
රාජ්‍යයේ අකටයුතුකම් පිළිබඳව නලාව පිඹින මිනිසුන් ආරක්ෂා කළ යුතුයි... ඒ අනුව ගුවන්තොටුපොළේ දී තම යුතුකම් ඉටුකළ නීතිඥයා ආරක්ෂා කළ යුතුයි - ජාතික සංවිධාන කියයි
කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ දී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ තමන් දුටු වරදක් උස් හඬින් පෙන්වා දුන් නීතිඥවරයා පොලිසියට කැඳවා අඩන්තේට්ටම් කිරීම පිළිබව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඒ පිළිබඳව දැක්වූ අදහස්,
"රාජ්‍යයේ අකටයුතුකම් පිළිබඳව හෙළිදරව් කරන රට වැසියන් ආරක්ෂා කිරීම සඳහා ලෝකයේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල විශේෂිත නීති පනවා තිබෙනවා. ඒවාට කියන්නේ නලාව පිඹින්නන් ආරක්ෂා කිරීමේ නීති කියලා. නමුත් අපේ රටේ සිදුවෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. එම නීතිඥ තරුණයා තමාට සිදුවූ අසාධාරණය පිළිබඳව සහ ඊට මුල්වූ හේතුවට අදාළව උස් හඬින් කරුණු දැක්වීම වරදක් වන්නේ කෙසේ ද?.
ඔහු එතැන කැළඹීමක් කළේ නැහැ. නිලධාරින්ගේ රාජකාරියට බාධාවක් කළේ නැහැ. ඔහු ඉටුකළේ රටවැසියකුගේ වගකීමක්. එහිදී හඬ උස්ද පහත් ද යන්න වැදගත් නැහැ.
රාජ්‍ය ආයතනයක සාමාන්‍ය ක්‍රියාවලියක් වෙනස් කිරීම නිසා අපහසුතාවකට මහජනයාට මුහුණ දීමට සිදුවුවන්නේ නම් ඒ පිළිබඳව අදාළ නිලධාරීන් පූර්ව දැනුම්දීමක් කළ යුතුයි. එසේ නොකර ගැටලුවක් මතුවූ පසු ඒ ගැන කතා කළ පුද්ගලයා දඬුකඳේ ගැසීම ලැජ්ජා නැති වැඩක්.
ඒ ලැජ්ජා නැති මුග්ද ක්‍රියාව මගින් පාලකයන් බලාපොරොත්තු වන්නේ එවැනි ක්‍රියාවන්ට පෙළඹිය හැකි සෙසු පුද්ගලයන් බියවැද්දීම සහ ඔවුන්ට මානසික බාධක පැනවීමයි. ඒ නිසා යුක්තියට ගරුකරන සියලු මිනිසුන් මේ අසාධාරණ බලහත්කාරකමට විරුද්ධ විය යුතුයි.
ඊට අමතරව මේ සියල්ල ඉන්දියානු බලහත්කාරයේම කොටසක් ලෙස තේරුම්ගත යුතුයි. ජාතික සංවිධාන හැටියට අපි මේ බියගුළු නිවට ක්‍රියා තරයේ හෙළාදකිනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
