ශ්‍රී ලංකාව ඉටුකළ යුතු කරුණු 16ක් ගැන IMF වාර්තාවක් එළියට
ඉදිරි මාස 03ක කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ප්‍රමුඛත්වය ලබාදී ඉටුකළ යුතු කරුණු 16ක් ඇතුළත් විශ්ලේෂණාත්මක ඇගයීම් වාර්තාවක් ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර තිබේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් ඉකුත්දා මෙරට තුළ සිදුකළ සංචාරයෙන් පසු නිකුත් කර ඇති මෙම වාර්තාවේ මෙරට මුල්‍ය පාලනයේ සහ කළමනාකරණයේ දුර්වලතා රැසක් ද පෙන්වා දී තිබීම විශේෂත්වයකි.
එහි දක්වා ඇති ප්‍රධාන දුර්වලතාව වන්නේ අයවැය මඟින් ඇස්තමේන්තු කර ඇති ආදායම් එක්රැස් කිරීමට නොහැකිවීමය.
එමෙන්ම වියදම් සීමාවන්ද ඉක්මවා යාම හේතුවෙන් අයවැය පිළිබඳ විශ්වාසනීයත්වය බිඳවැටෙන බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දී තිබේ.
2014 වසරේ සිට සෑම වසරකම මෙරට ආදායම් ඉලක්ක සැබෑ ආදායම් එක්රැස්කීරිමට වඩා 16.9%ක ඉහළ සාමාන්‍යයකින් යුක්තවන බව මෙම වාර්තාවේ සඳහන් වේ.
එසේම 2019,2020 සහ 2022 වර්ෂවල අයවැයෙන් ඇස්තමේන්තුගත වියදම 6.3%ක සාමාන්‍යයකින් ඉක්මවා ඇති බවද මුල්‍ය අරමුදල පෙන්වා දී ඇත.
මෙලෙස අයවැය පරතරයේ ඉලක්ක සපුරාගත නොහැකිවීම දැවැන්ත ණය හිඟයකට හේතු වී ඇති බව මුල්‍ය අරමුදලේ වාර්තාවේ දැක්වේ.
අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ අයවැය විශ්වාසනීයත්වයකින් තොරවීම දූෂණ අවදානම ඉහළ නංවා ඇති අතර එම විශ්වාසනීයත්වය ඉහළ නැංවීම සඳහා නිසි ආදායම් පුරෝකතනයක් සිදුකළ හැකි මධ්‍යකාලීන මුල්‍ය යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවය.
තිරසාර ආදායම් ජනනයක් සඳහා බදු ප්‍රතිපත්තියේ මුලික වෙනස්කම් රැසක් සිදුකළ යුතුව ඇතිබවත්, සියලු බදුවලට අදාළව බදු පරිපාලන පනතක් ක්‍රියාවට නැංවීමටත් එමඟින් බදු ගෙවීම් පැහැර හරින්නන් සහ අල්ලස් ලබාගන්නා බදු නිලධාරීන්ට අපරාධ චෝදනා ගොනුකිරීම ඇතුළු දැඩි දඬුවම් පමුණුවීමට හැකි ආකාරයේ වගන්ති ඊට ඇතුළත්විය යුතු බවත් ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල පවසා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි