
මීවනපලානේ නම් භික්ෂු ප්‍රතිරූපකයා ගැන ක්‍රියාත්මක වෙන්න - බෞද්ධ කටයුතු කොමසාරිස්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්
සාමණේර උපසම්පදා භික්ෂුන් පිළිබඳ ප්‍රකාශයේ නම් නැති අයෙක් භික්ෂුවක් ලෙස පෙනී සිටීම නීති විරෝධී ක්‍රියාවක් බැවින් මීවනපලානේ සිරිධම්මාලංකාර නම් භික්ෂු ප්‍රතිරූපකයා සම්බන්ධයෙන් අවධානය යොමු කර කටයුතු කරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත.
විහාර දේවාලගම් ආඥාපනතේ 42 වැනි වගන්තියේ විධිවිධානවලට අනුව සාමණේර උපසම්පදා පිළිබඳ නම් නැති අයෙකු භික්ෂුවක් ලෙස පෙනී සිටීම නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස සඳහන් වන බවද බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පොලිස්පතිවරයාට එහි උද්ධෘත පිටපතක්ද යොමු කරමින් දැනුම් දී තිබේ.
මීවනපලානේ සිරිධම්මාලංකාර නම් භික්ෂු ප්‍රතිරූපකය විසින් සිදුකරන ශාසන විනාශය හා නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නාහිමියන් වහන්සේලා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමතිවරයා වෙත, වෙනත් අයවෙත, පිටපත් සහිතව ජනාධිපතිවරයා වෙත 2024.02.29 දිනැති යොමු කර ඇති ලිපියද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයාට යොමු කර ඇත.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
