ලංකාවෙන් ඉන්දියාවට ගිය ISIS ත්‍රස්තයින් ගැන තොරතුරු රැසක් එළියට
ඉන්දියාවේ අහමදාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයින් සිව්දෙනා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට පවා සූදානමින් සිට ඇති බව ගුජරාට් පොලිස්පති විකාෂ් සාහේ මහතා පවසයි.
ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ගුජරාට් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ත්‍රස්තයින් සිව්දෙනා මීගමුව සහ කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.
ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තය තුළ ප්‍රහාරයක් දියත් කිරීමේ සූදානමින් මෙරට සිට අහමදාබාද් නගරය වෙත පැමිණි ශ්‍රී ලාංකික ISIS ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් සිව්දෙනෙකු අහමදාබාද් සර්ධාර් පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඉරිදා රාත්‍රීයේ අත්අඩංගුවට පත්වුණි.
ගුජරාට් ත්‍රස්ත මර්දන බලකාය මගින් අත්අඩංගුවට ගත් ඔවුන් ඊයේ පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට ඉදිරිපත් කළ අතර එහිදී තොරතුරු රැසක් අනාවරණ කෙරුණි.
ඒ අනුව අත්අඩංගුවට පත් 33 හැවිරිදි මොහොමඩ් නුස්රත් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයා මීගමුවේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට පත් අනෙක් ත්‍රස්ත සාමාජිකයින් වන්නේ 27 හැවිරිදි මොහොමඩ් නෆ්රාන්, 43 හැවිරිදි මොහොමඩ් රශ්ඩීන් සහ 35 හැවිරිදි මොහොමඩ් ෆාරිෂ් යන කොළඹ නගරයේ පදිංචිකරුවන් ය.
ඔවුන් මෙරට සිට චෙන්නායි හරහා අහමදාබාද් නගරය වෙත ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයකින් පැමිණ ඇති බව වාර්තා වෙයි.
දෙමළ භාෂාව පමණක් භාවිත කරන අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සිව්දෙනාගෙන් ප්‍රශ්න කර ඇත්තේ, භාෂා පරිවර්තකයෙකු හරහාය.
ඔවුන් සතුව තිබී ජංගම දුරකථන, දෙරටේ මුදල් සහ ගුවන් බලපත්‍ර මෙන්ම එක් අයෙකුගේ ගමන් මල්ල තුළ ISIS සංවිධානයේ කොඩියක් ද හමුවී තිබේ.
මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස පාකිස්තානයේ සිට ක්‍රියාත්මක ISIS ත්‍රස්ත සංවිධානයක නායකයෙකු වන අබූ නම් නමැත්තා සමාජ මාධ්‍ය තුළින් පසුගිය පෙබරවාරි මසදී පමණ හඳුනාගෙන ඇති අතර ඔවුන් පසුව දැඩි ISIS මතධාරීන් ලෙස පත්ව ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම අබූගේ උපදෙස් මත ඉන්දියාව තුළ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම්කර ඇති අතර ඔවුන්ට මෙරට මුදලින් රුපියල් ලක්ෂ 4ක මුදලක්ද ලබාදී ඇති අතර මොවුන් මරාගෙන මැරෙන ප්‍රහාරයකට පවා සූදානමින් සිට ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.
මොවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී අහමදාබාද් නගරයට ආසන්න නානාචිඩෝලා ප්‍රදේශයේ සඟවා තිබු අවි ආයුද සම්බන්ධ තොරතුරු එරට ආරක්ෂක අංශ වෙත නිරාවරණය වී තිබේ.
පාකිස්තානයේ නිෂ්පාදිත පිස්තෝල 03ක් සහ ඒ සඳහා යොදාගන්නා උණ්ඩ රැඳවුම් 20ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයින් සිව්දෙනාට එරෙහිව රැස්කළ වාචික සහ පර්වේෂණීය සාක්ෂි මත පදනම්ව එරට දණ්ඩ නීති සංග්‍රහය, නීත්‍යානූකූල නොවන ක්‍රියාකාරකම් වැළැක්වීමේ පනත සහ නීතිවිරෝධී අවිආයුධ පනත ප්‍රකාරව ඉදිරියේදී නීතීමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.