
ලංකාවෙන් ගිය ISIS ත්‍රස්තයන් හතරක් ඉන්දියාවේ දී අත්අඩංගුවට... විශාල ප්‍රහාරයකට පැමිණි බවට සැකයක්
පාකිස්තාන භාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයි.එස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් සිවු දෙනකු ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම සිවුදෙනා ශ්‍රී ලංකාවේ සිට චෙන්නායි නගරය හරහා අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ ඇති බවත් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා අයි.එස් සංවිධානයට සම්බන්ධකම් තිබෙන බවට ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකයට තොරතුරු ලැබී ඇති බවත් ඉන්දීය මාධ්‍ය පවසයි.
අත්අඩංගුවට ගැනුණ ලාංකිකයන් ප්‍රශ්න කිරීමට රැගෙන ගොස් ඇතත් ඒ කුමන ස්ථානයකටදැයි අනාවරණය වී නැති බව කියයි.
අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට අයිපීඑල් තරගාවලියට සහභාගීවන කණ්ඩායම් තුනක් පැමිණීමට නියමිතව තිබූ බවත් ඒ හේතුවෙන් ගුවන් තොටුපොළට ආරක්ෂාව තර කර තිබූ බවත් ඉන්දීය මාධ්‍ය හෙළි කළේය.
මෙම සැකකරුවන් අවි ප්‍රහාරයකට සූදානම් සිටියත් ඒ කුමක් සදහාදැයි අනාවරණය නොවූ බවත් පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය සදහන් කර තිබිණි.
– Lankadeepa
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
