
‘13’ පදනම් කරගත් දේශපාලන විසඳුමක් නුදුරේදීම ලැබෙනවා - එරික් සොල්හයිම් කියයි
දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පදනම් කර ගනිමින් දෙමළ ජනතාවගේ දේශපාලන ගැටලුවට විසඳුම් ලැබිය යුතු යැයි තමන් විශ්වාස කරන බව නෝර්වේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය ජාත්‍යන්තර කාලගුණ විපර්යාසයන් පිළිබඳ ජනාධිපති උපදේශක එරික් සොල්හයිම් මහතා ප්‍රකාශ කර ඇත.
පසුගියදා උතුරේ සංචාරයක නිරත වෙමින් රාජ්‍ය නිලධාරීන් හා මහජන නියෝජිතයන් හමුවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ ජීවත්වන දෙමළ ජනතාව වෙනුවෙන් දේශපාලන විසඳුමක් ලබාදීමට නම් සිංහල මුස්ලිම් ජනතාවගේ සහයෝගය අවශ්‍ය බව මෙහිදී සොල්හයිම් මහතා පවසා ඇත.
දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙමළ ජනතාවගේ දේශපාලන ගැටලුව විසඳීම සඳහා වන මූලික අඩිතාලම විය යුතු වන අතර එම විසඳුම නුදුරේදීම ලැබෙනු ඇතැයි තමා විශ්වාස කර සිටින බවද ඔහු සඳහන් කර ඇත.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වුවහොත් ඒ ඒ පළාත්වල ජනතාවට ලැබෙන බලතල භාවිත කිරීමේ හැකියාවත් ලැබෙන බවද එරික් සොල්හයිම් මහතා පෙන්වා දී ඇත.
දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලබාදීමට නොහැකි වීම පිළිබඳව තමන් කනගාටු වන බව මේ අතර ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක එස්. ශ්‍රීධරන් මහතා හමුවූ අවස්ථාවේ එරික් සොල්හයිම් මහතා ප්‍රකාශ කර තිබිණි.
- මව්බිම -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
