
ඉරාන ජනපති ගමන්ගත් හෙලිකොප්ටරය හදිසි ගොඩ බෑමක, බේරාගත් පිරිස් ආරක්ෂිත ස්ථාන කරා යවයි
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රාසි රැගත් හෙලිකොප්ටරයක් මීට පැයකට පමණ පෙර “හදිසි ගොඩබෑමක්” කිරීමට සිදු වීම හේතුවෙන් හදිසි සේවා අණතුරට පත් වූවන් බේරා ගැනීමට කටයුතු කරමින් සිටින බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් ගුවන් යානය ඉරානයේ වයඹ දිග අසර්බයිජාන් දේශ සීමාවේ ජොල්ෆා නගරයට ආසන්නව “අනතුරකට” මුහුණපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය. ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලහියන්ද යානයේ සිටි බව වාර්තා වේ.
ඉරාන ඉස්ලාමීය රාජ්‍යයේ ජනරජ ප්‍රවෘත්ති ඒජන්සිය වෙත අදහස් දක්වමින් හදිසි සේවා අමාත්‍යාංශයේ ප්‍රකාශක Babak Yektaparast පැවසුවේ දැඩි මීදුම හේතුවෙන් ගැලවුම්කරුවන්ට හෙලිකොප්ටරයකින් අනතුරට ලක් වූ ස්ථානයට ළඟා වීමට නොහැකි වූ බවයි. වෛද්‍යවරුන් සහ පරිපූරක වෛද්‍යවරුන් සමඟ ගිලන් රථ අටකින් යුත් රථ පෙළක් ඒ වන විටත් පිටත් කර යවා ඇති බව ඔහු පැවසීය.
අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අහමඩ් වහිඩි ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසුවේ “සහන කණ්ඩායම් ප්‍රදේශය දෙසට ගමන් කරමින් සිටින නමුත් මීදුම සහ අයහපත් කාලගුණය හේතුවෙන් අනතුර සිදුවූ ස්ථානයට ළඟා වීමට යම් කාලයක් ගතවනු ඇති” බවයි.
ඉස්ලාමීය ජනරජයේ ප්‍රකාශක අලි බහද්‍රි ජාහෝර්මි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ “ සිදුවූ අනතුර” පිළිබඳව සාකච්ඡා කිරීමට ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැස්වී ඇති බවයි. විධායක උප ජනාධිපති මොහොමඩ් මොක්බර් ටෙහෙරානයෙන් පිටත්ව හෙලිකොප්ටරය හදිසි ගොඩ බෑම කළ ස්ථානයට ආසන්නයේ පිහිටි වයඹදිග ටබ්‍රිස් නගරයට ළඟා වී ඇති බව ඔහු තවදුරටත් පැවසීය.
මේ අතර ඉරනා රජය වැඩිදුර තොරතුරු තවමත් ප්‍රකාශයට පත් කර නොමැති නමුදු ප්‍රාදේශීය මාධ්‍ය පරස්පර ප්‍රකාශ මාලාවක් නිකුත් කර ඇත. ඉරානයේ IIRB පුවත් ඒජන්සිය වාර්තා කළේ, සිද්ධිය "බරපතල" බවටත්, "තුවාල වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින" බවට සැක සංකා වර්ධනය වෙමින් පවතින බවයි.
63 හැවිරිදි රයිසි අසර්බයිජානයේ රාජ්‍ය සංචාරයක නිරත වී එරට ජනාධිපති ඉල්හාම් අලියෙව් හමුවී නැවත ඉරානයට පැමිණෙමින් සිටින අතර මෙම සිද්ධියට මුහුණ පා තිබේ. මෙම දෙපල දෙරට හවුලේ පවත්වාගෙන යන මායිම දිගේ පිහිටි ප්‍රධාන වේල්ලක් විවෘත කිරීමට් පීත්ත පටියක් කැපූහ.
දැඩි මතධාරියෙකු සහ අධිකරණයේ හිටපු ප්‍රධානියෙකු වන රයිසි, එරට උත්තරීතර නායකයා ලෙස සලකන 85 හැවිරිදි අයතුල්ලා අලි කමේනිගේ විභව අනුප්‍රාප්තිකයෙකු බව විශ්ලේෂකයින් විසින් ඉඟි කර ඇත.
ගාසා තීරයේ ඊශ්‍රායල-හමාස් ගැටුම ආරම්භයේ සිටම ඊශ්‍රායලයට එරෙහිව මුළුමනින් ම යුද්ධයට තර්ජනය කරමින් රුසියාවට ආයුධ සහ දේශපාලන සහාය සපයමින් රයිසි වඩ වඩාත් සටන්කාමී විදේශ ප්‍රතිපත්තියක් අධීක්‍ෂණය කර ඇත. පසුගිය මාසයේදී ඉරානය ටෙල් අවිව් සහ ජෙරුසලමට එරෙහිව ඩ්‍රෝන යානා රැල්ලක් දියත් කළ අතර සිරියාවේ සිය කොන්සල් කාර්යාලයට පහර දී ප්‍රධාන විප්ලවවාදී ආරක්ෂක අණ දෙන නිලධාරීන් දෙදෙනෙකු මරා දැමූ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස එල්ල කළ බව ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
