News Category
From Date
To Date
Maximum Number of Result

පදිංචි ඉඩම්වලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය දක්වා දිවුලපතාන ගම් වැසියෝ මහවැලි නේවාසික ව්‍යාපාර කාර්යාලය වටලති

Oct 7, 2023 at 07:52 AM
|

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලය විසින් තමන්  පදිංචි ඉඩම්වලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ දිඹුලාගල දිවුලපතාන ගම්වාසීහු ඊයේ(6) සවස වැලිකන්ද මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කාර්යාලය වටලා එම කාර්යාලයේ බිම වාඩි වී විරෝධතාවය පළ කළහ.

1983 වසරේ සිට පදිංචිව සිටි තමන් ත්‍රස්තවාදී කලබල සමඟ එම ගම් අතහැර යැමෙන් පසුව 2009 වසරේ පැවැති සාමකාමී තත්ත්වයක් සමග පදිංචියට පැමිණි හේන් වගා කරමින් ජීවිකාව ගෙනගිය බවත්, නැගෙනහිර පළාතේ අන්තවාදී පිරිසකගේ බලපෑම් සහ උවමනාවකට ඔවුන්ගේ ගවයන් තම භූමියට නිදහස් කිරීමේ අරමුණෙන් තමන් එම ඉඩම්වලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය කටයුතු කරන බවද දිවුලපතාන ගම්වාසීන් චෝදනා කරති.

මඩකලපුව දිස්ත්‍රික්කයටත් පොළොන්නරුවටත් මායිම්ව දිවුලපතාන ගම්මානයේ අසරණව ජීවත් වන මෙම සිංහල පවුල් ඉවත් කිරීම වහාම නතර කර ගන්නා ලෙසත්, දිගින් දිගටම සිංහල ජනතාවට බලපෑම් කෙරුවොත් මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගෙන නැගෙනහිර පළාත සහ උතුරු මැද පළාතේ මහා සංඝරත්නයත් ජනතාව එක් කර කරමින් දැවැන්ත අරගලයක් සිදුකර බව මෙහිදී අදහස් දක්වමින් මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියෝ සඳහන් කළහ.

- ලංකාදීප -

සම්බන්ධිත පුවත් | Related News

අද(07) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු අරඹා කෙටි කාලයක් තුල මිල දර්ශක සියල්ල පහල වැටී ඇතැයි වාර්තා වේ.
ඉන්දියාවේ ගල් අගුරු සහ පතල් කර්මාන්ත අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයක් අනුව 15.02.2025 දින ඉන්දියාවේ අමාත්‍ය සතිස්චන්ද්‍ර සමග ඇතිකරගත් එකඟතාවයක් එළිදරව් වී ඇත.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආනයන සඳහා වැඩි කළ තීරුබදු පැනවීමෙන් පසුව සිදු කළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංචාරයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමට උත්සාහ කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මෙරටට පැමිණ ජනාධිපති අනුර දිසානායක මහතාගේ කලිසම ඔලුවෙන් ගලවා දැමූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
ඇමෙරිකාවේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් පාලනය විසින් හඳුන්වා දෙන නව තීරු බදු ප‍්‍රතිපත්තිය මගින් ශ‍්‍රී ලංකාවට ඇතිවන බලපෑම පිළිබඳව විවිධ දේශපාලන නායකයින් සහ විද්වතුන් විසින් විවිධ මත පළ කරන තත්ත්වයක් තුළ ජාතික සංවිධානවල මතය දැන ගැනීම සඳහා ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් විමසුවෙමු. මේ ඔහුගේ අදහස ඔහුගේ වචනයෙන්.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (06) අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගැනීමට නියමිතව තිබේ.
රටට ආදරය කරන සහ නීතිගරුක සතොස ආයතනයේ සේවය කරන නිලධාරී මහතෙකු විසින් සාක්ෂි සහිතව ලංකා ලීඩර් වෙත ලබා දී ඇති තොරතුරු අනුව සතොස ආයතනයේ සභාපතිවරයාට බරපතළ දූෂණ චෝදනාවක් එල්ල වන අතර මහා සමාගම් දෙකකට ඊට අනුබලදීමේ සහ පෙළඹවීමේ චෝදනාව එල්ල වේ.
සිවිල් ක්‍රියාකාරිනියක වන ජිහාන් හමීඩ් මහත්මිය ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්ත මහතා ඉන්දියාවේ අගමැති සහ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අතර අත්සන් කරනු ලබන ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් කළ පැහැදිළි කිරීම අභියෝගයට ලක් කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

ඇමති හදුන්නෙත්ති හොර රහසේ රට පාවා දුන් හැටි ඉන්දියාව එළිදරව් කරයි

ඉන්දියාවේ ගල් අගුරු සහ පතල් කර්මාන්ත අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයක් අනුව 15.02.2025 දින ඉන්දියාවේ අමාත්‍ය සතිස්චන්ද්‍ර සමග ඇතිකරගත් එකඟතාවයක් එළිදරව් වී ඇත.

එක්සත් ජනපද තීරුබදු වල බලපෑම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව දෙසට හැරේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආනයන සඳහා වැඩි කළ තීරුබදු පැනවීමෙන් පසුව සිදු කළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංචාරයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමට උත්සාහ කළේය.

ඉන්දියාව සමග ගැසූ ගිවිසුම් මෙන්න... පුබුදු හෙලි කරයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මෙරටට පැමිණ ජනාධිපති අනුර දිසානායක මහතාගේ කලිසම ඔලුවෙන් ගලවා දැමූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියේ යටි අරමුණු සහ ශ‍්‍රී ලංකාවට අදාළ භූ දේශපාලන මෙහෙයුම - ජාතික සංවිධාන විග්‍රහයක්

ඇමෙරිකාවේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් පාලනය විසින් හඳුන්වා දෙන නව තීරු බදු ප‍්‍රතිපත්තිය මගින් ශ‍්‍රී ලංකාවට ඇතිවන බලපෑම පිළිබඳව විවිධ දේශපාලන නායකයින් සහ විද්වතුන් විසින් විවිධ මත පළ කරන තත්ත්වයක් තුළ ජාතික සංවිධානවල මතය දැන ගැනීම සඳහා ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් විමසුවෙමු. මේ ඔහුගේ අදහස ඔහුගේ වචනයෙන්.

'ජයග්‍රහණය - කොළඹ' සංවිධානයේ 31 වැනි සංවත්සරය උත්සවාකාරයෙන් පැවැත් වෙයි.. ඉන්දීය අගමැති මෝදි සමග අත්සන් කළ ගිවිසුම්වලින් රට බෙදෙන හැටි ගැනත් උත්සවයේදී හෙළිදරව්වක්..

'ජයග්‍රහණය - කොළඹ' සංවිධානයේ 31 වැනි සංවත්සරය අද(06) වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

මෝදි අද අනුරාධපුරයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (06) අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගැනීමට නියමිතව තිබේ.

සතොස සභාපතිට සහ සමාගම් දෙකකට බරපතළ දූෂණ චෝදනා - බෙල්ලටම හිරවෙයි

රටට ආදරය කරන සහ නීතිගරුක සතොස ආයතනයේ සේවය කරන නිලධාරී මහතෙකු විසින් සාක්ෂි සහිතව ලංකා ලීඩර් වෙත ලබා දී ඇති තොරතුරු අනුව සතොස ආයතනයේ සභාපතිවරයාට බරපතළ දූෂණ චෝදනාවක් එල්ල වන අතර මහා සමාගම් දෙකකට ඊට අනුබලදීමේ සහ පෙළඹවීමේ චෝදනාව එල්ල වේ.

ආරක්ෂක අවබෝධතා ගිවිසුම රහසිගතව සඟවා ඇත! මහජනතාවට එහි ඇත්තේ කුමක්දැයි දැනගැනීමේ අයිතියක් ඇත!- ජිහාන් හමීඩ්

සිවිල් ක්‍රියාකාරිනියක වන ජිහාන් හමීඩ් මහත්මිය ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්ත මහතා ඉන්දියාවේ අගමැති සහ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අතර අත්සන් කරනු ලබන ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් කළ පැහැදිළි කිරීම අභියෝගයට ලක් කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඉන්දියා – ශ්‍රී ලංකා ආරක්‍ෂක හවුල්කාරිත්වය ඔස්සේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමිල මෙහෙවරක් සිදු කරනවා- ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්ත

ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් තැබෙන ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.

වැඩබලන පොලිස්පතිවරයා බිංගිරිය පොලිස් ස්ථානධිපතිවරයා ස්ථාන මාරුකර ඇත්තේ නීතියට පටහැනිවයි- පොලිස් කොමිසම දැනුම් දෙයි

ජාතික පොලිස් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වැඩ බලන පොලිස්පතිවරයා විසින් බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කර යවා ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාව සතු බලතල මෙන්ම දැනට බලපවත්වන ස්ථාන මාරු ප්‍රතිපත්තියේ විධිවිධාන ද උල්ලංඝනය කරමින් බවයි.

වෙළෙඳ අසමතුලිතතාවයන් විසඳීමට අමෙරිකා එක්සත් ජනපදය සමඟ ආර්ථික සබඳතා දැඩි කිරීමට ශ්‍රී ලංකා රජය දැඩි කැපවීමෙන් කටයුතු කරනවා- මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි

ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයනයෙන් ඩොලර් බිලියන 3 ක ප්‍රමානයකට දායකත්වය දක්වන ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති 44% ක වෙළඳ තීරුබදු පිළිබඳව රට තුළ මතුව තිබෙන කනස්සල්ලට ප්‍රතිචාර වශයෙන්, එක්සත් ජනපදය සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සිය දැඩි කැපවීමක කරන බව ඊයේ(04) තහවුරු කළේය.

ඉන්දු ලංකා ගිවිසුමෙන් උපන් 13 වැනි සංශෝධන මර උගුලේ සුලමුල මෙන්න..(වීඩියෝ)

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරළියට පැමිණෙන්නේ 1987 වසරේ වුවද 13 වැනි සංශෝධනයට මුලපුරණ සිදුවීම් මාලාව ආරම්භ වූයේ 1983 වසරේ දී බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවසයි.

මෝදි වෙනුවෙන් අද(04) රාත්‍රියේ සිට ඉරිදා(06) දක්වා කොළඹ සහ අනුරාධපුරයේ මාර්ග කිහිපයක් වසා දැමේ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංචාරය හේතුවෙන් කොළඹ සහ තවත් ප්‍රදේශ කිහිපයක මාර්ග අද(04) සවස සිට ඉරිදා (අප්‍රේල් 6) දක්වා වසා තබන බව පොලිසිය පවසයි.

අමෙරිකාව පැනවූ තීරු බද්ද අපට "ෂොක් " එකක්- අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව විසින් පනවා ඇති සියයට 44 ක් වන බද්ද මේ මොහොතේ දරා ගැනීමට අසීරු බවත් එය ශ්‍රී ලංකාවට විශාල "ෂොක්" එකක් බවත්ය.

මේ සිදුවෙමින් පවතින්නේ ඓතිහාසික පාවාදීමක් ද? - ජිහාන් හමීඩ්

ශ්‍රී ලංකාව භයානක සන්ධිස්ථානයකට පැමිණ සිටී. ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාව සමඟ ආරක්ෂක සහ ආර්ථික ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වන බවට වාර්තා වෙමින් තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.