News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියාව සැරසෙන්නේ සය වැදෑරුම් Connectivity එකක් ලංකාවට හදන්න...දින 56න් ඉන්දියාවේ සිට තෙල් නලයක්... රටේ ප්‍රධාන ගුවන්තොටුපළවල් 3ක් ඉදිරියේදී ඉන්දියාව සතු වෙනවා - විමල් මැයි දින රැලියේ දී හෙළිකරයි

May 3, 2024 at 06:38 AM
|

අද ජනතාවට අවශ්‍යව ඇත්තේ “රටේ ස්වෛරීභාවය පාවාදී ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය බවට පත් කිරීමේ පරගැති ගමන ආපසු හරවා, රට, දැය නැවත නියම මාවතට රැගෙන ඒමට හැකි” සැබෑ ජනාධිපති අපේක්ෂකයකු යැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා සම සමාජ පක්ෂය, විජය ධරණී ජාතික සභාව හා ‘යුතුකම’ ජාතික සංවිධානය යන උත්තර ලංකා සභාගයට අයත් දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධානවල ද ඉහත පක්ෂවලට අනුබද්ධ වෘත්තීය සමිතිවල ද සහභාගිත්වයෙන්  කිරුළපන ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩාංගණයේදී පැවැති “77න් ඇරඹි පරාධීන ආර්ථික ගමනට එරෙහි එක්සත් මැයි රැලිය” අමතමින් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

මීට අමතරව උත්තර ලංකා සභාගයේ ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, උත්තර  ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, උත්තර ලංකා සභාගයේ අනුශාසක, විජය ධරණී ජාතික සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, උත්තර  ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, යුතුකම ජාතික සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, සම සමාජ පක්ෂයේ ලේකම් ඩබ්ලිව්. අබේසේන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සභාපති, නීතිඥ නිමල් ආර්. රණවක යන දේශපාලන පක්ෂ නායකයෝ සහ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් එච්. ඩී. ආර්. අතුල, එක්සත් වතු කම්කරු සමිතියේ සභාපති ඒ. මුත්තුලිංගම්, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් පී. එච්. එස්. ශාන්තප්‍රිය යන අනුබද්ධ වෘත්තීය සමිතිවල නායකයෝ ද මෙම එක්සත් මැයි රැලිය අමතා අදහස් දැක්වූහ.

මෙහිදී මෙම එක්සත් මැයි රැලියේ “ප්‍රතිපත්තිමය යෝජනාව” ලක්මව දියණියෝ සංවිධානයේ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය විසින් ද “පලස්තීන සහයෝගීතා ප්‍රකාශය” ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා විසින් ද මෙම එක්සත් මැයි රැලියේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ අතර ඒවාට අනුමැතිය ලැබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උත්තර  ලංකා සභාගයේ සභාපතිවරයා මෙසේද සඳහන් කළේය.

ප්‍රගතිශීලී ජනතාවගේ අධිෂ්ඨානය

“ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට ඇදවැට්ටුවාට පස්සේ, ඒ අර්බුදය වවාගෙන කන, පාලක පැළැන්තියක් හමුවේ, ඊට අභියෝග කිරීම සඳහා නිවැරදි ගමන් මගක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. ඉදිරියේදී එළඹෙන ජනාධිපතිවරණය ඒ නිවැරදි ගමන් මඟ තීරණය කරන ඓතිහාසික අවස්ථාව බවට පරිවර්තනය කිරීම සඳහා, මේ රටේ වැඩ කරන ජනතාව ප්‍රමුඛ දෑහිතකාමී, ප්‍රගතිශීලී ජනතාවගේ අධිෂ්ඨානය තමයි අද මේ කිරුළපන ක්‍රීඩාංගණයේදී බලමුළු ගැන්වෙන්නේ.

දිනන කෙනාට ‘කට්ට’ විතරයි

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමන්ට ලැබුණු 69 ලක්ෂයක ජනවරමට පස්ස හරවලා, ‘ඔටුන්න’ රනිල් වික්‍රමසිංහ මහත්තයාට පළන්දලා අද ඒ ජනවරමට පටහැනි ගමනක් යන්න ලයිසන් එකයි දීලා තියෙන්නේ. සමහරු බලන් ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණය තිබ්බාම ඒ ඔටුන්න එයාගෙන් බාරගන්න. ඒත් බාරගන්න රටක් ඉතිරි කරලා නොවෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණය තියන්න යන්නේ; ‘අලියා ගිල්ල දිවුල’ බවට මේ රට පත්කරලයි එයා ජනාධිපතිවරණය තියන්න යන්නේ. දිනන කෙනාට කට්ට විතරයි, ‘මදය’ ඒ වනවිටත් විදේශ බලවේගවල බඩේ.

නමුත් ජනාධිපති වෙන්න බලාගෙන ඉන්න උන්දැලාගේ වේදිකාවල මේ ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. දැන් ‘රතු මැයි රැලිය’ කියලා එකකුත් නැහැ, වෙන මොකක්දෝ එකක් තමයි තියෙන්නේ. අද ඉතිහාසයේ අන් කවරදාටත් වැඩියෙන් මේ රටේ ආර්ථික මර්මස්ථාන විකුණන් කෑම ඉදිරියට යනවා. බලශක්ති සුරක්ෂිතතාව ලංකාවට අහිමි කරමින් ඉන්නවා. විදුලි බල මණ්ඩලය කෑලි 12කට කඩලා, ඉන්දියාව ඇතුළු රටවල සමාගම්වලට කුණුකොල්ලෙට විකිණීමට සූදානම් කරගෙන යනවා.

සය වැදෑරුම් Connectivity එකක්

දැන් බලන්න, ඉන්දියාව සූදානම් වෙන්නේ සය වැදෑරුම් Connectivity එකක් ලංකාවට හදන්න. ‘අපි ඔයාලාට තෙල් නළයක් දවස් 56කින් හදලා දෙන්නම්. රටවල් දෙකේ විදුලි බල පද්ධති Connectivity කරන්නම්.’ කියමින් දැන් මේ සය වැදෑරූම් ඒකාබද්ධකරණ මෙහෙයුම ඉන්දියාව විසින් දියත් කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් නරේන්ද්‍ර මෝඩි ඉන්දීය අගමැතිවරයා ඉදිරියේ ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් 2023 ජූලි මස 21 වන දින එකඟ වූ, දැනටමත් ක්‍රියාත්මක වීම අරඹා ඇති ඒ සය වැදෑරුම් ඒකාබද්ධකරණ මෙහෙයුම අපි ඉතා හොඳින් හඳුනාගත යුතුයි. මේ ඒකාබද්ධතාව, Connectivity යන ඉංග්‍රීසි නාමකරණයෙන් හැඳින්වෙනවා. මුදල් ඒකක ඒකාබද්ධකරණය හෙවත් මුදල් ඒකක Connectivity මගින් ඉන්දියානු රුපියල් ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ සිල්ලර ගනුදෙනු සඳහා පවා භාවිතා කිරීමට අවස්ථාව සැලසෙනවා. ඒ සඳහා නව මහ බැංකු පනතින් ප්‍රතිපාදන සලසා ඇති අතර ඉලෙක්ට්‍රොනික මුදල් හුවමාරු ක්‍රමයක් ද හඳුන්වා දී තිබෙනවා. රේගු ඒකාබද්ධකරණය හෙවත් Custom Connectivity මගින් ඉන්දියාවේ එක් ප්‍රාන්තයක සිට තවත් ප්‍රාන්තයක් දක්වා භාණ්ඩ හුවමාරු කරන ආකාරයට  ශ්‍රී ලංකාව සමග වෙළඳ ගනුදෙනු කිරීමට ඉඩ විවර වෙනවා. මූල්‍ය සහ බදු ප්‍රතිපත්ති ඒකාබද්ධකරණය හෙවත් Connectivity මගින් ඉන්දියානුවන්ට ශ්‍රී ලාංකිකයන් සේ සැලකීමේ හැකියාව හිමි වෙනවා. ඊළඟ එක තමයි ගුවන්තොටුපළ සහ වරාය ඒකාබද්ධකරණය. හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා ඉන්දියාවේදී සිනා සිසී පැවසුවේ ද මෙයයි. ඔහු එහිදී පැවසුවේ මේ ගුවන්තොටුපළ හා වරාය Connectivity මගින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගුවන්තොටුපළවල් 3ක් ඉදිරියේදී ඉන්දියාව සතු වන බවයි.

විදුලිය – තෙල් Connectivity අරඹලා

පාර්ලිමේන්තුව හමුවට ගෙනඒමට නියමිත නව විදුලිබල පනත මගින් මෙරට විදුලි බල පද්ධතිය ඉන්දියාවේ විදුලි බල පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීම සඳහා ප්‍රතිපාදන පනවා තිබෙනවා. ඒ අතර ඉන්දියාවේ සිට  ශ්‍රී ලංකාව දක්වා තෙල් නලයක් එළීමේ ක්‍රියාදාමය දින 56කින් සම්පූර්ණ කිරීමට හැකි බව ද ඉන්දියානු බලධාරීන් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඒ විතරක් නොවෙයි අදානි සමාගමට ටෙන්ඩර් කැඳවීමකින් තොරව මන්නාරම සහ සාම්පූර් සුනිත්‍ය විදුලි බල ව්‍යාපෘති ලබාදීමට එකඟ වී තිබෙන අතර විදුලිය ඒකකයකට රුපියල් 50කට ආසන්න මුදලක් ගෙවීමට ද අපේ විදුලි බල මණ්ඩලය එකඟ වී තිබෙනවා.

Connectivityහි අවසන් කොටස

ඒකාබද්ධකරණය හෙවත් Connectivityහි අවසන් කොටස වන්නේ භෞතික ඒකාබද්ධකරණයයි. මේ සඳහා කිලෝමීටර් 23ක් පමණ දිග ‘ආදම්ගේ පාලම’ ඉදිකිරීමට අදාළව ශක්‍යතා අධ්‍යයනයක් ද සිදුකර ඇති අතර ත්‍රිකුණාමලයේ සිට ධනුෂ්කොඩි දක්වා කිලෝමීටර 126ක ජාත්‍යන්තර දුම්රිය මාර්ගයක් ඉදි කිරීම සඳහා ද දැනටමත් ඉන්දීය රජය විසින් මූල්‍ය පහසුකම් වෙන්කර තිබෙනවා. පසුගිය දිනවල ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස සාගල රත්නායක නවදිල්ලියට ගොස් තිබුණේ ද මේ භෞතික ඒකාබද්ධකරණය කඩිනම් කිරීම සඳහායි.

සිකීමයේ ඉරණම අපටත්?

සිකීමය නමැති ස්වෛරී රාජ්‍යයෙහි 1973 දී පැවති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ ඉන්දියාවට හිතවත් අගමැති අපේක්ෂකයා නොවෙයි. පසුව රෝ ඔත්තු සේවාව මැතිවරණය දූෂිත බවට මතයක් යවලා සිකීමයේ රජු බියගන්වලා යළි මැතිවරණයක් පවත්වන තැනට කටයුතු සැලැස්වූවා. එහිදී ඉන්දියාවට හිතවත් අපේක්ෂකයා වූ ලෙන්ඩප් ඩෝර්ජි ජයග්‍රහණය කරලා සිකීමයේ අගමැතිවරයා බවට පත්වෙනවා. ඉන්පසුව ඉන්දියාව සහ සිකීමය අතර ගිවිසුම් ගණනාවක් අත්සන් තැබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස 1975 වන විට සිකීමය ඉන්දියාවේ 22 වැනි ප්‍රාන්තය බවට පත්වෙනවා. ‘ඉන්දියාව සමඟ ඒකාබද්ධ වීම අපට අවාසිදායකයි. අපි චීනය සමඟ ඒකාබද්ධ විය යුතුයි’ කියා පසුව සිකීමයේ පක්ෂ විපක්ෂ සියලුම මහජන නියෝජිතයන් එහි පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආවා. සිකීමයේ තෙල් සහ විදුලිය ඉන්දියාව සමග Connectivity වෙලයි තිබුණේ. ඒ නිසා ඉහත යෝජනාව එන බව දැනගත් වහාම ඉන්දියාව අදාළ තෙල් නලය වැහුවා. විදුලිය විසන්ධි කලා. සිකීමය කළුවර වුණා. තෙලුත් නැති වුණා. පාර්ලිමේන්තුවට දමපු යෝජනාවත් අතුරුදහන් වුණා. තවමත් සිකීමය ඉන්දියාවේ අර්ධ යටත්විජිත කොලනියක්ව පවතිනවා. දැන් මේ ආර්ථික අර්බුදය පාවිච්චි කරලා සිකීමය හා සමාන ඉරණමකට  ශ්‍රී ලංකාව ඇදදමන්නයි ඉන්දියාව සූදානම් වෙන්නේ.

එට්කාත් මඟ එනවා

මොන අමාරුකම් මැද්දේ වුවත් වසර 2500ක් තිස්සේ රැකගත් අපේ ශිෂ්ටාචාරගත උරුමයන්, අනන්‍යතාව හා ස්වෛරීභාවය අහිමි කරලා මේ රට ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත් කරන්නයි මේ යන්නේ. ඒ සඳහා ඉහත කී සය වැදෑරුම් Connectivity මෙහෙයුමට අමතරව එට්කා ගිවිසුමත් එනවා. දැන් හොර රහසේ ඒ ගිවිසුමේ වගන්ති ටික හදාගෙන යනවා, ඉන්දියාවේ මහ මැතිවරණයට පෙර ඒක අස්සන් කරන්න. එට්කා ගිවිසුම ආවාම ශ්‍රී ලංකාවේ රැකියාවලට, වෙළඳාමට ඉන්දියානුවකුට, ශ්‍රී ලාංකිකයකුට තිබෙන අයිතිවාසිකමම ලැබෙනවා. පෞද්ගලික අංශයේ රැකියාවලට පමණක් නොවයි නොවෙයි රාජ්‍ය අංශයේ තෝරාගත් අංශ සඳහා ද ඉන්දියානුවන්ට අවස්ථාව ලැබෙනවා.

ඒ අතරේ දේශීය නිෂ්පාදනවල පිරිවැය වැඩිවන ලෙස වැට් බද්ද ගහනවා. ඒ පිරිවැය දරාගන්න බැරුව අපේ කර්මාන්ත වැහෙනවා. අපේ කෘෂිකාර්මික නිෂ්පාදකයා ගොවිබිම් අත හරිනවා. මේ ඛේදවාචකය කරා තමයි ඔබගේත් මගේත් මාතෘභූමිය ඇදගෙන යමින් තිබෙන්නේ.

රාමාගේ කෝවිල්

ඒ විතරක් ද දැන් බිලියන 50ක් වියදම් කරලා ලංකාව තුළ ඉන්දියාවේ ‘රාම – රාවණා පුරාවෘත්තයට’ පණ දෙන්න යනවා. තව පැත්තකින් කියනවා, ‘ජම්බුද්වීපය කියන්නෙ ලංකාව. බුදුන් උපන්නේ ලංකාවේ.’ කියලා. අන්තිමට බුදුන් වහන්සේට ආතක්පාතක් නැති වෙනවා. රාමාගේ කෝවිල් මෙහෙ හැදෙනවා. දැන් මේ විදියට ඉන්දියාව හදන පාර දිගේ, ඉන්දියානු බස් එකෙන්, සංචාරකයන් රූමස්සලට ඇවිත් ඉන්දියානු කඩෙන් වඩේ, තෝසේ කාලා ආපහු ඉන්දියාවටම යනවා. අපට සංචාරක ව්‍යාපාරය විදිහට සත පහක් ලැබෙන්නේ නැහැ.

QUAD හවුල වැඩට බැහැලා

ඉන්දු පැසිෆික් සාගර කලාපය තමයි ලොව යුදමය වශයෙන් වැදගත්ම සාගර කලාපය. මේ සාගර කලාපයේ බලය තිබෙන බලවතා අතේ තමයි අනාගත ලෝක බලයත් තිබෙන්නේ. QUAD හවුල නමින්, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව හා ජපානය අද මේ ඉන්දු – පැසිෆික් සාගර කලාපය සඳහා මිලිටරිමය සංවිධානයක් ගොඩනඟා තිබෙනවා. එය තමයි දකුණු ආසියාවේ නේටෝව ලෙස ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා අපි හොඳින් තේරුම් ගන්න ඕනේ, ‘මෙවැනි උපායමාර්ගිකව වැදගත් තැනක පිහිටි  ශ්‍රී ලංකාව නමැති රාජ්‍යයේ ස්වෛරීත්වය සම්පූර්ණයෙන්ම බිල්ලට ගෙන, ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය බවට පත්කරලා, ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා ලව්වා, ඇමෙරිකා එක්සත් ජනපදයට අවශ්‍ය ඉතිරි දේවලුත් කරගන්න තමයි මේ හදන්නේ. ඒකට තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද පාර කපන්නේ.’ කියා

රෝහණ විජේවීර සහෝදරයාගේ දෙවන මරණය

ළඟදීම අමෙරිකානු තානාපතිනිය ජුලී චන්ග් ලංකාවෙන් යනවා. ඊටත් වඩා ‘හොඳ බඩුවක්’ ඉතිරි ටික කරන්න ලංකාවට එවීමට නියමිතයි. මේ විපත, අනතුර දකින්නේ නැති, ඒ ගැන කටක් ඇරලා කියන්නේ නැති, දේශපාලන තක්කඩින් පිළිබඳව මේ රටේ ජනතාව ඉතා අවදියෙන් සිට වෙලාව ආවාම නිසි පිළිතුර දිය යුතුයි. දැන් බලන්න, අනුර කුමාර තෙමේලා රතු ටයි දමලා, කෝට් ඇඳලා ඉන්දියාවට ගිහිල්ලා, එහි විදේශ ඇමති හමුවෙනවා; අමුල් එකට ගිහිල්ලා කිරි බොනවා. ‘දැන් ඉන්දියාවත් හොඳයි – අපිත් හොඳයි’ කියලා කියනවා. රෝහණ විජේවීර සහෝදරයා හිටියනම් මේවා දැකලා දෙවන වතාවටත් මැරෙනවා.

‘නන්දලාල් දොස්තරගේ’ ඉන්ජෙක්ෂන්

මේ ආර්ථික අර්බුදය පාවිච්චි කරලා, එක පැත්තකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැන් ගොඩඑන්න බැරි බෙහෙත් පොවමින් ඉන්නවා.  ශ්‍රී ලංකා ලංකා ආර්ථිකයට වැළඳී තිබුණේ සෙම්ප්‍රතිශ්‍යාවක්. දැන් දුන්නු බෙහෙත්වලින් නියුමෝනියාව හැදිලා තියෙනවා. නන්දලාල් දොස්තර මහත්තයා ඇවිත් ‘බංකොලොත් කියලා ඉන්ජෙක්ෂන් එකක්’ දුන්නා. සෙම්ප්‍රතිශ්‍යාව, නියුමෝනියාවට හැරුණා. පාකිස්ථානයේ ආර්ථිකයටත් මෙවැනි සෙම්ප්‍රතිශ්‍යාවක් තිබුණා. IMF එක පාකිස්ථානයටත් කිව්වා, ‘අර ලංකාවේ නන්දලාල්ලා ගහපු ඉන්ජෙක්ෂන් එක ගහපන්. ණය ගෙවාගන්න බැහැ කියලා කියපන්’ කියලා. නමුත් පකිස්ථානය එහෙම කළේ නැහැ. නන්දලාල් වගේ ‘ගොන් අධිපති කෙනෙක් – IMF කුක්කෙක්’ පකිස්ථානයේ හිටියේ නැහැ. දැන් බලන්නකෝ මුන් මහ බැංකුව ස්වාධීන කරගෙන කරපු වැඩේ. සියයට හැත්තෑවකින්, අසූවකින් පඩි වැඩි කරගන්න එකයි පළමුවෙන්ම කළේ. මේ විදිහට නන්දලාල් නියුමෝනියාව හදපු ලෙඩාව දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, දැඩි සත්කාර ඒකකයේ තියාගෙන මැරෙන්න නොදී, හුස්ම ගන්න විතරක් පුළුවන් විදිහට පවත්වාගෙන යනවා. දැන් වික්‍රමසිංහ මහත්තයා කලිසම උස්සමින් අපට කියනවා, ‘දැන් ලෙඩාට සනීපයි’ කියලා.

අපට වුවමනා ජනාධිපති අපේක්ෂකයා

හැබැයි මේ රටේ ජනගහනයෙන් සියයට 50කට ජාතික ආදායමෙන් සියයට 4යි ලැබෙන්නේ. ඉතින් කොහොමද ලෙඩාට සනීප වෙන්නේ? අද තුන්වේල කාපු මිනිහා දෙවේලයි කන්නේ. දෙවේල කාපු කෙනා එක වේලයි කන්නේ. පාසල් යන්නේ නැති දරුවන් වැඩි වෙනවා. දුප්පත්කම හතරවටින් ගලාගෙන එනවා. අපි මෙතැනට ආවේ ‘චූන් පාන් දේශපාලනයක්’ ගැන කතා කිරීමට නොවෙයි. අපි මෙතැන සජිත් ප්‍රේමදාසගේ කමිසයට යටින් පෙනෙන සුරය ගැන, අනුර කුමාරගේ නිකම් ලැබුණු ඇඳුම්වල බ්‍රෑන්ඩ් එක ගැන, මේ කිසිවක් ගැන කතා කරන්නේ නැහැ. ඒවා ජාතික ප්‍රශ්න නොවෙයි. අපි පෙන්වා දුන්නේ රට හමුවේ පවතින ඇත්ත අනතුර ගැනයි. අපට ජනාධිපති අපේක්ෂකයෙක් ඕනේ මේ අනතුර, විපත වළක්වලා, රට, දැය නියම මාවතට අරගෙන එන්නයි. මේ රටේ ස්වෛරීත්වය පාවලා දීලා, මේ රට ඉන්දියාවේ 29 වන කොලනිය බවට පත් කරන එක වළක්වාගන්නයි අපට ජනාධිපති අපේක්ෂකයෙකු වුවමනා වන්නේ.

‘ඔබේ සභාගය’

අර ඉහත කී ජාතික ආදායමෙන් සියයට හතරක් ලැබෙන සියයට පනහ ඇතුළෙයි අපි හැමෝම ඉන්නේ. ඒ නිසා අපි හැමෝටම තිබෙන්නේ එකම සටනක්. ඒ සටන වෙනුවෙන් හැදුණු එකම මැයි දින වේදිකාව තමයි මේ උත්තර  ලංකා සභාගයේ එක්සත් මැයි දින වේදිකාව. අනෙක් ඒවා ටොෆි සිගරට් විකුණන ඒවා. එයාලා ‘උමා ඔයේ හිල ලොකු ද, පොඩි ද?’ කියලා බලනවා. ඇත්ත අනතුරට, අවදානමට එරෙහිව සටන් කරන්න දෑ හිතකාමී, ප්‍රගතිශීලී වාමවාදී, අධිරාජ්‍ය විරෝධී බලවේග එකට එකතු කරන මධ්‍යස්ථානය තමයි උත්තර  ලංකා සභාගය. ජාතියේ දෙවැනි නිදහස් අරගලයට නායකත්වය දෙන ඔබේ සභාගය එයයි. ඒ සභාගය සමඟ එක්ව සටන්කාමීව, ජවසම්පන්නව ඉදිරියට යන්න එක් වෙමු! රොද බැඳ ගනිමු! ඒ සඳහා ඔබ සැමට ධෛර්යය ශක්තිය ලැබේවා!”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.
වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.
සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.
චීන ජනාධිපති ෂී ජින්පිං එළැඹෙන සතියේ උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වන බව දෙරටම අද (5) නිල වශයෙන් නිවේදනය කර ඇත.
දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

ප්‍රධාන පුවත්

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අනු‍ර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ඉදිරියේ දණ නමා, කිසිදු හෘද සාක්ෂියක් නොමැතිව රටේ පොදු ජනතාව මත බර පිට බර පටවමින්, පහළ පන්තියේ මිනිසාගේ ලේ උරා බොන ඉතාම නරුම සහ දුෂ්ට පාලනයක් වත්මන් රජය විසින් ගෙන යමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට හා රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.