ආර්ථික පරිවර්තන පනත බවත් එය අතිශයෙන් භයානක පනතක් බවත් වසන්ත බණ්ඩාර මහතා පවසයි.
මෙම පනත ලංකාවේ නීති කෙටුම්පත් අංශයෙන් සෑදු පනතක් නොවන බව බැලූබැල්මට පෙනෙන බවද, මෙම පනත මගින් රටේ දැනට ක්‍රියාත්මක වන නීති 12ක් අභිඹවා කටයුතු කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
