ඉරාන ජනපති ගමන්ගත් හෙලිකොප්ටරය හදිසි ගොඩ බෑමක, බේරාගත් පිරිස් ආරක්ෂිත ස්ථාන කරා යවයි

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රාසි රැගත් හෙලිකොප්ටරයක් මීට පැයකට පමණ පෙර “හදිසි ගොඩබෑමක්” කිරීමට සිදු වීම හේතුවෙන් හදිසි සේවා අණතුරට පත් වූවන් බේරා ගැනීමට කටයුතු කරමින් සිටින බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් ගුවන් යානය ඉරානයේ වයඹ දිග අසර්බයිජාන් දේශ සීමාවේ ජොල්ෆා නගරයට ආසන්නව “අනතුරකට” මුහුණපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය. ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලහියන්ද යානයේ සිටි බව වාර්තා වේ.
ඉරාන ඉස්ලාමීය රාජ්‍යයේ ජනරජ ප්‍රවෘත්ති ඒජන්සිය වෙත අදහස් දක්වමින් හදිසි සේවා අමාත්‍යාංශයේ ප්‍රකාශක Babak Yektaparast පැවසුවේ දැඩි මීදුම හේතුවෙන් ගැලවුම්කරුවන්ට හෙලිකොප්ටරයකින් අනතුරට ලක් වූ ස්ථානයට ළඟා වීමට නොහැකි වූ බවයි. වෛද්‍යවරුන් සහ පරිපූරක වෛද්‍යවරුන් සමඟ ගිලන් රථ අටකින් යුත් රථ පෙළක් ඒ වන විටත් පිටත් කර යවා ඇති බව ඔහු පැවසීය.
අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අහමඩ් වහිඩි ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසුවේ “සහන කණ්ඩායම් ප්‍රදේශය දෙසට ගමන් කරමින් සිටින නමුත් මීදුම සහ අයහපත් කාලගුණය හේතුවෙන් අනතුර සිදුවූ ස්ථානයට ළඟා වීමට යම් කාලයක් ගතවනු ඇති” බවයි.
ඉස්ලාමීය ජනරජයේ ප්‍රකාශක අලි බහද්‍රි ජාහෝර්මි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ “ සිදුවූ අනතුර” පිළිබඳව සාකච්ඡා කිරීමට ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැස්වී ඇති බවයි. විධායක උප ජනාධිපති මොහොමඩ් මොක්බර් ටෙහෙරානයෙන් පිටත්ව හෙලිකොප්ටරය හදිසි ගොඩ බෑම කළ ස්ථානයට ආසන්නයේ පිහිටි වයඹදිග ටබ්‍රිස් නගරයට ළඟා වී ඇති බව ඔහු තවදුරටත් පැවසීය.
මේ අතර ඉරනා රජය වැඩිදුර තොරතුරු තවමත් ප්‍රකාශයට පත් කර නොමැති නමුදු ප්‍රාදේශීය මාධ්‍ය පරස්පර ප්‍රකාශ මාලාවක් නිකුත් කර ඇත. ඉරානයේ IIRB පුවත් ඒජන්සිය වාර්තා කළේ, සිද්ධිය "බරපතල" බවටත්, "තුවාල වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින" බවට සැක සංකා වර්ධනය වෙමින් පවතින බවයි.
63 හැවිරිදි රයිසි අසර්බයිජානයේ රාජ්‍ය සංචාරයක නිරත වී එරට ජනාධිපති ඉල්හාම් අලියෙව් හමුවී නැවත ඉරානයට පැමිණෙමින් සිටින අතර මෙම සිද්ධියට මුහුණ පා තිබේ. මෙම දෙපල දෙරට හවුලේ පවත්වාගෙන යන මායිම දිගේ පිහිටි ප්‍රධාන වේල්ලක් විවෘත කිරීමට් පීත්ත පටියක් කැපූහ.
දැඩි මතධාරියෙකු සහ අධිකරණයේ හිටපු ප්‍රධානියෙකු වන රයිසි, එරට උත්තරීතර නායකයා ලෙස සලකන 85 හැවිරිදි අයතුල්ලා අලි කමේනිගේ විභව අනුප්‍රාප්තිකයෙකු බව විශ්ලේෂකයින් විසින් ඉඟි කර ඇත.
ගාසා තීරයේ ඊශ්‍රායල-හමාස් ගැටුම ආරම්භයේ සිටම ඊශ්‍රායලයට එරෙහිව මුළුමනින් ම යුද්ධයට තර්ජනය කරමින් රුසියාවට ආයුධ සහ දේශපාලන සහාය සපයමින් රයිසි වඩ වඩාත් සටන්කාමී විදේශ ප්‍රතිපත්තියක් අධීක්‍ෂණය කර ඇත. පසුගිය මාසයේදී ඉරානය ටෙල් අවිව් සහ ජෙරුසලමට එරෙහිව ඩ්‍රෝන යානා රැල්ලක් දියත් කළ අතර සිරියාවේ සිය කොන්සල් කාර්යාලයට පහර දී ප්‍රධාන විප්ලවවාදී ආරක්ෂක අණ දෙන නිලධාරීන් දෙදෙනෙකු මරා දැමූ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස එල්ල කළ බව ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ