News Category
From Date
To Date
Maximum Number of Result

කොටි ත්‍රස්තයින් සැමරූ ක්ෂමා සංවිධානයේ ප්‍රධානි තමන්ගේ මව්රටේ ත්‍රස්තයින් සැමරුවේ නැත්තේ ඇයි?... හැකිනම් පැරිස් ත්‍රස්ත ප්‍රහාරයේ ත්‍රස්තයින් ප්‍රංශයේදී සමරන්න - උදය ගම්මන්පිල අභියෝග කරයි

May 20, 2024 at 06:13 PM
|

මෙරට කොටි ත්‍රස්තවාදීන් සිහිපත් කිරීමට එක්වූ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ප්‍රධාන ලේකම් ඇග්නස් කැලැමාර්ඩ් ට හැකි නම් 2015 පැරිස් ත්‍රස්ත ප්‍රහාරයේ ත්‍රස්තයින් ප්‍රංශයේදී  සමරන ලෙස තමන් අභියෝග කරණ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. 

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2024.05.20) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ප්‍රධානි තමන්ගේ මව්රටේ ත්‍රස්තයින්  සැමරුවේ නැත්තේ ඇයි?

ත්‍රස්තවාදින් ලෙස මිය ගිය අයගේත් ඥාතින්ට සහ මිතුරන්ට ඔවුන්ව සිහිපත් කිරීමට ඇති අයිතිය අපි කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ. වේලායුදන් මිය ගිය පසු ආගමික කටයුත්තක් සමාජීය කටයුත්තක් කරලා ඔහුගේ නෑදෑයන් හිතමිතුරන් ඔහු සිහිපත් කිරීම කාටවත් වලක්වන්න බෑ.  නමුත් අම්මාගේ උකුලේ කිරි බොමින් සිටි දරුවා උදුරා ගෙන ඔළුව චප්ප වන තුරු පොල් ගසේ ගැසූ ගැබිණි මාතාවන් පණ පිටින් බඩ පලා නූපන් දරුවා එළියට ඇද්ද කුරිරු තිරිසන් ත්‍රස්තවාදින් සැමරීමට මේ ලෝකේ කිසිම තැනක අවසරයක් නොතිබිය යුතුයි කියලයි අප ශිෂ්ඨ මිනිසුන් ලෙස විශ්වාස කරන්නේ.

ඒ තිරිසන් ත්‍රස්තයන් වීරයන්ට ඔසවන ඒ මග ගමන් කිරීමට තරුණ පරපුර ළමා පරපුර දිරිමත් කරමින් ත්‍රස්තයන් සැමරීමටයි අපේ විරෝධය තිබෙන්නේ.    අධිකරණය විසින් තහනම් කර තිබිය දී ත්‍රස්තවාදි ඉතුරු බිතුරු විසින් උතුරේ විතරක් නොවේ කොළඹ දීත් කොටි සැමරුම කළා විතරක් නොවේ ඒකට විරුද්ධ වන අයව අත්අඩංගුවට ගන්නත් ආණ්ඩුව කටයුතු කළා. තමන්ගේ නිවට කම බියසුලු කම ආණ්ඩුව මේ හරහා ප්‍රදර්ශණය කලා.  කොටි ත්‍රස්තවාදින් රට පුරා සමරන්න දීලා බලාගෙන හිටිය කොන්ද පණ නැති ආණ්ඩුවේ අගමැති ලැජ්ජා නැතිව රෙදි ඇඳගෙන ඇවිත් රණවිරු සමරුවේ ප්‍රධාන අමුත්තා විධියටත් හිටියා.  අගමැතිතුමනි, ඔබතුමාගේ නිවට ක්‍රියාකලාපය මිය ගිය බොරළුගොඩ සිංහයාටත් ලැජ්ජයි කියලා තමයි අපට කියන්න වෙන්නේ.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ප්‍රධාන ලේකම් ඇග්නස් කැලැමාර්ඩ් වෙල්ලමුල්ලි වයික්කාල් මැයි 19 පැවති කොටි සැමරුමට ඇවිත් ඉන්නවා අපි දැක්කා.  විදේශිකයින් ඇවිත් මේ රට බේරා ගත් රණවිරුවන්ගේ මිනීමරුවන් සමරන විට ආණ්ඩුවේ ලොක්කෝ නිවටව බලා සිටියා.  ඇග්නස්ගේත් ඔක්කෝම සෙල්ලම් ලංකාවේ දී විතරයි.  ඇග්නස්ට තිබුණානෙ ලංකාවට එන ගමන් ඉන්දියාවේ අම්රිත්සාර් නගරයට ගොඩ බැහැලා 1984 දී ඉන්දියානු හමුදාව අතින් රන් දෙවොල දී මිය ගිය සික් ත්‍රස්තවාදින් සමරන්න.  නැතිනම් 2008 දී මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ දී පොලිස් වෙඩි පහරින් මිය ගිය ත්‍රස්තයන්ව මුම්බායි හී දී  සමරන්න.  ඒ වගේම ඇග්නස්ට තිබුණානෙ තමන්ගේ මව්බිම වන ප්‍රංශයේ පැරිස් නුවරට ගිහින් ප්‍රංශ හමුදා අතින් මිය ගිය 2015 පැරිස් ත්‍රස්ත ප්‍රහාරයේ ත්‍රස්තයින් සමරන්න.  ඇග්නස් ලංකාවේ දාන සෙල්ලම් තමන්ගේ මව්රටේ කරන්නේ නැත්තේ ඇයි?  ඇග්නස් කුහක දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි? ඇග්නස් හොඳටම දන්නවා තමන්ගේ රටේ ත්‍රස්තවාදින් සමරන්න හැදුවොත් ආණ්ඩුව ඉඩ තියන්නෙත් නෑ.  ජනතාව ඉඩ දෙන්නෙත් නෑ.

ඇමෙරිකාවේ 9/11 අල් කයිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණු ග්‍රවුන්ඩ් සීරෝ ස්ථානයට පෙනෙන මානයේ මුස්ලිම් පල්ලියක් හදන්න ඇමෙරිකානු ආණ්ඩුව ඉඩ දුන්නේ නෑ ජනතාව කුපිත වෙයි කියන බයෙන්.  පුලුවන් නම් ආගමික නිදහසේ නාමයෙන් ග්‍රවුන්ඩ් සීරෝවලත් උද්ඝෝෂණයක් පවත්වන්න කියා අපි ඇග්නස්ට අභියෝග කරනවා. එහෙම කරනන් ගියොත් එය ඇගේ අවසන් චාරිකාව බවට පත්වෙනවා.  මොකද ඇයගේ ජීවිතයේ ඉතිරි කාලය ගත කරනන් වෙන්නේ සිරගෙදරක. 

සම්බන්ධිත පුවත් | Related News

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.