
පුටින් සහ ෂී බෙයිජිංහිදී හමුවෙයි
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අද(16) සිය රාජ්‍ය සංචාරය අතරතුර බීජිං හිදී චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම මස මුලදී පුටින් රුසියානු ජනාධිපතිවරයා ලෙස පස්වන වරටත් දිවුරුම් දීමෙන් පසු පළමු විදේශ සංචාරය මෙම චීන සංචාරය බවද පැවසේ.
දෙරටෙහි නායක දෙපළ තියනන්මෙන් චතුරශ්‍රයේ මහජන මහා ශාලාවෙන් පිටතදි එකිනෙකා හමුවී දෙරටේ ජාතික ගී ගායනා කරන හමුදා වාද්‍ය වෘන්දයකට සවන් දුන්හ. පසුව ඔවුන් ඡායාරූපවලට පෙනී සිට දෙරටෙහි නියෝජිත පිරිස අතර හමුවක් සඳහා පිටත්ව ගියහ.
රුසියානු ජනාධිපති පුටින් සමඟ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද චීන සංචාරයට එක්ව සිටින අතර, ඔවුන් ද්විපාර්ශ්වික සබඳතා තීවර කිරීම අරමුණු කරගත් ඒකාබද්ධ ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා සඳහා සහභාගී වනු ඇත.
සංචාරයට පෙර ෂින්හුවා පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවක් අතර තුර පුටින්, දෙරට අතර වැඩී තිබෙන “පෙර නොවූ විරූ මට්ටමේ උපායමාර්ගික හවුල්කාරිත්වය” අගය කළේය.
යුක්රේන ගැටුම සම්බන්ධයෙන් රුසියාව සහ චීනය සමාන ආස්ථානයන් දැරීමද විශේෂත්වයකි. ෂින්හුවා පුවත් සේවය වෙත අදහස් දක්වමින් පුටින්, “යුක්‍රේන ගැටුමෙහි තිබෙන මූල හේතු සහ ගෝලීය භූ දේශපාලනික වැදගත්කම” අවබෝධ කර ගැනීම සම්බන්ධයෙන් බීජිනයට ප්‍රශංසා කළේය. යුක්‍රේනය සහ රුසියාව අතර පැන නැගී ඇති ආතතීන් සම්බන්ධයෙන් රුසියාවට දොස් පැවරීම චීනය ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ වෙනුවට නේටෝවේ සහ වොෂින්ටනයේ “සීතල යුද මානසිකත්වය” ප්‍රසාරනය කිරීම හෙළා දැක තිබේ.
රුසියාව සහ යුක්රේනය අතර සටන පසුගිය පෙබරවාරියේදී තෙවැනි වසරට අවතීර්ණ වූ අතර, කියෙව් පරිපාලනයට බටහිර ආධාරකරුවන් මුදල් හා ආයුධවලින් "යුද ගැටුම තිබෙන තාක්" සහාය දෙන බවට අලුත් ප්‍රතිඥා දී තිබේ.
ඒ අතරම, ඉන්දු-පැසිෆික් කලාපයේ සහ වෙනත් තැන්වල චීනය සහ එක්සත් ජනපදය අතර යුද ආතතීන් වර්ධනය වෙමින් පවතී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
