News Category
From Date
To Date
Maximum Number of Result

දේශප්‍රේමී ජනපති අපේක්ෂකයෙක් සමග දේශප්‍රේමී නැවුම් බලවේගයක් ගොඩනගනවා - උදය ගම්මන්පිල

May 2, 2024 at 11:58 AM
|

දේශප්‍රේමී ජනාධිපති අපේක්ෂකයෙක් සමග දේශප්‍රේමී නැවුම් බලවේගයක් ගොඩනගන බව උත්තර  ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපති පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ කිරුලපන දී “77න් ඇරඹි පරාධීන ආර්ථික ගමනට එරෙහි එක්සත් මැයි රැලිය” යන තේමාව යටතේ පැවති උත්තර  ලංකා සභාගයේ මැයි දින රැළිය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා මෙසේ ද පැවසීය.

රනිල්ට ඉඩදෙමු කියන තරුණ පුතාලා නොදත් කතාව

"2015 දී ඒකාබද්ධ විපක්ෂයේ කුළුඳුල් මැයි රැළිය අපි පැවැත්වුවේ මේ පිට්ටනියේ. එදා ඒ වේදිකාව දෙවනත් කරපු අපේ නායකයෝ රනිල් වික්‍රමසිංහ මහත්තයාව පතුරු ගහලා පරගැති ජනපීඩක යහපාලන ආණ්ඩුව පෙරලලා දේශප්‍රේමී ආණ්ඩුවක් හදන බවට සපථ කලා. අවාසනාවකට අද රනිල් වික්‍රමසිංහගේ ඇමතිකට්ටකට රනිල් වික්‍රමසිංහ වර්ණනා කරමින් ඉන්නෙත් එදා මේ වේදිකාවේ ඉදන් යහපාලන ආණ්ඩුව පෙරලලා දේශප්‍රේමී ආණ්ඩුවක් හදන්න පොරොන්දු වුන අයමයි.

අපි පොරොන්දු වූ ආකාරයටම දේශප්‍රේමී ආණ්ඩුවක් හැදුවා. අපේ පොරොන්දු අපි ඉටු කලා. හැබැයි අපි ආණ්ඩු බලය අල්ල ගන්න කොටම ඇමරිකාව අපේ ජනපති අල්ලගත්තා. අපි පත් කරපු ජනපති රට පාලනය කලේ ඇමෙරිකානුවන් දෙන්නෙකුට ඕන විදිහට. එක්කෙනෙක් කොරියානු ඇමරිකානුවෙක් වන ජූලි චං තානාපති නෝනා. අනික් එක්කෙනා මැද මුලන ඇමරිකානුවෙක් වන බැසිල් රාජපක්ෂ. ඒ ඇමරිකානුවන් දෙන්නාගේ ලණු කාලා හදාගත්ත ආණ්ඩුවත් විනාශ කරගෙන වැඩේ වැරදුනාම ගෝඨාභය මහත්තයා ඇමරිකාවේ යන්න වීසා ඉල්ලුවාම උඹෙන් දැන් අපට වැඩක් නෑ. ඔන්න ඔහේ ලංකාවට වෙලා හිටපන් කියලයි ඇමරිකාව කිව්වේ.

එහෙම තමයි රනිල් පත් කරගත්තේ. දැන් රනිල්ට ඉඩදෙන්න කියලා තරුණ පුතාලා ටිකක් යතුරුපැදි සවාරියක් යනවා. මේ පුතාලා දන්නේ නෑ මේ රටේ ජනතාව දෙපාරක් වැරදිලා රනිල්ට ඉඩ දුන්නා. ඉඩ දීලා රට නැතිවෙන්න ඔන්න මෙන්න කියලා අපි බොහොම අමාරුවෙන් මේ රට බේරගත්තේ. ඒක පුංචි තරුණ පුතාලට කියලා දෙන්න එක වැඩිහිටි අපේ වගකීමක්.

බඳින්න කලින් හිටපු ගෑණි නෙමෙයි බැන්දට පස්සේ හිටියේ

අපි ගෝඨාභය මහත්තයව තෝරගත්තේ ජවිපෙ ඊබ්‍රහම් නානා තෝරගත්තා වගේ හොයන්නේ බලන්නේ නැතුව නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම් විදිහට මුළු ලෝකයම පරාජය කරන්න බෑයි කියපු කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීමට නායකත්වය දුන්නා වගේම, නාගරික සංවර්ධන ලේකම් විදිහට කොළඹ කුණු නැති කරලා මාර්ග පාදලා ලෝකයේ පිරිසිදුම නගරය බවට කොළඹ නගරය පත් කරනවාත් අපි දැක්කා.  ලංකා රෝහලේ සභාපති වෙලා වසර ගණනාවක් පාඩු ලබපු  ලංකා රෝහල ලාභ ලබන තැනක් බවට පත්කරනවාත් අපි දැක්කා. මිලිබෑන්ට , බර්නාඩ් කෘෂ්ණ වගේ ජාත්‍යාන්තර පිරිස් සටන් විරාම දෙන්න කියලා බලපෑම් කරන්න ලංකාවට ආවහම අපේ ස්වාධීනත්වයේ පාඩම කන පුරා උගන්නලා යවපු හැටිත් අපි දැක්කා. ඒ නිසයි අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයව තෝරගත්තේ. හැබැයි අවාසනාවකට ජනපති වෙන්න කලින් හිටපු ගෝඨාභය ජනපති උනාට පස්සේ ඉන්න ගෝඨාභයයි දෙන්නෙක් වුණ. සමහරු දික්කසාද නඩුවලදී උසාවියට ඇවිත් කියනවා බඳින්න කලින් හිටපු ගෑණි නෙමෙයි බැන්දට පස්සේ හිටියේ කියලා. තවත් සමහරු කියනවා ස්වාමීනි බඳින්න කලින් හිටපු මිනිහා නෙවෙයි බැන්දට පස්සේ ඉන්නේ කියලා. අපිට වුණෙත් ඔය ටිකමයි. ජනපති වෙන්න කලින් මිලිබෑන්ට කනේ ඇඟිලි ගහගන්න දේශප්‍රේමී පාඩම උගන්නපු ගෝඨාභය ජනපති උනාට පස්සේ ජූලිචං ඉස්සරහා පූස් පැටියෙක් බවට පත්වෙලා පුරුපුරු ගාන්න පටන් ගත්තා.

දේශප්‍රේමී බලවේගය මරන්නත් බෑ. මැරෙන්නෙත් නෑ

මිත්‍රවරුනි අපි වැටුණා. අපිට රිදුනා. වාසිපිලට හෝයියා කියලා සමහරු අපිව අත්හැරලා ගියා. දේශප්‍රේමී බලවේග ඉවරයි කියලා බෙදුම්වාදීන් ජය ගෝසා නැගුවා. අන්තවාදින් හුරේ දැම්මා. අධිරාජ්‍යවාදීන් සාද තිබ්බා. හැබැයි මේ රටේ දේශප්‍රේමී බලවේගය මරන්නත් බෑ. මැරෙන්නෙත් නෑ. ඒක කියන්නයි අද අපි මෙතනට ඇවිත් ඉන්නේ.

අපේ ආදරණීය ලක්මාතාව අපිට අත්හරින්න බැහැ. මොනතරම් දුෂ්කර වුණත් මොනතරම් වද වේදනා වින්දත් එදා කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටන අපි අත් නොහැර ඉදිරියට ගෙන ගියා වගේම අධිරාජ්‍යවාදී බලවේගවලින් අපේ ලක්මාතාව බේරාගන්නා සටනත් ජයග්‍රහණය පුරාවටම අප ගෙන යනවා කියන පොරොන්දුව අපි මේ රටේ ජනතාවට ලබා දෙනවා.

මේ රටේ ජනතාවගේ පපුවෙ තියෙන දේශප්‍රේමීත්වය මියැදෙන්නේ නැහැ. ආර්ථික අභියෝගය එනකොට දුෂ්කරතා එනකොට ඉඩෝර කාලයට කූඩැල්ලන් සැඟවිලා යනවා වගේ පොඩ්ඩක් මේක යටපත් වෙනවා. හැබැයි අපේ ආදරණීය මව්බිමට අනතුරක් එනකොට පොද වැස්සට කූඩැලුගුලි මේන් සිරිසිරි ගාලා ඇවිස්සිලා එනවා. පපුවේ කොනක සැඟවිලා තිබූ දේශප්‍රේමීත්වය බුරබුරා නැගිලා ජනතාව එළයට ඇවිල්ලා මේ රට බේරගන්න පෙරමුණු ගැසෙනවා.

අපි වැටුනා විතරක් නෙමෙයි අපි වැටෙන්න වැටෙන්න පාඩම් ඉගෙන ගත්තා. අපි පාඩම් ඉගෙන ගත්ත නිසා තමයි නායකයෝ වන්දනා කරන නායකයෝ කේන්ද්‍රගත කරගත්ත දේශපාලනය වෙනුවට වැඩ පිළිවෙලක් රජ කරවන දේශපාලනයක් ආරම්භ කළේ. එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දය දුන්න ලක්ෂ 69 දැන් ඉන්නේ අතරමං වෙලා. එදා ලක්ෂ 69ක් ඡන්දය දුන්නේ යහපාලනයට විරුද්ධව. අද මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න ප්‍රධාන අපේක්ෂකයෝ තුන්දෙනාම යහපාලනේ නායකයෝ. රනිල් කියන්නේ යහපාලනයේ අගමැති. සජිත් කියන්නේ යහපාලනයේ නිවාස ඇමති. අනුර කියන්නේ යහපාලනයේ දූෂණ විරෝධී කමිටුවේ ප්‍රධානියා. මේ අය ගෙදර යවන්නයි ජනතාව ඡන්දය දුන්නේ. ඒ නිසා මේ තුන් දෙනාගෙන් කාටවත් හැට නම ලක්ෂයකගේ අභිලාෂයන් ඉටුකරන්නට බැහැ.

ඒ විතරක් නෙවෙයි 2019 ජනාධිපතිවරණයේදී සජිත් සහ අනුර දෙන්නාවම මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කළේ, මේ ලක්ෂය හැට නමය ගෝඨාභයට ඡන්දය දුන්නේ අනුරත් එපා සජිතුත් එපා කියලයි. එනිසා මේ තුන්දෙනාටම හැට නම ලක්ෂය වෙනුවෙන් පෙනී ඉන්නට බැහැ. ඒ නිසා තමයි මිත්‍රවරුනි, පහුගිය කාලෙ පැවැත් වූ සෑම සමීක්ෂණයකම රනිල් වික්‍රමසිංහට වඩා, සජිත් ප්‍රේමදාසට වඩා, අනුර කුමාර දිසානායකට වඩා මේ තුන් දනාම එපා කියන ඡන්ද කුට්ටිය ලොකු කුට්ටියක් වෙලා තියෙන්නේ. මේ ඡන්ද කුට්ටිය තමයි ලංකාවේ ප්‍රධානම ඡන්ද කුට්ටිය. මේ අය ඉවසීමෙන් බලාගෙන ඉන්නේ. දරාගෙන බලාගෙන ඉන්නේ. දේශප්‍රේමී බලවේගයක් ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වෙනකන්.

නගර සභාවේ කුණු ලොරියෙන් බහින්න, දේශප්‍රේමී ජනපති අපේක්ෂක එනවා

අපි අමාරුවෙන් හදපු බස් එක කොට උඩ යවලා ගෝඨාභය රියදුරා පැනලා ගියා. පැනල ගියත් කමක් නැහැ එයා බස් එක බාර දුන්නේ ඊට කලින් දෙතුන් වතාවක්ම බස් එක බාර අරගෙන කොට උඩ යවපු, පෙරළලා දාපු රනිල් කියන රියදුරාට. බස් එකේ රියදුරා රනිල් කියලා දැක්කා විතරයි රනිල්ගේ එලවිල්ල ගැන දන්න ලක්ෂ හැට නවයෙන් බහුතර ජනතාවක් දඩිබිඩි ගාලා බස් එකෙන් බිමට බැස්සා. දැන් ඔන්න හැට නම ලක්ෂයක් ජනතාවගෙන් බහුතරයක් පාර අයිනේ බස් එකක් නැතුව ඉන්නවා. මෙන්න බොලේ ඒ අතරේ එනවා රතුපාට නගර සභාවේ කුණු ලොරිය. ගමන යන්න හදිසි කාරයෝ ඉවසීමක් නැති උදවිය තියෙන පිළිකුල අමතක කරලා නහය වහගෙන රතුපට කුණු ලොරියට දැන් නැගලා ඉන්නවා. හැබැයි මිත්‍රවරුනි ඉවසීමෙන් බලාගෙන ඉන්න. ලියල තියාගන්න අපි දේශප්‍රේමී ජනාධිපති අපේක්ෂකයෙක් සමග දේශප්‍රේමී නැවුම් බලවේගයක් ගොඩනගනවා. ඒ කියන්නේ මේ පාරට දේශප්‍රේමී ඒසී බස් එක අපි දානවා. එතකොට අර පාරේ බස් එකක් නැතුව ඉන්න බහුතර ජනතාව විතරක් නෙමෙයි රතු පාට කුණු ලොරියට නැගපු අයත් ඒකෙන් බැහැලා නැවතත් මේ බස් එකට නගින බව අපට විශ්වාසයි.

බණ්ඩාරනායක දේශප්‍රේමීත්වය උත්තර ලංකාවට

අද  ශ්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂයේ අපේ මිත්‍රයෝ අතරමං වෙලා.  ශ්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂය පිල් දෙකකට බෙදිලා. අවාසනාවකට පිල් දෙකම රජයට පවරගෙන. නායකත්වය දෙන්නේ ආණ්ඩුවේම ඇමතිවරු දෙන්නෙක්. රනිල් වික්‍රමසිංහට එරෙහිව ඔහුගේ විජාතික වැඩපිළිවෙළට එරෙහිව ඉතිහාසය පුරා සටන් කළ කැපුවත් නිල් කියන අවංක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට මේක දරාගන්න බැහැ. නායකයන් ඇමති කටුවලට රනිල්ගේ ආණ්ඩුවට රිංගුවට බණ්ඩාරනායක මහත්තයට ආදරය කරන බණ්ඩාරනායක මහත්තයාගේ දේශප්‍රේමීත්වය හදවතේ තියෙන බණ්ඩාරනායක මැතිණියගේ අධිරාජ විරෝධීත්වය හදවතේ තියෙන සැබෑ ශ්‍රී ලාංකික පාක්ෂිකයට මේ ආණ්ඩුව එක්ක එකතු වන්න බෑ.

ඒ අය අද හිරිකිතේ බලන් ඉන්නවා පක්ෂයට මොකද වුනේ කියලා. අපි කියනවා බණ්ඩාරනායක මහත්තයගෙ දේශප්‍රේමීත්වය තියෙන්නේ උත්තර ලංකා සභාගයේ. බණ්ඩාරනායක මැතිණියගේ අධිරාජ්‍ය විරෝධය තියෙන්නේ උත්තර  ලංකා සභාගයේ. ඒ නිසා පාවා දෙන්නන්ගේ මිදිලා සැබෑ දේශප්‍රේමී ගමනක් යන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි  ශ්‍රී ලංකා ලංකා නිදහස් පාක්ෂිකයන්ට ආරාධනා කරනවා.

වැඩ කරන ජනතාවට පෙළපාලි යන්න එන්න කියලා ආණ්ඩුවෙන් කතා කරනවා. හැබැයි රටේ බහුතර ජනතාව බඩට බත් නැති ඇවිදින ඇටසැකිලි බවට පත්වෙලා. ජනතාව බඩගින්නේ කියලා මෙතෙක් මතක් නොවුනු නායකයෝ ඔන්න හදිසියේ හාල් බෙදන්න පටන් අරන්. ඒ කියන්නේ ජනපතිවරණය අනිවාර්යයෙන්ම ළඟ ළඟ එනවා කියන කසකාරයා තමයි හාල් බෙදිල්ල. තෙල් මිලක් අඩු වුණා. විදුලි බිල මේ මාසයේ අඩුවෙනවලු. හැබැයි ජනතාවට සීනි බෝල දීලා රවටන යුගය මෙදාපාර ඉවරයි කියන එක කතිරෙන් ආණ්ඩුවට කියලා දෙන්න ඕනෑ කියලා අපි විශ්වාස කරනවා. ණය අරගෙන කන්න දීලා, කන්න නැති උනහම නිකන් දීලා රට කරවන යුගය වෙනුවට රට පුරා වවන, වැඩ බිම් වල හදන නිෂ්පාදන ආර්ථිකයක් තිබෙන පෙරළියක් වෙනුවෙන් දේශප්‍රේමී ජනාධිපති අපේක්ෂකයෙක් අපි ගේනවා ගේනවාමයි කියන ප්‍රතිඥාව අපි ජාතිය ඉදිරියේ තබනවා."

උත්තර  ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, උත්තර  ලංකා සභාගයේ ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, උත්තර ලංකා සභාගයේ අනුශාසක විජය ධරණී ජාතික සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, යුතුකම ජාතික සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, සම සමාජ පක්ෂයේ ලේකම් ඩබ්ලිව්. අබේසේන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සභාපති, නීතිඥ නිමල් ආර්. රණවක යන දේශපාලන පක්ෂ නායකයෝ සහ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් එච්. ඩී. ආර්. අතුල, එක්සත් වතු කම්කරු සමිතියේ සභාපති ඒ. මුත්තුලිංගම්, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් පී. එච්. එස්. ශාන්තප්‍රිය යන අනුබද්ධ වෘත්තීය සමිතිවල නායකයෝ මෙම එක්සත් මැයි රැලිය අමතා අදහස් දැක්වූහ.

මෙහිදී මෙම එක්සත් මැයි රැලියේ “ප්‍රතිපත්තිමය යෝජනාව” ලක්මව දියණියෝ සංවිධානයේ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය විසින් ද “පලස්තීන සහයෝගීතා ප්‍රකාශය” ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා විසින් ද ප්‍රකාශයට පත්කරන ලදී.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.
ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්
ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

ප්‍රධාන පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.