
ගාසා, යුගෝස්ලාවියාව, ඇෆ්ගනිස්තානය ආදී රටවල දිග හැරෙමින් පවතින මානුෂීය අර්බුදය ගැන නිහඬව සිටින බටහිර බලවේග මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එල්ල කරන පීඩනය විමතියට කරුණක්- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
ගාසා, යුගෝස්ලාවියාව, ඇෆ්ගනිස්තානය ආදී රටවල දිග හැරෙමින් පවතින මානුෂීය අර්බුදය සම්බන්ධයෙන් නිහඬව සිටින බටහිර බලවේග මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එල්ල කරන පීඩනය පිළිබඳව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය සිය කනස්සල්ල පළ කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානපති කාර්යාලය මෙලෙස පවසා තිබේ.
එහිදී ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා සිටින්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එල්ල කරන බාහිර බලපෑම් ඉහළ ගොස් ඇති බවයි.
“බොහෝ බටහිර දේශපාලන චරිත, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ විදේශීය අර්ධ මානව හිමිකම් සංවිධාන ඔවුන්ගේ විවේචනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කිරීම් සහ බහුල ලෙස ඔවුන්ගේ නිරීක්ෂණයන් ඉදිරිපත් කර ඇත." යනුවෙන් පවසන එම නිවේදනය මගින්,
"ඉහත සඳහන් කළ පුද්ගලයින් සහ ආයතන දෙබිඩි පිළිවෙත් අනුගමනය කිරීම පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලනු ලබන නමුදු, රුසියානු සමූහාණ්ඩුවේ නිල නියෝජිතයා ලෙස ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය එම "යුක්තියේ තානාපතිවරුන්" ගැටළු දකින ආකාරය සම්බධයෙන් නැවත වරක් තම විමතිය පල කිරීමට මෙම අවස්ථාව යොදා ගනිමු." යනුවෙන් සිය නිවේදනය මගින් තානපති කාර්යාලය පවසා සිටියි. එම නිවේදනය මගින් " බෝල්ටික් රටවල රුසියානු භාෂාව කතා කරන සුළු ජාතීන් පීඩාවට පත් වීම සම්බන්ධයෙන් සොයා බැලීමට ඔවුන්ට බාධා කරන සාධකය කුමක්ද?" යනුවෙන් දැඩි ලෙස ප්‍රශ්න නගයි.
"මෙම ප්‍රශ්නවලට පිළිතුරු අර්ධ වශයෙන් අප දන්නා නමුත් මහජනයා අනිවාර්යයෙන්ම එම ප්‍රශ්න ශබ්ද නඟා ඇසීමට කටයුතු කළ යුතුයි." තානාපති කාර්යාලය සිය නිවේදනය මගින් අවධාරණය කරයි.
නිවේදනය පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
