ඇමෙරිකන් කොංග්‍රසයේ නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල කතානායක ධුරයෙන් නෙරපයි
ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල කතානායක රිපබ්ලිකන් පාක්ෂික කෙවින් මැකාතිට සිය ධුරය අහිමි විය. ඒ, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සෙසු රිපබ්ලිකන් සාමාජිකයන්, මැකාති කතා නායක ධුරයෙන් ඉවත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවෙන් මැකාති පරාජය වූ බැවිනි.
නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සතුවය. සෙනට් මණ්ඩලයේ බහුතරය ඇත්තේ ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික්වරුන් සතුවය.
කතානායක ලෙස කෙවින් මැකාති ගත් තීන්දු තීරණ, ඩිමොක්‍රටික්වරුන්ගේ පමණක් නොව, රිපබ්ලිකන්වරුන් බොහෝ දෙනකුගේ ද අප්‍රසාදයට හේතුවක් වී තිබුණි. මැකාතිට විරෝධයක් මතුවූයේ එහෙයිනි.
මැකාති ධුරයෙන් ඉවත් කිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට නිල වශයෙන් ඉදිරිපත් කළේ රිපබ්ලිකන් පාක්ෂික ෆ්ලොරීඩා කොංග්‍රස්සභික මැට් ගේට්ස්ය.
ගේට්ස්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙකි. මැකාති කතා නායක ධුරයෙන් ඉවත් කිරීමට කැරැලි ගැසූ රිපබ්ලිකන්වරුන්ගෙන් වැඩි දෙනා ට්‍රම්ප් හිතවාදීන්ය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු එම යෝජනාවට පක්ෂව, මැකාති ධුරයෙන් ඉවත් කිරීමට ඡන්දය දුන් පිරිස 216 කි. මැකාතිට පක්ෂව ඡන්දය දුන් ගණන 210 කි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සිටින සියලුම ඩිමොක්‍රටික් සාමාජිකයන් ගණන 208 කි. ඔවුන් සියලු දෙනා මැකාතිට එරෙහිව ඡන්දය ලබා දුන් බව පැවැසෙයි.
ඇමෙරිකන් කතානායකවරයකු මෙසේ ධුරයෙන් ඉවත් කිරීම සිදුවූයේ පළමු වරට යැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(සී.එන්.එන්.)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ
සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්..
ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්..
නීතීඥ සංගමයෙන් ජනපතිට දැඩි විරෝධයක්..