ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍ය ලැයිස්තුවෙන් කියුබාව සදහටම ඉවත් කිරීමට එක්සත් ජනපදය කටයුතු කළ යුතුය- කියුබාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය
එක්සත් ජනපද නිල මාධ්‍ය වාර්තාවලට අනුව, 2024 මැයි 15 වන දින, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් කොන්ග්‍රසයට ඉදිරිපත් කරන ලද තවත් අත්තනෝමතික වාර්තාවක් කිසිදු ජාත්‍යන්තර අවසරයක් හෝ පිළිගැනීමක් නොමැතිව ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් සම්බන්ධයෙන් නිගමන් වල්ට එළඹීමට කටයුතු කර තිබේ. මෙවර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා "2023 කැලැන්ඩර වර්ෂය සඳහා එක්සත් ජනපදයේ ත්‍රස්ත විරෝධී ප්‍රයත්නයන් සමඟ සම්පුර්ණයෙන්ම සහයෝගයෙන් කටයුතු නොකරනවා යැයි පවසන රටවල් හතරක් ලැයිස්තුගත කිරීමට කටයුතු කර ඇත. පසුගිය වසරවල සත්‍ය වශයෙන්ම කියුබාව රජ්‍යක් ලෙස කටයුතු ආකාරයට පටහැනිව යමින් ත්‍රස්ත විරෝධී ප්‍රයත්නයන් සමඟ සම්පුර්ණයෙන්ම සහයෝගයෙන් කටයුතු නොකරනවා යැයි පවසන රටවල් ලැයිස්තුවට කියුබාව අපවාදාත්මක ලෙස ඇතුළත් කර තිබුණේ නැත.
එසේ වුවද,අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියුබාව ත්‍රස්තවාදයට “අනුග්‍රහය" දක්වනවා යැයි ඔවුන් විසින් පවසනු ලබන ලබන ලැයිස්තුවේ එක් රාජ්‍යයක් ලෙස සනිටුහන් කර තිබේ. එය සම්පූර්ණයෙන්ම ඒකපාර්ශ්වික සහ පදනම් විරහිත ලැයිස්තු ගතකිරීමක් මිස අන් කිසිවක් නොවේ. එලෙසම එහි එකම අරමුණ ස්වෛරී රාජ්‍යයන්ට මඩ ගැසීම සහ කියුබාව මත නිර්දය ලෙස පනවන ලද බලහත්කාර ආර්ථික සම්බාධක පැනවීම සාධාරණය කිරීමේ කඩතුරාවක් ලෙසට සේවය කිරීමයි.
එවැනි අසාධාරණ ලැයිස්තු ගතකිරීම සංශෝධනය කිරීම සඳහා එක්සත් ජනපද ආණ්ඩුවෙන් කරනු ලබන ඉල්ලීම කියුබානු ජනතාව පමණක් නොව බොහෝ රටවල ආණ්ඩු, විශේෂයෙන් ලතින් ඇමරිකාවේ සහ කැරිබියානු රටවල ආණ්ඩු මෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන, සමාජීය සහ ආගමික සංවිධාන විසින් මෙන්ම අමෙරිකා එක්සත් ජනපද දේශපාලනඥයන් කිහිප දෙනෙකු විසින්ද දැඩිව හා නැවත නැවතත් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
පැහැදිලි සහ පරම සත්‍යය නම් කියුබාව ත්‍රස්තවාදයට අනුග්‍රහය නොදක්වන නමුත් ඒ වෙනුවට අමෙරිකානු රාජ්‍ය ත්‍රස්තවාදය ඇතුළුව අමෙරිකා එක්සත් ජනපදයේ ගොදුරක් වී තිබීමයි. මෙම මාතෘකාව සම්බන්දයෙන් උනන්දුව දක්වන ඕනෑම අයෙකුට තහවුරු කළ හැකි කරුණක් වන අතර එය එක්සත් ජනපද රජය, එහි රාජ්‍ය දෙපාර්තමේන්තුව , එහි බුද්ධි හා නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් ඉතා හොඳින් දන්නා කරුණකි. සත්‍යය කුමක් වුවත්, එවැනි ලැයිස්තුවකට ඇතුළත් කර ඇති ඕනෑම රාජ්‍යයකට ස්වයංක්‍රීයව ඇති කරන සම්බාධක සහ වෙනත් වක්‍ර ක්‍රියා මෙන්ම බිය උපදවන බලපෑම කියුබානු ආර්ථිකයට කෙතරම් සැලකිය යුතු ලෙස හානිකරනවාද යන්න පිළිබඳව ඔවුන් හොඳින්ම දැනුවත්ය.
කියුබාව සම්පූර්ණයෙන්ම එක්සත් ජනපදය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව පිළිගැනීම පමණක් ප්‍රමානවත් නොවේ. කියුබාව සමස්ත ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ද සහයෝගයෙන් කටයුතු කරන බව ප්‍රායෝගිකව සනාථ කර ඇත. එය බොහෝ දෙනා දන්නා කරුණක් වන අතර ඒ පිළිබඳව වන ලෝක මහජන මතය නොමඟ යැවිය යුතු නැත. කෙසේ වුවද අවංකව ක්‍රියා කිරීමට සහ නිවැරදි කිරියාමාර්ග ගැනීමට අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාට සියලු ප්‍රතිපාදන සැලසී ඇත.
හවානා, 15 මැයි 2024.
The United States has to take Cuba, once and for all, out of the list of states allegedly sponsoring terrorism. Statement by the Ministry of Foreign Affairs.
According to U.S. official media reports, on 15 May 2024, the country’s State Secretary submitted to the Congress one more of the arbitrary reports that normally describe countries without any international mandate or recorgnition. This time, he listed four countries who allegedly “do not fully cooperate with the United States antiterrorist efforts for the 2023 calendar year.” As opposed to what has happened in recent years, the list does not slanderously include Cuba among such countries.
Nonetheless, the State Department keeps Cuba as one of the States in a list of those allegedly “sponsoring” terrorism. It is nothing but a totally unilateral and unfounded list, whose sole purpose is to smear sovereign States and serve as a pretext for imposing coercive economic sanctions on them, as those ruthlessly imposed on Cuba.
The demand for the United States government to amend such an injustice continues to be firmly and repeatedly made not only by the Cuban people and many governments, especially in Latin America and the Caribbean, but also by political, social and religious organizations in the United States itself and by several U.S. politicians.
The clear and absolute truth is that Cuba does not sponsor terrorism, but it has been a victim of it instead, including State terrorism. This is a question that can be confirmed by anyone interested in the topic and that is very well-known by the government of the United States, its State Department and its intelligence and law enforcement agencies. They are also fully aware of how significantly harmful are for the Cuban economy the sanctions, actions and the intimidating effect that automatically have on any State having it included in such a list, regardless of what the truth might be.
It is not enough to aknowledge that Cuba fully cooperates with the United States. Cuba does so with the entire international community as well. That is a widely known fact and public opinion is not to be misled about it. The President of the United States has all the privileges to act honestly and to do what is right.
Havana, 15 May 2024.
(Cubaminrex)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි
උතුරේ ජනතාව ආණ්ඩුවට ලබාදුන් ඡන්දය ජාතිවාදයට පමණක් නොව බෙදුම්වාදයටත් විරුද්ධ ඡන්දයක්... ආණ්ඩුව එය තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් - විමල් කියයි (වීඩියෝ)
එක්සත් ජනපදය සැපයූ මිසයිල යොදාගෙන රුසියානු භුමියේ අභ්‍යන්තරය ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීමට බයිඩන් යුක්රේනයට අවසර දෙයි- නිව් යෝර්ක් ටයිම් පුවත් පත
නව ආණ්ඩුවේ හොඳ වැඩවලට සහාය ලබාදෙනවා... අපි කකුලෙන් අදින පක්ෂයක් නෙමෙයි - උවිඳු කියයි
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්