News Category
From Date
To Date
Maximum Number of Result

13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ඇපකැප වෙනවා - සජිත් මැයි දින රැලියේ දී කියයි

May 2, 2024 at 06:44 AM
|

පාස්කු ප්‍රහාරයේ සුලමුල සොයාගෙන ඒ සඳහා විනිවිධභාවයෙන් යුතු වැඩ පිළිවෙළක් නිර්මාණය කරන බවත්, කිසිඳු ත්‍රස්තවාදයකට හෝ අන්තවාදයකට හිස එසවීමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 

‘සමගි රටක් – අනගි හෙටක්’ යන මැයෙන් සමගි ජන බලවේගය කොළඹ චැතැම් වීදියේදී පවත්වනු ලැබූ මැයි දින ජන රැලිය අමතමින් මේ බව පැවසීය.

එමෙන්ම, සිංහල නොවන ජනතාවට ඇති ප්‍රශ්න විසඳීමටත්, විශේෂයෙන්ම 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරීමටත් තමන් ඇපකැප වී සිටින බවද එහිදී සජිත් ප්‍රේම දාස මහතා පැවසීය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා,

"නොයෙක් බාධා මැස්දේ මෙවන් මැයි දින රැළියක් පැවැත්වීමට ශක්තිය දුන් ඔබ සියලුදෙනාටම පළමුව ස්තුතිය පුද කරන්න ඕන. 

සමහරෙක් ඇතැම් විට කියනවා පොරොන්දු දේශපාලනය පිළිගන්නේ නෑ කියලා. මම කියන්න ඕනා එහෙම ප්‍රකාශයක් කරන්න පුලුවන් වන්නේ පොරොන්දු දීලා ඒවා ඉෂ්ට කරන්න බැරි වූ අයයි. 

76 වසරක ඉතිහාසයක් ගැන අපි ලොකුවට කතා කරනවා. සමගි ජන බලවේගය ඔප සියලුදෙනාම මේ අවස්ථාවේ ඔබට ආඩම්බර විය හැකියි. අපි ඇත්තවශයෙන්ම ලංකාවෙන්ම අංක එක. මේ 76 වසරක් තුළ කිසිම දේශපාලන පක්ෂයකට, කණ්ඩායමකට, නායකයකු තනතුරු හෝ බලයක් නැතිව වැඩක් කරලා නෑ. ඇත්ත වශයෙන්ම සමගි ජන බලවේගය වශයෙන් මේ 76 වසරක ඉතිහාසය තුළ අද අපි අද අංක එක බවට පත් වෙලා තිබෙනවා. ඒ මොනවායින්ද අංක එක වුනේ බලයක් නැතිව වැඩ කරලායි. මම කියන්න ඕනා අපි සුහුරු පන්ති කාමර සඳහා පාසල් 169කට ලක්ෂ එක්දහස් අටසිය පනස්පහක් වියදම් කරලා ස්මාට් අධ්‍යාපනය ක්‍රියාත්මක කරන්න කැපවෙලා තිබෙනවා. 

ඒ වගේම පාසල් බස් රථ සඳහා ලක්ෂ 4242 ක් වැය කර තිබෙනවා. මේ රටේ දයාබර පුරවැසි පරපුරගේ සෞඛ්‍ය වෙනුවෙන් රෝහල් 57කට ලක්ෂ 1766ක් වටිනා රෝහල් උපකරණ සහ ඖෂධ පරිත්‍යාග කර තිබෙනවා.

ඒ නිසා අද මම අද ඔබ ඉදිරියට පැමිණියේ පොරොන්දු පත්‍රය ඉදිරිපත් කරන්නයි. රටේම ජනතාවට මම කියනවා ඔබ අපිව විශ්වාශ කරනවානම්, ඔබ අපේ පොරොන්දු පත්‍රයට එකතු වෙන්න. අපේ පොරොන්දු පත්‍රයත් සමග අත්වැල් බැඳගන්න. අපි ගැන අවිශ්වාශයක් තිබෙනවා නම් විකල්පයක් දෙස බලන්න පුලුවන්. හැබැයි විලකල්පයක් දෙස බලන විට 2019 දී ගත්තු විකල්ප තීරණය ගැනත් සිතන්න.

අපි සියලුම ජාතීන්ට සහ ආගම්වල ජනතාවට නිදහස් නිවහල් ජීවිතයක් ගත කරන්න ප්‍රජාතන්ත්‍රවාදය අපි ආරක්ෂා කරනවා. භෞමික අඛණ්ඩතාවය අපි ආරක්ෂා කරනවා. රටේ ජනතාව ආරක්ෂා කරන රට නිදහස් දෙසට ගෙනියන අලුත් අයිඑම්එෆ් කොන්දේසි කරා යොමු කරනවා. රටේ සංවර්ධනය සඳහා ජනාධිපති කාර්ය සාධන බළකා ඇති කරනවා. විශේෂ කොමිසම් ඇති කරනවා. රටේ දූදරු පරපුර සහ මව්වරු වෙනුවෙන් අවශ්‍ය වැඩ සටහන් නිර්මාණය කරනවා. මාතෘ මූලික පවුල් සඳහා අපි විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඒ වගේම ලක්ෂ 17ක් වන ආබාධිත ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂා කරන්න කටයුතු කරනවා. ඒ වාගේම තාරුණ්‍යයට මුල් තැන දෙන ජාතික තරුණ ව්‍යාපෘතිය අපි ක්‍රියාත්මක කරනවා. තරුණ කොමිසමක් සහ තරුණ ජනාධිපති කාර්ය සාධක බළකායක් ඇති කරනවා. ඒ හරහා තාරුණ්‍යට සෞභාග්‍යය ඇති කරනවා. දූෂණය පිටු දකින නව ස්වාධීන ආයතන පිහිටුවීමම පමණක් නොවෙයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හරහා නොවෙනස්වන වගන්ති ඇති කර තනියෙන් හිටගත හැකි දූෂණ විරෝධී ස්වාධීන ආයතන අපි ඇති කරනවා.

ඒ වාගෙම හොරා කාපු මුදල් නැවතත් රටේ ජනතාවට ලබා ගත හැකි වැඩ පිළිවෙළක් අපි ඇති කරනවා. තරාතාරම් බේදයෙන් තොරව මේ රටේ හොරු අල්ලනවා පමණක් නොවෙයි. ඒ හොරා කාපු මුදල් ටික අපි නැවත ලබා ගන්නවාමයි.

සමහරු අහනවා අපරාදෙනේ ෂෝට් කට් එකෙන් අගමැති සහ ජනාධිපති වෙන්න පුලුවන්කම තිබුනානේ කියලා. එහෙම අහන අයට මම කියන්න ඕනා ඔක්තෝම්බර් 26 කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න පෙර මට දහ වතාවක් ආරාධනා කළා අගමැතිකම ගන්න කියලා. ඒ වාගේම ඔක්තෝම්බර් 26න් පසුව 61 වතාවක් ආරාධනා ලැබුණා මට අගමැතිකම ගන්න කියලා. ඒත් මම තීන්දු ගන්නේ මගේ අභිප්‍රායන් ඉෂ්ඨ කරන්න මමත්වය මුල් කරගෙන් තීන්දු තීරණ ගන්නේ නෑ. මම හැම තීන්දුවක්ම ගන්නේ රටේ යහපත උදෙසායි. අපි ගන්නේ ප්‍රතිපත්තිගරුක තීන්දුයි. මම අද සතුටු වෙනවා කෙහෙළිය රඹුක්වැල්ල රැකගන්න මම පාර්ලිමේන්තුවේ කටයුතු කළේ නෑ. ඖෂධ වංචාවන් කරපු නිලධාරීන් රකින්න අපි ක්‍රියා කළේ නෑ. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් රැකගන්න අපි ක්‍රියා කළේ නෑ. ඒ නිසා මේ රටේ අලුත්ම දේශපාලන බලවේගයක් ලෙස ආරම්භ වුනු සමගි ජන බලවේගය අවංක සහ පිරිසිඳු රජයක් ලෙස මේ රට ඉදිරියට ගෙනියන්න අපි කටයුතු කරනවා.

ඒ මගින් අපි මේ රට නොනිදන රටක් බවට පත් කිරීමට අපි කටයුතු කතරනවා. අපේ අරමුණ සුහුරු කෘෂිකර්මාන්තය ආරම්භ කරන්නයි. ගොවිතැනට නව තාක්ෂණය සහ නව ක්‍රමවේදය තුළ කාර්යක්ෂමතාව ව්‍යාප්ත කරලා ගොවිතැනේ නිෂ්පාදන ඵලදායිතාවය වැඩි කර ගන්නවා. ඒ වගේම වාරි තාක්ෂණය අපි යළි පෝෂණය කරනවා. සුහුරු ගොවියා වගේම අපි සුහුරු ධීවරයා අපි නිර්මාණය කරනවා. මේ රටේ වැඩිහිටි ප්‍රජාව රැකගන්න අපි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරි කිරීම්වලට ඉහළ පොළියක් ලබා දෙනවා. කම්කරු අයිතිය අපි සුරක්ෂා කරනවා. ආයොජකයාගේ අයිතීන් ආරක්ෂා කරලා ඔවුන්ට රටේ හිතකර පරිසරයක් ඇති කරනවා.

අපි දැනටමත් රටේ අධ්‍යාපනය සුහුරු අධ්‍යාපනයක් බවට පත් කරන්න ක්‍රියා කර තිබෙනවා. එම සුහුරු වැඩ පිළිවෙළ අපි මේ වසරේ නැවතත් ජයග්‍රාහී ලෙස ආරම්භ කරනවා. මෙරට සෞඛ්‍ය පද්ධතිය, රෝහල් පද්ධතිය අපි නවීකරණය කරනවා. තිරසර පරිසර සංරක්ෂණයට අපි යොමුවෙනවා. අපි අනුගමනය කරන්නේ මැද මාවතයි. අපි අන්තවාදී ධනවාදය හෝ අන්තවාදී මාක්ස්වාදය ක්‍රියාත්මක කරන්න යන්නේ නෑ. මානුෂීය ධනවාදය තුළින් අපි රට දියුණු කරනවා. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් යුක්තිය සාධාරණත්වය ඉටු කරනවා.

අපේ රට තොරතුරු තාක්ෂණයේ මධ්‍යස්ථානයක් බවට පත් කරනවා. සෑම රාජ්‍ය ආයතනයක්ම ශක්තිමත්, කාර්යක්ෂම ආයතන බවට පත් කරනවා. පාඩු ලබන රාජ්‍ය ආයතන අපි ලාභ ලබන ආයකන බවට පත් කරන්න ඕන. ඒත් අපේ රට වෙන්දේසිලන්තයක් බවට පත් කරන්න යන්නේ නෑ. අද බලන්න තමන්ගේ ගජ මිතුරන් රකින මේ කෙටි කාලයේ මහජන මුදල් හොරාකන ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්නේ.

පාස්කු ප්‍රහාරයේ සුලමුල අපි හොයා ගන්නවා. ඒ සඳහා විනිවිධභාවයෙන් යුතු වැඩ පිළිවෙළක් අපි නිර්මාණය කරනවා. ඒ සඳහා අපේ වැඩසටහන ඒ ආගමික නායකයන්ට ඉදිරිපත් කළා. අපි එය පාර්ලිමේන්තුව හමුවටත් ඉදිරිපත් කළා. ඒ විතරක් නොවෙයි මේ ප්‍රහාරය සිදුකළ සහ එය පසුව වසන් කළ සියලුම දෙනා නීතිය හමුවය ගේනවා. අපි ප්‍රචණ්ඩත්වයට ඉඩ දෙන්නේ නෑ. කිසිම ත්‍රස්තවාදයකට හෝ අන්තවාදයකට හිස ඔසවන්න අපි ඉඩ දෙන්නේ නෑ.

ඒ වගේම විශේෂයෙන්ම සිංහල නොවන ජනතාවට ඇති ප්‍රශ්න විසඳන්නත් විශේෂයෙන්ම 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්න අපි ඇපකැප වෙනවා.

දැන් කතාවක් යනවා ආණ්ඩුවෙන් මත්පැන් බලපත්‍ර ලබා ගත් විපක්ෂ මන්ත්‍රීවරු ඉන්නවා කියලා. ඒ මත්පැන් බලපත්‍ර ලබා දුන්නේ ආණ්ඩුවයි. අපේ රජයක් යටතේ ඒ අනීතික නව බලපත්‍ර සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න කටයුතු කරනවා. දැන් අපේ රටේ ඉඩම් කොල්ලයක් සිදු වෙන බවට අපි දන්නවා. අක්කර සීය දෙසීය හිතුමතේ බෙදාගෙන යනවා. මා කියනවා ඒ ගත්තු අයට අපේ රජයක් ඇතුළත ඒ ඉඩම් නැවත අත්පත් කරගෙන නව සැබෑ ව්‍යවසායකනයින්ට ලබා දෙන්න ක්‍රියා කරනවා. වගේම අපේ රටේ ඉඩමක උරුමය නැති අහිංසක ජනතාවට ලබා දෙන්න ක්‍රියා කරනවා. අපේ රටේ මුඩු ඉඩම් රැසක් තිබෙනවා. අපේ රටේ කුඩා තේ ඉඩම් හිමියන් තමයි වැඩිම තේ නිෂ්පාදනයක් කරන්නේ . අපේ මුඩු ඉඩම් තේ ඉඩම් බවට පත් කරන්නත් ඒවා තරුණයින්ට සහ නව ව්‍යවසායකන්ට බෙදා දීලා නව තේ ඉඩම් හිමියන් ලක්ෂ ගණනින් නිර්මාණය කරනවා. අපේ රටට ධන අරමුදලක් අවශ්‍යයි. එය අවශ්‍ය වන්නේ අපේ රටේ මතු පරපුරටයි. ඒ සඳහා අපි ක්‍රියාත්මක වෙනවා වගේම, ජනසවියටත් එහා ගිය නව ජනසවියක් ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ නව නිවාස ඇති කරනවා. අපි දිස්ත්‍රික්ක විසි පහ තුළම නව ව්‍යාපෘති ඇතිකර ගම හදා රට නගන වැඩ පිළිවෙළක් ඇති කරනවා. ඒ වගේම මත් උවදුරින් අපේ රට මුදා ගන්නවා. මේවා තමයි අපේ පොරොන්දු.

අපි මේ පොරොන්දු පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ කයිවාරුවක් විදිහට නොවෙයි. අපි මේක මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරනවා." 

සම්බන්ධිත පුවත් | Related News

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.
ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්
ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

ප්‍රධාන පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.