News Category
From Date
To Date
Maximum Number of Result

රදගුරුතුමා ජිනීවා යෑම නොව මොළ දාහතේ ආංශක අධික්ෂණ යෝජනා ගල්වූයේ කුමන මොළ ගණනක බලපෑමෙන්ද යන්න සොයන්න පාර්ලිමේන්තු විවාදයක් හෝ ජනාධිපති කොමිසමක් ඉල්ලා සිටිය යුතුයි - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම්, යසස් ධර්මදාස

Apr 30, 2024 at 05:39 PM
|

අග රදගුරුතුමා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා ජිනීවා යෑමට සූදානම් බව පැවසීම පිළිබඳව ලංකාලීඩර් වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම්, යසස් ධර්මදාස මහතා පවසන්නේ එතුමා ජිනීවා යෑම නොව මොළ දාහතේ ආංශක අධික්ෂණ යෝජනා ගල්වූයේ කුමන මොළ ගණනක බලපෑමෙන්ද යන්න සොයන්න පාර්ලිමේන්තු විවාදයක් හෝ ජනාධිපති කොමිසමක් ඉල්ලා සිටිය යුතු බවයි.

යසස් ධර්මදාස මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ.

"කතෝලික ප්‍රජාව අතර කතාබහවෙන ආකාරයට ගෝඨාභය කෙරෙහි මෙතරම් අවර ගණයේ ප්‍රතිරෝධයක් කාදිනල් තුමා දක්වන්නේ ඊළඟ පාප් වහන්සේ තනතුර සහ රෝමයේ තානාපතිපති පදවියක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මූලික කරගෙන කියලයි පැවසෙන්නෙ. ඒ කෙසේවුවත් එතුමාගේ ‘ක්‍රෙඩිබිලිටිය’ පිළිබඳව ඝට්ටනයක් ඇති බව පෙනෙන්න තියෙනවා. මෙය එතුමාට බලපාන යම්කිසි අමතකවීම හා සම්බන්ධ රෝගී තත්ත්වයක්ද නැතහොත් ඉහත කරුණ නිසා ඇතිවූ ඉච්ඡාභංගත්වය හේතුවෙන් ඇතිවූ පලිගැනීමේ චේතනාවක් ක්‍රියාත්මක කර ගැනීමට දරණ උත්සාහයක්දැයි සැකයක් මතු වෙනවා.

අග රදගුරුතුමා හොඳාකාරවම නොදන්නව වෙන්න බැහැ ජිනීව මානව හිමිකම් සමුළුවෙන් සාධාරණයක් ඉටු නොවෙන බව. අපේ රණවිරුවන් යුද අපරාධකරුවන් ලෙස සැළකීමේ සිට මෑතක පලස්තීන යුද්ධය දක්වාවූ අවස්ථාවලදී ජීනීවා සමුළුව කටයුතු කරන්නේ කුමන ආකාරයටද යන්න පැහැදිලියි. එබැවින් කාදිනල්තුමාට ගෝඨාභයට විරුද්ධව පැමිණිල්ලක් කිරීමට අන්තේවාසික රටවල් කිහිපයක් හොයාගැනීමට අපහසු වෙන්නෙ නෑ. පලස්තීන ජනතාවට සාධාරණයක් ඉටුකිරීමට අපොහොසත්ව ඇති ජිනීවා මානව හිමිකම් සමුළුව සමහරවිට මෙය අවස්ථාවක් කරගන්න හැකියාව තියෙනවා ඔවුන් අගතියට පත්වෙන ජනතාවට සහනයක් වෙන්න ඉන්න බව ප්‍රදර්ශනාත්මකව පෙන්වීමට. එබැවින් කාදිනල් රංජිත්ට හැකිවේවි ගෝඨාගෙන් වාඩුව ගන්න. 

නමුත් මේ අවස්ථාවෙ බහුතරයක් කතෝලික ජනතාව සිදුවුනේ කුමක්ද කියා පැහැදිලිව දන්නවා. 2015 පත්වුන මෛත්‍රී රනිල් ප්‍රමුඛ යහපාලන නඩය කෙතරම් පඹ ගාලක රට පටලවා ඇතිද කියා පහුගිය අරගල සමයේ පැහැදිලිව පෙනෙන්න තිබුනා. කැරලිකරුවන් ගෙවල් ගිණි තබමින් මිනී මරමින් පවතින අවස්ථාවකවත් හමුදාව ඊට එරෙහිව යෙදවීමට නොහැකි වනලෙස මානව හිමිකම් කඹයෙන් රටේ ආරක්ෂාවට සම්බන්ධ උසස්ම නිලධාරීන්ගේ අත් අඹරා තිබුන ආකාරයත්, ‍යුද අපරාධ චෝදනා එසේම තිබියදී මානව හිමිකම් කොමිසමෙන් ඊට ලබාදුන් ඳඬුවම් ක්‍රියාත්මක කිරීම වැලැක්වීමට ජී. එල්. පීරිස් ප්‍රමුඛ කණ්ඩායම ලබාදුන් ‘එන්ගේජ් ක්‍රමය’ චෝදනාලාභී නිලධාරීන් මෙහෙයවීම සඳහා සමහර බටහිර තානාපති අංශ විසින් යොදාගත් ආකාරයත් විමල් සහ සේන තෝරදණිය මෑතදී නිකුත්කරන ලද ඔවුන්ගේ ග්‍රන්ථවල සඳහන් කර තිබෙනවා. 

එසේනම් මැල්කම් රංජිත් අග රදගුරු හා කතෝලික සභාව මේ සැරසෙන්නේ එදා 2015 දී යහපාලන රජය රට පැටලුවාවූ පඹගාලකට එහා තවත් පඹගාලක රට පටලවන්නද යන සැකය ඇතිවෙනවා. සමහර විට සැබෑ වරද කරුවන් හෙලිවීම වැලැක්වීමට දරණ ඩීල් දේශපාලනයේ උත්සාහයක්ද විය හැකි බව විවාදයේදී මන්ත්‍රීවරයෙක් පැවසුවා. 

එසේ වුවද දැනට පෙනෙන ආකාරයට වත්මන් රජය ගෝඨාව නොකළ වරදකට බිලිදීමට සූදානම් නැති බව පෙනෙන්න තියෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ පසුගිය පාර්ලිමේන්තු විවාදයේ පිළිතුරු කතාවෙදි ටිරාන් අලස් ඇමතිතුමා සාර්ථක කරුණු දැක්වීමක් ඉදිරිපත් කරා. සමස්ථ පාස්කු ප්‍රහාරයේ විගණන වාර්තාවම දැන් තියෙන්නෙ කාදිනල් රංජිත් සහ කතෝලික සභාව ළඟ. අමරිකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවේ බුද්ධි අංශ විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳ තම අධ්‍යයනයන් ලබාදී තිබෙන බවත් ඇමතිතුමා සඳහන් කළා. එසේනම් තවත් ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලීම කුමන අරමුණු ඉටුකර ගැනීම සඳහාද? මෙය කලිනුත් පැහැදිලි කර ඇති කරුණක් මිස අලුත් කාරණයක් නොවෙයි. 

එසේම අලස් ඇමතිතුමාගේ පිළිතුරු කතාවේදී සිදුකළ කරුණු සියල්ල, සිරිල් ගාමිණී පියතුමාගේ ප්‍රශ්න අටට දුන් පිළිතුරු ඇතුළුව, අලුත් කිසිවක් අඩංගු නොවෙයි. එකම අලුත් තොරතුර වුනේ කොමිසමෙන් රහසිගතව තබාගත යුතු යැයි සඳහන් කළ වෙළුමක්ද රංජිත් කාදිනල් තුමාට සහ කතෝලික සභාවට ලබාදී ඇති බවත්, රංජිත් කාදිනල් තුමා සහ කතෝලික සභාව කොමිසම් වාර්තා කියවීම වසරක් තිස්සේ ප්‍රමාද හෝ නොසළකා හැර ඇති බවයි. අලස් ඇමතිතුමා කළයුත්තේ එම රහසිගත වෙළුමත් මුදා හැරීමයි. එයින් අපිට බලාගත හැකියි කාදිනල් සහ කතෝලික සභාවේ මතයට යම් සාධාරණ පසුබිමක් ඇතිද කියලා.

මේ සිදුවන්නේ සැබෑවටම පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට පමණක් නොව සමස්ථ රටේ ජනතාවටම දැනගැනීමට අවශ්‍යව ඇති ප්‍රහාරකයින් මෙහෙයවූවන් සොයා ගැනීම පසෙක තබා දූශිත දේශපාලකයින් දුප්පත් මිනිසුන්ගේ දුප්පත්කම සහ දරිද්‍රභාවය විකුණමින් තම ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට කටයුතු කරන්නාක්මෙන් රංජිත් කාදිනල් තුමා සහ කතෝලික සභාව යම්කිසි කූට අරමුණක් වෙනුවෙන් පාස්කු ප්‍රහාරය මෙහෙයවන ආකාරයක්ද කියා සැකයක් ඇති වෙනවා. 

අලස් ඇමතිතුමාගේ කතාවේ අඩුපාඩුවකට තිබුනෙ ආරක්ෂක අමාත්‍යංශය විසින් 2021.02.18 දාතමින් අමාත්‍ය මණ්ඩල සංදේශ අංකය MOD/CP/PAC/05/2021 යටතේ නිකුත් කරනලද “ප්‍රමුඛත්වය මත ක්‍රියාත්මක කළ යුතු ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ යෝජනා” සඳහන් අමාත්‍ය මණ්ඩල සංදේශයේ යෝජනා ක්‍රියාත්මක කිරීමට නොහැකි වුනේ ඇයි කියා නොපැවසීමයි.

මෙම සංදේශයේ පසුබිම වන්නේ 2019 අප්‍රේල් මස 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් පසු රට හමුවේ ගොඩනැගුණු ප්‍රශ්නකාරී සහ වියවුල් සහගත තත්ත්වයට පිළියම් ලෙස එතෙක් ක්‍රියාත්මකව තිබූ මූලික නීති පද්ධතියෙහි යම් සංශෝධන සහ වෙනස්කම් විය යුතු බව දන්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ලබා දුන් මූළික යෝජනාවලියක් මුල් කර ගනිමින් 2019 මැයි මස 17 වන දින මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ සභාපතීත්වයෙන් සෙසු මන්ත්‍රී සාමාජිකයින් 16 දෙනෙකුගෙන් යුක්ත ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වීමයි. එමගින් ‘එක රටක් - පොදු නීතියක්’ යන පදනම මත ශ්‍රී ලංකාවේ ජාතීන් හා ආගම් අතර මිත්‍රත්වය වර්ධනය කරවමින් ‘නව ත්‍රස්තවාදය හා අන්තවාදය’ මුලින් උපුටා දැමීමට අවශ්‍ය වන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ නීතිරීති සම්පාදනය සහ එම නීතිරීති ක්‍රියාත්මක කරවීම සඳහා කාරක සභාවේ යෝජනා සහ නිර්දේශ ඇතුලත් වාර්තාවක් 2020 පෙබරවාරි මස 19 වන බදාදා දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 111 යටතේ ඉදිරිපත් කර ඇත. මෙම සංදේශය මගින් ‘ශ්‍රී ලාංකිකත්වය යනු තම පළමු අනන්‍යතාවය’ ලෙස සලකන, ‘ශ්‍රී ලාංකීය සිංහල, ශ්‍රී ලාංකීය දෙමළ සහ ශ්‍රී ලාංකීය මුස්ලිම්’ යනුවෙන් සිතන ජනතාවක් සිටින ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය පසුබිම සම්පාදනය කිරීම සඳහාවූ 57 වැදෑරුම් යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබුනි. එහෙත්, ගෝඨාභයගේ මෙන්ම රටේ අභාග්‍යයට මොළ දාහතක් විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් ගෝඨාභය ප්‍රධාන 69 ලක්ෂයේ ආණ්ඩුව වැලකුණි. එම යෝජනා ක්‍රියාත්මක කිරීම සිදුවෙමින් පැවතුණිනම් අගරදගුරුතුමා ඇතුලු කතෝලික සභාවට මෙසේ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව දිගින් දිගටම හෙට්ටු නොවීමටත්, අනෙකුත් පාර්ශව වලට වවාගෙන කෑමටත්, අනර්ථදායී පාර්ලිමේන්තු විවාද පැවැත්වීමටත් අවශ්‍ය නොවන්න ඉඩ තිබුන. මෙම පාර්ලිමේන්තු විවාදය අනර්ථදායී වෙන්නෙ පාස්කු ප්‍රහාරයේ සැබෑ කරුණු වලට වැඩියෙන් දුර්මත විශාල ප්‍රමාණයක් හැන්සාඩ් ගතවීමයි. එය සමහරවිට මෙම ව්වාදයේ එක අරමුණක් විය හැකියි.

විවාදයක් පැවත්විය යුතු හෝ කොමිසමක් පැනවිය යුතු කරුණ වන්නේ මොල දාහතක් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කිසිවක් ක්‍රියාත්මක නොකළේ කුමන මොළ ගණනක බලපෑමක් මත නිසා සිදු වුනිද යන්න සොයා බැලීමටයි. අලස් මහතාගේ පිළිතුරේ මෙම ආංශික යෝජනා ක්‍රියාත්මක නොකළේ කුමණ කරුණු නිසාදැයි සඳහන් කළ යුතුව තිබුනා.

ජවිපෙ/මාලිමා නායක අනුර කුමාර කියන පරිදි ශ්‍රී ලංකාවේ ස්ථාවර භාවය ස්ථාපනය කළ හැක්කේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සෙවීමේ ගහ දන්නා මිනිහට කොල කඩා පෑමෙන්වත් හොරාගෙ අම්මගෙන් පේන අහන ක්‍රියාවලියෙ යෙදීමෙන්වත් නොවෙයි. ඒ සඳහා කළ යුත්තේ අලස් මහතාද වසරකට පෙර ඉල්ලාසිටි තොරතුරු කාදිනල් තුමා හා කතෝලික සභාව මගින් ලබාදීමත්, අධිකරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමත්, ආංශික අධීක්ෂණ කාරක සභාවේ යෝජනා ක්‍රියාත්මක කිරීමත්, යුද අපරාධ චෝදනා වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉටුකර ගැනීම මගින් අපේ රණවිරුවන් යුද අපරාධකරුවන්‍ නොවේ යැයි ඔප්පු කර ගැනීමෙනුත් පමණයි. 

තුන්වැනි කරුණ සඳහා ප්‍රමාණවත් සාක්ෂි දැනටමත් විද්වත් මණ්ඩලයක් විසින් සකසා අප විසින් අදාල ආයතන වලට ලබා දී තියෙනවා. තවත් ඒ පිළිබඳව කරුණු අවශ්‍යනම් අදාල විද්වත් මන්ඩලය ඒ සඳහා සූදානම්. මහ බැංකුවේ වෝහාරික විගණන වාර්තාව සෑදීමට රජය නිශ්ඵලව රුපියල් මිලියන 300 ක් වැය කරත් රජයට සතයක්වත් වැය නොකර මේ වාර්තාවල් සපයා තියෙනවා. ගෝඨාභය එම වාර්තා පිළිබඳව සැළකිලිමත් නොවීම වංචාකාර මහාචාර්‍ය වරුන්ගේ ‘එන්ගේජ් තියරි’ උගුල් වලට හසු වීමට හේතුවුනා. එසේ නැවත උගුල් වලට හසු නොවීමට නායකයින් සේම ජනතාවද දැනුවත් විය යුතුයි."

සම්බන්ධිත පුවත් | Related News

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.
ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්
ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

ප්‍රධාන පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.