
මිලියන 670ක් පිල්ලි ගහන එන්නත් මගඩියක් එළියට
රුපියල් මිලියන 330කට මිලදී ගත හැකි ‘සිපරොක්සින්’ නමැති ප්‍රබල ප්‍රතිජීවක එන්නත් කුප්පි ලක්ෂ නවයක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 1000ක් ඉක්මවූ වැඩි ලංසුවක් ඉදිරිපත් කර ඇති ඒකාධිකාරී බලයක් සහිත සමාගමකට ලබාදීමේ සූදානමක් පවතින බවට ‘ඉරිදා දිවයින’ පුවත්පත වාර්තා කරයි.
අදාළ මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවීමේදී තරඟකාරී සමාගම්වලට අවස්ථාව ලබානොදීම හේතුවෙන් මෙලෙස වටිනාකම මෙන් තුන් හතර ගුණයක මුදලක් ගෙවීමට සිදුව ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් මිල අඩු සමාගම් ලියාපදිංචි කිරීමේදී දක්වන උදාසීනත්වය සහ පවතින ‘නිලධාරි මාෆියාව’ හේතුවෙන් බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
‘සිපරොක්සින්’ ඖෂධ එන්නත් කුප්පියක් සාමාන්‍ය මිලදී ගැනීමේදී ඩොලර් සත විසිපහක් වන අතර, මෙම ගනුදෙනුවේදී එක් එන්නත් කුප්පියක් සඳහා ඩොලර් පහකට ආසන්න මුදලක් ඉදිරිපත් කර ඇති බවත්, ඖෂධ නියාමන අධිකාරිය ආරංචි මාර්ග සඳහන් කර ඇත.
මෙම ‘සිපරොක්සින්’ ගනුදෙනුව සම්බන්ධයෙන් වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා සහ සෞඛ්‍ය ලේකම්වරයා කඩිනමින් පියවර ගතයුතු බවත් එසේ නොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත පැමිණිලි කිරීමටත් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය, ජී.ජී. චමල් සංජීව මහතා එම පුවත්පතට ප්‍රකාශ කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
