
VFS වීසා ගැටලුව ගැන සාකච්ඡා කිරීම නිලධාරීන් මගහැරලා... මුදල් කාරක සභාවේ ප්‍රසාදය
දැඩි ආන්දෝලනයට තුඩුදී ඇති VFS වීසා ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා (14) දිනයේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මුදල් කාරක සභාවට පැමිණෙන ලෙස කළ දැනුම්දීමට කලින් එකඟවී පසුව එම නිළධාරීන් එය මගහැරීම පිළිබඳව අතිශයින් කණගාටුවට පත්වන බවත් එය වරප්‍රසාද කඩවීමක් බවත් එයට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පස්වරුවේදී පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
ඔහු සඳහන් කළේ මෙම නිලධාරීන් එක් වතාවක් මුදල් කාරක සභාව හමුවේ පෙනී සිටි බවත් එහිදී මෙම වීසා ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට අද දිනයේදී පැමිණෙන බව කලින් දැනුම් දී තිබුණු බවයි.
නමුත්, 2016 දී තම කාර්යාලය වෙනස් කිරීමේදී ලිපි ගොනු කිහිපයක් නැතිවී ඇතැයි පවසමින් මෙම සාකච්ඡාවට පැමිණීමට නොහැකියැයි හදිසියේම (13) රාත්‍රියේ දැනුම් දී තිබුණු බවත් එය කිසිසේත්ම පිළිගත නොහැකි බවත් මුදල් කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පැවසීය.
ඔහු අවධාරණය කළේ මුදල් කාරක සභාවේ සාමාජිකයින් සමග සාකච්ඡා කර මෙම නිළධාරීන්ට එරෙහිව ඉදිරියේදී දැඩි පියවර ගන්නා බවයි.
එසේම, නිළධාරීන්ට මේ ආකාරයෙන් මුදල් කාරක සභාව මගහැර සිටීමට කිසිදු හැකියාවක් නොමැති බව හෙතෙම කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
