වීසා ගැටලුව: හරීන්ගේ තර්ජනය හමුවේ පැවැති මිලටම වීසා නිකුත් කිරීමට රජය තීරණය කරයි
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා දින 30ක වීසා බලපත්‍රයක් සඳහා දැනට පවතින ඇමෙරිකානු ඩොලර් 50ක ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට අද (06දා) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
තවද, ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව යන රටවල් හතක පුරවැසියන් සඳහා දැනට ලබා දී ඇති නොමිලේ වීසා සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක වන බව තහවුරු කර ඇත.
මෙරටට විදේශිකයකු ඇතුල්වීමේදී අදාළ වීසා නිකුත්කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු බව ද රජය අවධාරණය කර තිබේ.
රටේ සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ප්‍රගතියක් මධ්‍යයේ, විදේශිකයන් සඳහා උපරිම වීසා ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 50ක් ලෙස පවත්වාගෙන යන ලෙස කර්මාන්තයේ නියැලෙන බොහෝ පාර්ශ්වකරුවන් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටි බව එම නිවේදනයේ දැක්වේ.
මෙම තීරණය සංචාරක ව්‍යාපාරයේ අනාගත ප්‍රගමනයට සුවිශේෂී රුකුලක් වන බවද අවධාරණය කර ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම තීරණයට එළඹි බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු සිය අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වන බවට තර්ජනය කර ඇති බව ද වාර්තා විය.
නව වීසා ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකර ඇති ඇමැති ප්‍රනාන්දු, නව වීසා ක්‍රමය කිසිදු වෙනසක් නොමැතිව අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් තමා සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇතැයි පැවැසිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්