මිලියන 670ක් පිල්ලි ගහන එන්නත් මගඩියක් එළියට
රුපියල් මිලියන 330කට මිලදී ගත හැකි ‘සිපරොක්සින්’ නමැති ප්‍රබල ප්‍රතිජීවක එන්නත් කුප්පි ලක්ෂ නවයක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 1000ක් ඉක්මවූ වැඩි ලංසුවක් ඉදිරිපත් කර ඇති ඒකාධිකාරී බලයක් සහිත සමාගමකට ලබාදීමේ සූදානමක් පවතින බවට ‘ඉරිදා දිවයින’ පුවත්පත වාර්තා කරයි.
අදාළ මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවීමේදී තරඟකාරී සමාගම්වලට අවස්ථාව ලබානොදීම හේතුවෙන් මෙලෙස වටිනාකම මෙන් තුන් හතර ගුණයක මුදලක් ගෙවීමට සිදුව ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් මිල අඩු සමාගම් ලියාපදිංචි කිරීමේදී දක්වන උදාසීනත්වය සහ පවතින ‘නිලධාරි මාෆියාව’ හේතුවෙන් බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
‘සිපරොක්සින්’ ඖෂධ එන්නත් කුප්පියක් සාමාන්‍ය මිලදී ගැනීමේදී ඩොලර් සත විසිපහක් වන අතර, මෙම ගනුදෙනුවේදී එක් එන්නත් කුප්පියක් සඳහා ඩොලර් පහකට ආසන්න මුදලක් ඉදිරිපත් කර ඇති බවත්, ඖෂධ නියාමන අධිකාරිය ආරංචි මාර්ග සඳහන් කර ඇත.
මෙම ‘සිපරොක්සින්’ ගනුදෙනුව සම්බන්ධයෙන් වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා සහ සෞඛ්‍ය ලේකම්වරයා කඩිනමින් පියවර ගතයුතු බවත් එසේ නොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත පැමිණිලි කිරීමටත් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය, ජී.ජී. චමල් සංජීව මහතා එම පුවත්පතට ප්‍රකාශ කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්