News Category
From Date
To Date
Maximum Number of Result

ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍ය ලැයිස්තුවෙන් කියුබාව සදහටම ඉවත් කිරීමට එක්සත් ජනපදය කටයුතු කළ යුතුය- කියුබාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය

May 22, 2024 at 08:03 PM
|




එක්සත් ජනපද නිල මාධ්‍ය වාර්තාවලට අනුව, 2024 මැයි 15 වන දින, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් කොන්ග්‍රසයට ඉදිරිපත් කරන ලද තවත් අත්තනෝමතික වාර්තාවක් කිසිදු ජාත්‍යන්තර අවසරයක් හෝ පිළිගැනීමක් නොමැතිව  ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් සම්බන්ධයෙන් නිගමන් වල්ට එළඹීමට කටයුතු කර තිබේ. මෙවර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා "2023 කැලැන්ඩර වර්ෂය සඳහා එක්සත් ජනපදයේ ත්‍රස්ත විරෝධී ප්‍රයත්නයන් සමඟ සම්පුර්ණයෙන්ම සහයෝගයෙන් කටයුතු නොකරනවා  යැයි පවසන රටවල් හතරක් ලැයිස්තුගත කිරීමට කටයුතු කර ඇත. පසුගිය වසරවල සත්‍ය වශයෙන්ම කියුබාව රජ්‍යක් ලෙස කටයුතු ආකාරයට පටහැනිව යමින්  ත්‍රස්ත විරෝධී ප්‍රයත්නයන් සමඟ සම්පුර්ණයෙන්ම සහයෝගයෙන් කටයුතු නොකරනවා  යැයි පවසන රටවල් ලැයිස්තුවට කියුබාව අපවාදාත්මක ලෙස  ඇතුළත් කර තිබුණේ නැත.

එසේ වුවද,අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියුබාව ත්‍රස්තවාදයට “අනුග්‍රහය" දක්වනවා යැයි ඔවුන් විසින් පවසනු ලබන ලබන ලැයිස්තුවේ එක් රාජ්‍යයක් ලෙස සනිටුහන් කර තිබේ. එය සම්පූර්ණයෙන්ම ඒකපාර්ශ්වික සහ පදනම් විරහිත ලැයිස්තු ගතකිරීමක් මිස අන් කිසිවක් නොවේ. එලෙසම එහි එකම අරමුණ ස්වෛරී රාජ්‍යයන්ට මඩ ගැසීම සහ කියුබාව මත නිර්දය ලෙස පනවන ලද  බලහත්කාර ආර්ථික සම්බාධක පැනවීම සාධාරණය කිරීමේ කඩතුරාවක් ලෙසට සේවය කිරීමයි.

එවැනි අසාධාරණ ලැයිස්තු ගතකිරීම සංශෝධනය කිරීම සඳහා එක්සත් ජනපද ආණ්ඩුවෙන් කරනු ලබන ඉල්ලීම කියුබානු ජනතාව පමණක් නොව බොහෝ රටවල ආණ්ඩු, විශේෂයෙන් ලතින් ඇමරිකාවේ සහ කැරිබියානු රටවල  ආණ්ඩු මෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන, සමාජීය සහ ආගමික සංවිධාන විසින් මෙන්ම අමෙරිකා එක්සත් ජනපද  දේශපාලනඥයන් කිහිප දෙනෙකු විසින්ද දැඩිව හා නැවත නැවතත් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

පැහැදිලි සහ පරම සත්‍යය නම් කියුබාව ත්‍රස්තවාදයට අනුග්‍රහය නොදක්වන නමුත් ඒ වෙනුවට අමෙරිකානු රාජ්‍ය ත්‍රස්තවාදය ඇතුළුව අමෙරිකා එක්සත් ජනපදයේ ගොදුරක් වී තිබීමයි. මෙම මාතෘකාව සම්බන්දයෙන් උනන්දුව දක්වන ඕනෑම අයෙකුට තහවුරු කළ හැකි කරුණක් වන අතර එය එක්සත් ජනපද රජය, එහි රාජ්‍ය දෙපාර්තමේන්තුව , එහි බුද්ධි හා නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් ඉතා හොඳින් දන්නා කරුණකි. සත්‍යය කුමක් වුවත්, එවැනි ලැයිස්තුවකට ඇතුළත් කර ඇති ඕනෑම රාජ්‍යයකට ස්වයංක්‍රීයව ඇති කරන සම්බාධක සහ වෙනත් වක්‍ර ක්‍රියා මෙන්ම බිය උපදවන බලපෑම කියුබානු ආර්ථිකයට කෙතරම් සැලකිය යුතු ලෙස හානිකරනවාද යන්න පිළිබඳව ඔවුන් හොඳින්ම දැනුවත්ය.

කියුබාව සම්පූර්ණයෙන්ම එක්සත් ජනපදය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව පිළිගැනීම පමණක් ප්‍රමානවත් නොවේ. කියුබාව සමස්ත ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ද සහයෝගයෙන් කටයුතු කරන බව ප්‍රායෝගිකව සනාථ කර ඇත. එය බොහෝ දෙනා දන්නා කරුණක් වන අතර ඒ පිළිබඳව වන ලෝක මහජන මතය නොමඟ යැවිය යුතු නැත. කෙසේ වුවද  අවංකව ක්‍රියා කිරීමට සහ නිවැරදි කිරියාමාර්ග ගැනීමට අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාට සියලු ප්‍රතිපාදන සැලසී ඇත.

හවානා, 15 මැයි 2024.

The United States has to take Cuba, once and for all, out of the list of states allegedly sponsoring terrorism. Statement by the Ministry of Foreign Affairs.

According to U.S. official media reports, on 15 May 2024, the country’s State Secretary submitted to the Congress one more of the arbitrary reports that normally describe countries without any international mandate or recorgnition. This time, he listed four countries who allegedly “do not fully cooperate with the United States antiterrorist efforts for the 2023 calendar year.” As opposed to what has happened in recent years, the list does not slanderously include Cuba among such countries.

Nonetheless, the State Department keeps Cuba as one of the States in a list of those allegedly “sponsoring” terrorism. It is nothing but a totally unilateral and unfounded list, whose sole purpose is to smear sovereign States and serve as a pretext for imposing coercive economic sanctions on them, as those ruthlessly imposed on Cuba.

The demand for the United States government to amend such an injustice continues to be firmly and repeatedly made not only by the Cuban people and many governments, especially in Latin America and the Caribbean, but also by political, social and religious organizations in the United States itself and by several U.S. politicians.

The clear and absolute truth is that Cuba does not sponsor terrorism, but it has been a victim of it instead, including State terrorism. This is a question that can be confirmed by anyone interested in the topic and that is very well-known by the government of the United States, its State Department and its intelligence and law enforcement agencies. They are also fully aware of how significantly harmful are for the Cuban economy the sanctions, actions and the intimidating effect that automatically have on any State having it included in such a list, regardless of what the truth might be.

It is not enough to aknowledge that Cuba fully cooperates with the United States. Cuba does so with the entire international community as well. That is a widely known fact and public opinion is not to be misled about it.  The President of the United States has all the privileges to act honestly and to do what is right.

Havana, 15 May 2024.

(Cubaminrex)


සම්බන්ධිත පුවත් | Related News

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්
ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.
වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.