
රට නගාසිටුවීමට ජනපති රනිල් ගෙන ආ පනත් මොනවා ද? - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම ප්‍රශ්න කරයි
රටේ අනාගත පැවැත්ම ඉතා බිහිසුනු අවදානමකට ලක්කර ඇති බවත්, ජනතාවගේ ඇස් බැඳ මෙම බිහිසුනු අනතුර රට තුළ ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ තුළ කාරණා තුනක් පැහැදිලිව දැකගත හැකි බවත් ඉන් එකක් වන්නේ රටේ ජාතික සම්පත් , ජාතික උරුමයන් දේශීය විදේශීය ධනේෂ්වර මංකොල්ලකරුවන්ට විකුණා දැමීම බවත් ඒ මහතා පවසයි.
දෙවැනි කාරණය වන්නේ 30 වසරක ත්‍රස්තවාදී යුද්ධයෙන් රට මුදාගත් රණවිරුවන්ට ජාත්‍යන්තර යුද අධිකරණයක් හමුවේ දඩුවම් පැමිණවීමට අවශ්‍ය සියලු පහසුකම් සැලසීම බවත්, මෙහි ප්‍රතිඵලය වන්නේ රට බෙදීගොස් අනාගතයේ දී යුද්ධයකින් තොරවම ද්‍රවිඩ ඊළමක් දිනාගැනීමට ඔවුන්ට හැකිවීම බවත් කල්‍යානන්ද තිරාණගම මහතා සඳහන් කරයි.
තුන්වැනි කාරණය වන්නේ රටේ සියලු සභ්‍යත්වයන්, සදාචාර ධර්ම විනාශකර, දුරාචාරය ප්‍රවර්දනය කරන සමාජයක් මෙරට නිර්මාණය කිරීම බවයි ඒ මහතා පවසන්නේ.
තිරාණගම මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මේ සියල්ලු සිදුවෙද්දී රනිල් වික්‍රමසිංහ මහතාව නායකයා ලෙස පත්කළ පොදුජන පෙරමුණේ නායකයන් ඇස් කන් වසාගෙන ගොළුවන් බිහිරන් මෙන් සිටින බවද, ඒවා වැළැක්වීමට ඔවුන් උත්සාහ නොගන්නා බවද ඒ මහතා පවසයි.
මේ සියලු අපරාධ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිදුකරද්දී මේවාට ආධාර අනුබල ලබාදීම සිදුකරන්නේ පොදුජන පෙරමුණේ නායකයන් බවට ද ඒ මහතා චෝදනා නගයි.
රටේ යහපතට පනත් සම්මත කරන බව රනිල් වික්‍රමසිංහ මහතා රටේ යහපත සඳහා සම්මත කළ පනත් මොනවැදැයි තිරාණගම මහතා ප්‍රශ්නකර සිටී.
රටේ ගොවියා නගාසිදුවීම වෙනුවෙන්, රටේ ජනතාවගේ දුප්පත්කම තුරන් කිරීමට මොනයම් හෝ පනතක් ගෙනවිත් තිබේ දැයි ප්‍රශ්න කරන ඒ මහතා, ගෙනවිත් තිබෙන පනත් මගින් සිදුකරන්නේ දුරාචාරය ප්‍රවර්ධනය කිරීම, සමාජ සංස්ථා බිඳදැමීම, සංඝ සමාජය බිඳදැමීමට හා පුද්ගලයාගේ පෞර්ෂය විනාශ කිරීම පමණක් බවත් පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
