News Category
From Date
To Date
Maximum Number of Result

වික්‍රමසිංහ පාලනයේ "පරගැති සැලැස්මට" එරෙහිව "සටන් වැදීම" සඳහාත් ඊට අවශ්‍ය කරන "පුළුල්තම සමගිය නිර්මාණය කිරීම" සඳහාත් එක් වෙමු! - විමල් වීරවංශ

May 1, 2024 at 07:40 AM
|

ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් නිකුත් කළ කම්කරු දින පණිවිඩයෙන් පවසන්නේ වික්‍රමසිංහ පාලනය අද මේ රට රැගෙන යමින් සිටින්නේ මේ ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමේ දිසාවට නොව, නැවතත් කිසි දිනක ගොඩඒමට නොහැකි ඉරණමක් කරා බව ය.

පාලකයන් සහ වත්මන් මහබැංකු අධිපතිවරයා ඇතුළු ආර්ථික බලධාරීන් අද මේ ආර්ථික අර්බුදය යොදාගනිමින්, හිතාමතාම  ශ්‍රී ලංකාවට වැළඳී තිබූ "ආර්ථික සෙම්ප්‍රතිශ්‍යාව", "ආර්ථික නියුමෝනියාවක්" බවට තීව්‍ර කොට ඇති බවත්, එසේම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ "දඬුඅඬුවට" සිරකර ඇති බවත් ඒ මහතා පවසයි.

විමල් වීරවංශ මහතා නිකුත් කළ කම්කරු දින පණිවිඩය පහළින්... 

පැය අටක වැඩ මුරයක් ඉල්ලා සටන් වැද එම සටනේදී දිවි දුන් කම්කරු විරුවන් එම සටන ඇරඹි දිනය 1886 මැයි පළමුවැනිදාය. 1890 සිට ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරය එම විරුවන් වාර්ෂිකව සැමරීමට තීරණය කළ අතර ඒ අනුව අදට යෙදී ඇත්තේ 134 වැනි ජාත්‍යන්තර කම්කරු දිනයයි.

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය උදාවන්නේ ලොව යුදමය වාතාවරණය උග්‍ර වී ඇති මොහොතකය. එක් පසකින් ගාසා තීරය සහ පෙරදිග මුල් කොටගත් දරුණු මානුෂීය ඛේදවාචකයක් නිර්මාණය වී ඇති අතර අනෙක් පසින් ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා බලවතුන් යුක්‍රේනය පෙරට දමා රුසියාව සමඟ යුද වැදී සිටිති. ඒ අනුව පෙනී යන්නේ ලෝක පරිමාණව ගත් කල අන් කවරදාටත් වඩා වැඩ කරන ජනතාව සහ සමස්ත මානව සංහතිය අභියෝග කන්දක් පාමුල සිටින බවය. එසේ වුවත් සමස්ත මානව සංහතියට සුබවාදී, ජයග්‍රාහී අනාගතයක පෙරමග ලකුණු දැකගත හැකිය; එනම් ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඒකධ්‍රැවීය බලයට අභියෝග කරන බලයක් ලොව තුළ ගොඩනැඟෙමින් පැවතීමය. ගොඩනැඟෙන බලය විසින් වඩා වාසිදායක වාතාවරණයක් වැඩ කරන ජනතාව ප්‍රමුඛ ප්‍රගතිශීලී මානව සංහතියට උදාකර දෙන බව අපගේ විශ්වාසයයි.

එසේම අප රටක් ලෙස මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය උදාවන විට සිටින්නේ ලබාගත් ණය පවා ගෙවාගත නොහැකි ඉතා අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවය. මේ ආර්ථික අර්බුදයට මුල් වූ හේතුවලට පිළියම් යොදමින් රටක් ලෙස පෙරට යාමක් අද සිදුවන්නේද? විදේශ විනිමය හිඟයකට මුහුණ දී සිටින අප අද යමින් සිටින්නේ විදේශ විනිමය වැඩි වැඩියෙන් උපයන මාවතක ද? විදේශ විනිමය අඩුවෙන් වියදම් කරන මාවතක ද? වෙළඳ පරතරය දවසින් දවස අඩු කරගන්නා මාවතක ද? යන සියල්ල දෙස බැලුවද පිළිතුර වන්නේ 'නැත' යන්නය. එපමණක් නොව  වික්‍රමසිංහ පාලනය අද මේ රට රැගෙන යමින් සිටින්නේ මේ ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමේ දිසාවට නොව, නැවතත් කිසි දිනක ගොඩඒමට නොහැකි ඉරණමක් කරා බව ද ඉතා පැහැදිලිය.

මෙම පාලකයන් සහ වත්මන් මහබැංකු අධිපතිවරයා ඇතුළු ආර්ථික බලධාරීන් අද මේ ආර්ථික අර්බුදය යොදාගනිමින්, හිතාමතාම  ශ්‍රී ලංකාවට වැළඳී තිබූ "ආර්ථික සෙම්ප්‍රතිශ්‍යාව", "ආර්ථික නියුමෝනියාවක්" බවට තීව්‍ර කොට තිබේ. එසේ කොට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ "දඬුඅඬුවට" සිරකර තිබේ. දැන් අපට කටයුතු කිරීමට සිදුව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ "දඬුඅඬුවට" සිරව ඔවුන් පවසන පරිදි පමණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කළ පරිදි අලුතෙන් 18%ක වැට් බද්ද පනවනු ලැබුවේ දේශීය නිෂ්පාදන පද්ධතිය අඩාල වන පරිදිය. "ආර්ථික නියුමෝනියාව" වැළඳී සිටින රෝගියා මෙසේ තව තවත් ඔත්පල කොට මේ හදන්නේ ශ්‍රී ලංකා රාජ්‍යය වසර දහස් ගණනක් තිස්සේ රැකගත් ස්වෛරීත්වය අහිමි කරවන්නටය; අපගේ වෘත්තීය සමිති නායකයන් ඇතුළු වැඩ කරන ජනතාව දිනාගත් අයිතීන් පොඩිපට්ටම් කිරීමටය. 70  දශකයේ දී සමගි පෙරමුණු රජය මෙරට බලශක්ති ස්වෛරීත්වයට අදාළව ගනු ලැබූ තීරණ, දේශීය නිෂ්පාදන පද්ධතිය බලගැන්වීමට ගනු ලැබූ තීරණ සියල්ල අංශක 180කින් ආපසු හරවන ගමනක් වත්මන් පාලකයෝ අද යමින් සිටිති.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී මෙරට ජනතාව, ජයග්‍රහණය කරවන්නේ කවුරුන්දැයි තීරණය කරනු ඇත. එහෙත් ඊට පෙර මේ රටේ බලශක්ති සුරක්ෂිතතාව අහිමි කර, වැඩ කරන ජනතාවගේ අයිතීන් පොඩිපට්ටම් කර, ශ්‍රී ලංකා රාජ්‍යය කියා එකක් නැත්තටම නැති කරනවා නම් කවුරුන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළත් ලැබෙනු ඇත්තේ "අලියා ගිලපු දිවුලක්" වැනි රාජ්‍යයක් මිස අන් යමක් නොවේ. මුලින්ම අපි "අලියාට" මේ "දිවුල" ගිලින්නට නොදී සිටිය යුතුය. එසේ නොමැතිව "අලියා" "දිවුල" ගිල්ලාට පසුව ඒ "මදය රහිත දිවුල" රැගෙන "මමයි ජනාධිපති" යැයි කිව හැක්කේ කොතරම් නරුම දේශපාලන තක්කඩියෙකුට ද?

"ජනාධිපති සිහින" දකිනවා විනා කවර විරුද්ධ පක්ෂ වේදිකාවකවත් මේ වික්‍රමසිංහ පාලනයේ පරගැති සැලැස්මට අභියෝග කරන්නේ නැත;  ඊට එරෙහිව සිහින් කෙඳිරියක්වත් නඟන්නේ නැත. අද අප  මේ පරගැති සැලැස්ම පිළිබඳව දිගින්දිගටම ජනතාව දැනුම්වත් කරමින්, ඊට එරෙහිව ජනතාව පෙළගස්වමින් සිටින එකම දේශපාලන  වේදිකාව බවට පත්ව තිබේ. ඒ බව ද සිහිපත් කරමින්, මෙවර ජාත්‍යන්තර කම්කරු දිනයේ දී වික්‍රමසිංහ පාලනයේ පරගැති සැලැස්මට එරෙහිව සටන් වැදීම සඳහාත් ඊට අවශ්‍ය කරන පුළුල්තම සමගිය නිර්මාණය කිරීම සඳහාත් මෙරට වැඩ කරන ජනතාවට මෙන්ම ජාතිකවාදී, ප්‍රගතිශීලී දේශමාමක සියලු  බලවේගවලට ඇරයුම් කර සිටින්නෙමු.

විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.
ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්
ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

ප්‍රධාන පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.