News Category
From Date
To Date
Maximum Number of Result

දේශප්‍රේමී ජනපති අපේක්ෂකයෙක් සමග දේශප්‍රේමී නැවුම් බලවේගයක් ගොඩනගනවා - උදය ගම්මන්පිල

May 2, 2024 at 11:58 AM
|

දේශප්‍රේමී ජනාධිපති අපේක්ෂකයෙක් සමග දේශප්‍රේමී නැවුම් බලවේගයක් ගොඩනගන බව උත්තර  ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපති පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ කිරුලපන දී “77න් ඇරඹි පරාධීන ආර්ථික ගමනට එරෙහි එක්සත් මැයි රැලිය” යන තේමාව යටතේ පැවති උත්තර  ලංකා සභාගයේ මැයි දින රැළිය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා මෙසේ ද පැවසීය.

රනිල්ට ඉඩදෙමු කියන තරුණ පුතාලා නොදත් කතාව

"2015 දී ඒකාබද්ධ විපක්ෂයේ කුළුඳුල් මැයි රැළිය අපි පැවැත්වුවේ මේ පිට්ටනියේ. එදා ඒ වේදිකාව දෙවනත් කරපු අපේ නායකයෝ රනිල් වික්‍රමසිංහ මහත්තයාව පතුරු ගහලා පරගැති ජනපීඩක යහපාලන ආණ්ඩුව පෙරලලා දේශප්‍රේමී ආණ්ඩුවක් හදන බවට සපථ කලා. අවාසනාවකට අද රනිල් වික්‍රමසිංහගේ ඇමතිකට්ටකට රනිල් වික්‍රමසිංහ වර්ණනා කරමින් ඉන්නෙත් එදා මේ වේදිකාවේ ඉදන් යහපාලන ආණ්ඩුව පෙරලලා දේශප්‍රේමී ආණ්ඩුවක් හදන්න පොරොන්දු වුන අයමයි.

අපි පොරොන්දු වූ ආකාරයටම දේශප්‍රේමී ආණ්ඩුවක් හැදුවා. අපේ පොරොන්දු අපි ඉටු කලා. හැබැයි අපි ආණ්ඩු බලය අල්ල ගන්න කොටම ඇමරිකාව අපේ ජනපති අල්ලගත්තා. අපි පත් කරපු ජනපති රට පාලනය කලේ ඇමෙරිකානුවන් දෙන්නෙකුට ඕන විදිහට. එක්කෙනෙක් කොරියානු ඇමරිකානුවෙක් වන ජූලි චං තානාපති නෝනා. අනික් එක්කෙනා මැද මුලන ඇමරිකානුවෙක් වන බැසිල් රාජපක්ෂ. ඒ ඇමරිකානුවන් දෙන්නාගේ ලණු කාලා හදාගත්ත ආණ්ඩුවත් විනාශ කරගෙන වැඩේ වැරදුනාම ගෝඨාභය මහත්තයා ඇමරිකාවේ යන්න වීසා ඉල්ලුවාම උඹෙන් දැන් අපට වැඩක් නෑ. ඔන්න ඔහේ ලංකාවට වෙලා හිටපන් කියලයි ඇමරිකාව කිව්වේ.

එහෙම තමයි රනිල් පත් කරගත්තේ. දැන් රනිල්ට ඉඩදෙන්න කියලා තරුණ පුතාලා ටිකක් යතුරුපැදි සවාරියක් යනවා. මේ පුතාලා දන්නේ නෑ මේ රටේ ජනතාව දෙපාරක් වැරදිලා රනිල්ට ඉඩ දුන්නා. ඉඩ දීලා රට නැතිවෙන්න ඔන්න මෙන්න කියලා අපි බොහොම අමාරුවෙන් මේ රට බේරගත්තේ. ඒක පුංචි තරුණ පුතාලට කියලා දෙන්න එක වැඩිහිටි අපේ වගකීමක්.

බඳින්න කලින් හිටපු ගෑණි නෙමෙයි බැන්දට පස්සේ හිටියේ

අපි ගෝඨාභය මහත්තයව තෝරගත්තේ ජවිපෙ ඊබ්‍රහම් නානා තෝරගත්තා වගේ හොයන්නේ බලන්නේ නැතුව නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම් විදිහට මුළු ලෝකයම පරාජය කරන්න බෑයි කියපු කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීමට නායකත්වය දුන්නා වගේම, නාගරික සංවර්ධන ලේකම් විදිහට කොළඹ කුණු නැති කරලා මාර්ග පාදලා ලෝකයේ පිරිසිදුම නගරය බවට කොළඹ නගරය පත් කරනවාත් අපි දැක්කා.  ලංකා රෝහලේ සභාපති වෙලා වසර ගණනාවක් පාඩු ලබපු  ලංකා රෝහල ලාභ ලබන තැනක් බවට පත්කරනවාත් අපි දැක්කා. මිලිබෑන්ට , බර්නාඩ් කෘෂ්ණ වගේ ජාත්‍යාන්තර පිරිස් සටන් විරාම දෙන්න කියලා බලපෑම් කරන්න ලංකාවට ආවහම අපේ ස්වාධීනත්වයේ පාඩම කන පුරා උගන්නලා යවපු හැටිත් අපි දැක්කා. ඒ නිසයි අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයව තෝරගත්තේ. හැබැයි අවාසනාවකට ජනපති වෙන්න කලින් හිටපු ගෝඨාභය ජනපති උනාට පස්සේ ඉන්න ගෝඨාභයයි දෙන්නෙක් වුණ. සමහරු දික්කසාද නඩුවලදී උසාවියට ඇවිත් කියනවා බඳින්න කලින් හිටපු ගෑණි නෙමෙයි බැන්දට පස්සේ හිටියේ කියලා. තවත් සමහරු කියනවා ස්වාමීනි බඳින්න කලින් හිටපු මිනිහා නෙවෙයි බැන්දට පස්සේ ඉන්නේ කියලා. අපිට වුණෙත් ඔය ටිකමයි. ජනපති වෙන්න කලින් මිලිබෑන්ට කනේ ඇඟිලි ගහගන්න දේශප්‍රේමී පාඩම උගන්නපු ගෝඨාභය ජනපති උනාට පස්සේ ජූලිචං ඉස්සරහා පූස් පැටියෙක් බවට පත්වෙලා පුරුපුරු ගාන්න පටන් ගත්තා.

දේශප්‍රේමී බලවේගය මරන්නත් බෑ. මැරෙන්නෙත් නෑ

මිත්‍රවරුනි අපි වැටුණා. අපිට රිදුනා. වාසිපිලට හෝයියා කියලා සමහරු අපිව අත්හැරලා ගියා. දේශප්‍රේමී බලවේග ඉවරයි කියලා බෙදුම්වාදීන් ජය ගෝසා නැගුවා. අන්තවාදින් හුරේ දැම්මා. අධිරාජ්‍යවාදීන් සාද තිබ්බා. හැබැයි මේ රටේ දේශප්‍රේමී බලවේගය මරන්නත් බෑ. මැරෙන්නෙත් නෑ. ඒක කියන්නයි අද අපි මෙතනට ඇවිත් ඉන්නේ.

අපේ ආදරණීය ලක්මාතාව අපිට අත්හරින්න බැහැ. මොනතරම් දුෂ්කර වුණත් මොනතරම් වද වේදනා වින්දත් එදා කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටන අපි අත් නොහැර ඉදිරියට ගෙන ගියා වගේම අධිරාජ්‍යවාදී බලවේගවලින් අපේ ලක්මාතාව බේරාගන්නා සටනත් ජයග්‍රහණය පුරාවටම අප ගෙන යනවා කියන පොරොන්දුව අපි මේ රටේ ජනතාවට ලබා දෙනවා.

මේ රටේ ජනතාවගේ පපුවෙ තියෙන දේශප්‍රේමීත්වය මියැදෙන්නේ නැහැ. ආර්ථික අභියෝගය එනකොට දුෂ්කරතා එනකොට ඉඩෝර කාලයට කූඩැල්ලන් සැඟවිලා යනවා වගේ පොඩ්ඩක් මේක යටපත් වෙනවා. හැබැයි අපේ ආදරණීය මව්බිමට අනතුරක් එනකොට පොද වැස්සට කූඩැලුගුලි මේන් සිරිසිරි ගාලා ඇවිස්සිලා එනවා. පපුවේ කොනක සැඟවිලා තිබූ දේශප්‍රේමීත්වය බුරබුරා නැගිලා ජනතාව එළයට ඇවිල්ලා මේ රට බේරගන්න පෙරමුණු ගැසෙනවා.

අපි වැටුනා විතරක් නෙමෙයි අපි වැටෙන්න වැටෙන්න පාඩම් ඉගෙන ගත්තා. අපි පාඩම් ඉගෙන ගත්ත නිසා තමයි නායකයෝ වන්දනා කරන නායකයෝ කේන්ද්‍රගත කරගත්ත දේශපාලනය වෙනුවට වැඩ පිළිවෙලක් රජ කරවන දේශපාලනයක් ආරම්භ කළේ. එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දය දුන්න ලක්ෂ 69 දැන් ඉන්නේ අතරමං වෙලා. එදා ලක්ෂ 69ක් ඡන්දය දුන්නේ යහපාලනයට විරුද්ධව. අද මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න ප්‍රධාන අපේක්ෂකයෝ තුන්දෙනාම යහපාලනේ නායකයෝ. රනිල් කියන්නේ යහපාලනයේ අගමැති. සජිත් කියන්නේ යහපාලනයේ නිවාස ඇමති. අනුර කියන්නේ යහපාලනයේ දූෂණ විරෝධී කමිටුවේ ප්‍රධානියා. මේ අය ගෙදර යවන්නයි ජනතාව ඡන්දය දුන්නේ. ඒ නිසා මේ තුන් දෙනාගෙන් කාටවත් හැට නම ලක්ෂයකගේ අභිලාෂයන් ඉටුකරන්නට බැහැ.

ඒ විතරක් නෙවෙයි 2019 ජනාධිපතිවරණයේදී සජිත් සහ අනුර දෙන්නාවම මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කළේ, මේ ලක්ෂය හැට නමය ගෝඨාභයට ඡන්දය දුන්නේ අනුරත් එපා සජිතුත් එපා කියලයි. එනිසා මේ තුන්දෙනාටම හැට නම ලක්ෂය වෙනුවෙන් පෙනී ඉන්නට බැහැ. ඒ නිසා තමයි මිත්‍රවරුනි, පහුගිය කාලෙ පැවැත් වූ සෑම සමීක්ෂණයකම රනිල් වික්‍රමසිංහට වඩා, සජිත් ප්‍රේමදාසට වඩා, අනුර කුමාර දිසානායකට වඩා මේ තුන් දනාම එපා කියන ඡන්ද කුට්ටිය ලොකු කුට්ටියක් වෙලා තියෙන්නේ. මේ ඡන්ද කුට්ටිය තමයි ලංකාවේ ප්‍රධානම ඡන්ද කුට්ටිය. මේ අය ඉවසීමෙන් බලාගෙන ඉන්නේ. දරාගෙන බලාගෙන ඉන්නේ. දේශප්‍රේමී බලවේගයක් ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වෙනකන්.

නගර සභාවේ කුණු ලොරියෙන් බහින්න, දේශප්‍රේමී ජනපති අපේක්ෂක එනවා

අපි අමාරුවෙන් හදපු බස් එක කොට උඩ යවලා ගෝඨාභය රියදුරා පැනලා ගියා. පැනල ගියත් කමක් නැහැ එයා බස් එක බාර දුන්නේ ඊට කලින් දෙතුන් වතාවක්ම බස් එක බාර අරගෙන කොට උඩ යවපු, පෙරළලා දාපු රනිල් කියන රියදුරාට. බස් එකේ රියදුරා රනිල් කියලා දැක්කා විතරයි රනිල්ගේ එලවිල්ල ගැන දන්න ලක්ෂ හැට නවයෙන් බහුතර ජනතාවක් දඩිබිඩි ගාලා බස් එකෙන් බිමට බැස්සා. දැන් ඔන්න හැට නම ලක්ෂයක් ජනතාවගෙන් බහුතරයක් පාර අයිනේ බස් එකක් නැතුව ඉන්නවා. මෙන්න බොලේ ඒ අතරේ එනවා රතුපාට නගර සභාවේ කුණු ලොරිය. ගමන යන්න හදිසි කාරයෝ ඉවසීමක් නැති උදවිය තියෙන පිළිකුල අමතක කරලා නහය වහගෙන රතුපට කුණු ලොරියට දැන් නැගලා ඉන්නවා. හැබැයි මිත්‍රවරුනි ඉවසීමෙන් බලාගෙන ඉන්න. ලියල තියාගන්න අපි දේශප්‍රේමී ජනාධිපති අපේක්ෂකයෙක් සමග දේශප්‍රේමී නැවුම් බලවේගයක් ගොඩනගනවා. ඒ කියන්නේ මේ පාරට දේශප්‍රේමී ඒසී බස් එක අපි දානවා. එතකොට අර පාරේ බස් එකක් නැතුව ඉන්න බහුතර ජනතාව විතරක් නෙමෙයි රතු පාට කුණු ලොරියට නැගපු අයත් ඒකෙන් බැහැලා නැවතත් මේ බස් එකට නගින බව අපට විශ්වාසයි.

බණ්ඩාරනායක දේශප්‍රේමීත්වය උත්තර ලංකාවට

අද  ශ්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂයේ අපේ මිත්‍රයෝ අතරමං වෙලා.  ශ්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂය පිල් දෙකකට බෙදිලා. අවාසනාවකට පිල් දෙකම රජයට පවරගෙන. නායකත්වය දෙන්නේ ආණ්ඩුවේම ඇමතිවරු දෙන්නෙක්. රනිල් වික්‍රමසිංහට එරෙහිව ඔහුගේ විජාතික වැඩපිළිවෙළට එරෙහිව ඉතිහාසය පුරා සටන් කළ කැපුවත් නිල් කියන අවංක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට මේක දරාගන්න බැහැ. නායකයන් ඇමති කටුවලට රනිල්ගේ ආණ්ඩුවට රිංගුවට බණ්ඩාරනායක මහත්තයට ආදරය කරන බණ්ඩාරනායක මහත්තයාගේ දේශප්‍රේමීත්වය හදවතේ තියෙන බණ්ඩාරනායක මැතිණියගේ අධිරාජ විරෝධීත්වය හදවතේ තියෙන සැබෑ ශ්‍රී ලාංකික පාක්ෂිකයට මේ ආණ්ඩුව එක්ක එකතු වන්න බෑ.

ඒ අය අද හිරිකිතේ බලන් ඉන්නවා පක්ෂයට මොකද වුනේ කියලා. අපි කියනවා බණ්ඩාරනායක මහත්තයගෙ දේශප්‍රේමීත්වය තියෙන්නේ උත්තර ලංකා සභාගයේ. බණ්ඩාරනායක මැතිණියගේ අධිරාජ්‍ය විරෝධය තියෙන්නේ උත්තර  ලංකා සභාගයේ. ඒ නිසා පාවා දෙන්නන්ගේ මිදිලා සැබෑ දේශප්‍රේමී ගමනක් යන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි  ශ්‍රී ලංකා ලංකා නිදහස් පාක්ෂිකයන්ට ආරාධනා කරනවා.

වැඩ කරන ජනතාවට පෙළපාලි යන්න එන්න කියලා ආණ්ඩුවෙන් කතා කරනවා. හැබැයි රටේ බහුතර ජනතාව බඩට බත් නැති ඇවිදින ඇටසැකිලි බවට පත්වෙලා. ජනතාව බඩගින්නේ කියලා මෙතෙක් මතක් නොවුනු නායකයෝ ඔන්න හදිසියේ හාල් බෙදන්න පටන් අරන්. ඒ කියන්නේ ජනපතිවරණය අනිවාර්යයෙන්ම ළඟ ළඟ එනවා කියන කසකාරයා තමයි හාල් බෙදිල්ල. තෙල් මිලක් අඩු වුණා. විදුලි බිල මේ මාසයේ අඩුවෙනවලු. හැබැයි ජනතාවට සීනි බෝල දීලා රවටන යුගය මෙදාපාර ඉවරයි කියන එක කතිරෙන් ආණ්ඩුවට කියලා දෙන්න ඕනෑ කියලා අපි විශ්වාස කරනවා. ණය අරගෙන කන්න දීලා, කන්න නැති උනහම නිකන් දීලා රට කරවන යුගය වෙනුවට රට පුරා වවන, වැඩ බිම් වල හදන නිෂ්පාදන ආර්ථිකයක් තිබෙන පෙරළියක් වෙනුවෙන් දේශප්‍රේමී ජනාධිපති අපේක්ෂකයෙක් අපි ගේනවා ගේනවාමයි කියන ප්‍රතිඥාව අපි ජාතිය ඉදිරියේ තබනවා."

උත්තර  ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, උත්තර  ලංකා සභාගයේ ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, උත්තර ලංකා සභාගයේ අනුශාසක විජය ධරණී ජාතික සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, යුතුකම ජාතික සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, සම සමාජ පක්ෂයේ ලේකම් ඩබ්ලිව්. අබේසේන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සභාපති, නීතිඥ නිමල් ආර්. රණවක යන දේශපාලන පක්ෂ නායකයෝ සහ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් එච්. ඩී. ආර්. අතුල, එක්සත් වතු කම්කරු සමිතියේ සභාපති ඒ. මුත්තුලිංගම්, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් පී. එච්. එස්. ශාන්තප්‍රිය යන අනුබද්ධ වෘත්තීය සමිතිවල නායකයෝ මෙම එක්සත් මැයි රැලිය අමතා අදහස් දැක්වූහ.

මෙහිදී මෙම එක්සත් මැයි රැලියේ “ප්‍රතිපත්තිමය යෝජනාව” ලක්මව දියණියෝ සංවිධානයේ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය විසින් ද “පලස්තීන සහයෝගීතා ප්‍රකාශය” ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා විසින් ද ප්‍රකාශයට පත්කරන ලදී.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර තිබේ.
රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.
ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.
ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.