
සමරිසි පනතට එරෙහිව ජනපතිට විරෝධය පළ කළ යුතුයි – ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමි
සමරිසි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එරෙහිව සමූහයක් හැටියට එකතු වී වහාම ජනාධිපතිතුමාට විරෝධය පළ කළ යුතු බව ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පැවසුහ.
සමරිසි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීම හා දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ඉකුත් 03 දා උදේ කොළඹ 07, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දී පැවැත්විණි. මෙහිදී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය යටතේ ස්ථාපිත ජාතික උපදේශක සභාව නියෝජනය කරමින් ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ,
පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියන් මාර්ගගත තාක්ෂණය ඔස්සේ මහනුවර සිට සම්බන්ධ වෙමින් මෙසේ ප්‍රකාශ කරන ලදී.
"මේ විදියේ පනත් ගෙන ඒම පිළිබඳව විරෝධය පළ කිරීම කියන එක කාරණයක් පමණයි. ඊළඟට මේ විදියේ පනත් යුරෝපීය රටවල්වලට අවශ්‍යතාවට පැණවූවාට මේ යුගයේ හැටියට මෙවැනි දේවල් ගෙන ඒම තබා, මෙවැනි දේවල් ගැන රජයක් ලෙස සිතීම පවා ඉතාම නුසුදුසු ක්‍රියාවක් හැටියට සිහිපත් කරන්න පුළුවන්. ලංකාවේ තියෙන ගැටලුත් එක්ක බලපුවහම මෙවැනි අණපනත් ගෙන ඒම නෙමෙයි ලංකාවට අවශ්‍ය කරන ප්‍රධාන දේ බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් මෙවැනි පනතක් සකස් කරන්ටත් කොහොම කොහොම හරි මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් කැමති වෙන්නට ඇති. නැත්නම් මෙබඳු එකක් එළියට එන්න හේතුවක් නැහැ.
කිසියම් පිරිසක් විසින් මෙවැනි දේවල් රටට පනත් හැටියට පාර්ලිමේන්තුවට ගේන්න උත්සාහ දරනවා නම් ඒවට විරෝධය පළ කළ යුතුයි. විශේෂයෙන් පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීතුමන්ලාගේ සහායෙන් මේ ආණ්ඩුව ගෙනියන්නේ. ඔබතුමන්ලා මේ වාගේ පනත් ගෙනෙන අවස්ථාවක ඔය රජයක් ඇතුළේ ඉඳලා සහාය දෙනවා කියන එක ලැජ්ජා නැති වැඩක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා ළඟදී මැතිවරණ එන එක වෙන පැත්තක්. මැතිවරණ 02 ක්ම ඉදිරියට පැමිණිය හැකියි. මේ රටේ තියෙන දැවැන්ත ප්‍රශ්නය මෙය නොවේ. ඒ නිසා ඔබතුමන්ලා වහාම ජනාධිපතිතුමාට සමූහයක් හැටියට එකතු වෙලා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීතුමන්ලා , විශේෂයෙන් අපේ හිටපු ජනාධිපතිතුමා ඇතුළු පිරිස එකතු වෙලා මේකට විරෝධය පළ කරන්න කියල කියනවා. දෙවනුව මේ සාකච්ඡාවෙන් පසුව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ඇතුළු බෞද්ධ සංවිධාන මාර්ගයෙන් මේ රටේ මහා නායක මාහිමියන් වහන්සේලා ඇතුළු ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ළඟට ගොස් උන් වහන්සේලාගෙත් විරෝධය පළ කරන්නය කියලා ඉල්ලීමක් කරන්නට ඕනෑ. මෙයට අපේ පෞද්ගලික විරෝධයත් මේ වේලාවේදි පළ කර සිටිනවා. රටට අවශ්‍ය දේවල් කරන්න. අනවශ්‍ය දේවල් එක එක සංවිධානවල, රටවල්වල අතකොළු වෙලා කරන්නට උත්සුක වෙන්නට එපා. ඒවට ඉඩ දෙන්නටත් එපා. වර්තමානයේ මේවා නෙමෙයි මේ රටට කළ යුතු දේවල් හැටියට තියෙන්නේ."
මේ රැස්වීමට ගරුතර මහා සංඝරත්නය සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
