
වීසා ගැටලුව: හරීන්ගේ තර්ජනය හමුවේ පැවැති මිලටම වීසා නිකුත් කිරීමට රජය තීරණය කරයි
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා දින 30ක වීසා බලපත්‍රයක් සඳහා දැනට පවතින ඇමෙරිකානු ඩොලර් 50ක ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට අද (06දා) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
තවද, ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව යන රටවල් හතක පුරවැසියන් සඳහා දැනට ලබා දී ඇති නොමිලේ වීසා සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක වන බව තහවුරු කර ඇත.
මෙරටට විදේශිකයකු ඇතුල්වීමේදී අදාළ වීසා නිකුත්කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු බව ද රජය අවධාරණය කර තිබේ.
රටේ සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ප්‍රගතියක් මධ්‍යයේ, විදේශිකයන් සඳහා උපරිම වීසා ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 50ක් ලෙස පවත්වාගෙන යන ලෙස කර්මාන්තයේ නියැලෙන බොහෝ පාර්ශ්වකරුවන් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටි බව එම නිවේදනයේ දැක්වේ.
මෙම තීරණය සංචාරක ව්‍යාපාරයේ අනාගත ප්‍රගමනයට සුවිශේෂී රුකුලක් වන බවද අවධාරණය කර ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම තීරණයට එළඹි බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු සිය අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වන බවට තර්ජනය කර ඇති බව ද වාර්තා විය.
නව වීසා ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකර ඇති ඇමැති ප්‍රනාන්දු, නව වීසා ක්‍රමය කිසිදු වෙනසක් නොමැතිව අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් තමා සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇතැයි පැවැසිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
