
ශ්‍රීලනිපය අන්තිම බින්දුවටම වැටිලා... කෑලි හය හතකට කැඩිලා - චන්ද්‍රිකා තනි මාධ්‍ය හමුවක් තබමින් කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට කිසිදු අපේක්ෂකයකු පෙනෙන තෙක් මානයක නැති බවත්, පක්ෂය මේ වනවිට කෑලි හය හතකට කැඩී ඇති බවත්, ඒ හේතුවෙන් පක්ෂය අන්තිම බින්දුවටම වැටී ඇති බවත් හිටපු ජනාධිපතිනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (29 දා) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළාය.
කාලයකට පසු කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මෙම මාධ්‍ය හමුවට හිටපු ජනාධිපතිනිය තනිවම පැමිණ අදහස් දැක්වීම විශේෂත්වයක් විය.
තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු තනතුරක් භාර නොගන්නා බවත් පසුපස හිඳිමින් පක්ෂය නිවැරදි ගමනක් කරා මෙහෙයවන බවත් ඇය කියා සිටියාය. තම පියා ඉතා දුක්මහන්සියෙන් ගොඩනැඟූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට මහින්ද රාජපක්ෂ හා මෛත්‍රිපාල සිරිසේන විසින් විනාශ කර ඇතැයි ද ඇය සඳහන් කළාය.
මැයි දින රැලියට සහභාගිවීමට තමාගේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති නමුත් ඉදිරියේදී විශාල ජන රැලියක් පවත්වමින් ජනතාවට සත්‍ය හෙළි කිරීමට බලාපෙරොත්තුවෙන් සිටින බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කීවාය.
තවදුරටත් කතා කළ හිටපු ජනාධිපතිනිය මෙසේ ද පැවැසුවාය.
"පසුගිය කාලයේ මං සම්බන්ධයෙන් විවිධ අය කියපු දේවල් අමූලික බොරු. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්තිම බින්දුවටම වැටිලයි තියෙන්නේ. කෑලි හය හතකට කැඩිල ඉවරයි. එක්සත් ජාතික පක්ෂයත් දෙකට කැඩිලා. 2015න් පස්සෙ මම දේශපාලනයෙන් ඉවත් වුණා. ඒ වුණත් මම සමාජ සේවා වැඩකටයුතු කළා. 2019න් පස්සෙ මට තේරුණා මේ රටේ පැහැදිලි නායකත්වයක් නැහැ කියලා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳගෙන මහින්ද රාජපක්ෂත්, මෛත්‍රිපාල සිරිසේනත් මට පහර ගැහුවා. 2019 දී මාව පක්ෂයෙන් අයින් කළා. මගේ සංවිධායකවරු හතළිස් ගාණක් අයින් කළා. එහෙම අසාධාරණකම් වෙච්ච වෙලාවේ මගෙන් ඒ ගැන අහපු නැති අය දැන් ‘එන්න මැඩම්, එන්න මැඩම්’ කියලා කතා කරනවා.
අවංක දක්ෂ උගත් දේශපාලනඥයන් පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ, ප්‍රාදේශීය සභාවේ නොමැතිවීම මේ රටට අත්වී ඇති විශාල ඛේදවාචකයක්. මොන රජයක් ආවත් කරන්න බැරි, දේශපාලනය බිස්නස් එකක් කරගත්තු බහුතරයක් අද දේශපාලනයේ ඉන්නවා. අවංක අය අතළොස්සක් ඉන්නවා. තරුණ පිරිසට මේවා බලන් ඉන්න බැරි තැන තමයි අරගලය පටන් ගත්තේ. අරගලයේ නායකයො වැඩි දෙනෙක් උගත් අය. මට ඒ හුඟදෙනෙක් හමුවුණා. ඒ අය අතර නීතිඥවරුන්, ඉංජිනේරුවන් හිටියා. ඒ අය ඒ අරගලය කළේ අලුත් නායකත්වයක් ඕනෑ කියන අදහසින්. හැබැයි ඒක අනික් පැත්තට හැරෙව්වා. කට්ටියක් ගිහිල්ල අන්තවාදී වැඩ කරලා ඊටපසු රජයට අවස්ථාවක් ලැබුණා.
හැබැයි අමතක කරන්න එපා මේ රටේ බහුතරයක් සියයට 80ක් තාමත් ඉන්නේ අරගලයේ පණිවිඩය සමගයි. අනාගත නායකයො අරගලයක් තිබුණෙ නැති ගාණටයි දේශපාලනය කරන්නේ. ඒක තේරුම් නොගැනීම බොහෝ කනගාටුදායකයි. මේ අය ජනතාවගේ හඬට කන්දෙන්නෙම නැහැ.
ජනතාවගේ දුක ගැන නොහිතා වැඩ කරන්න බැහැ. ටැක්ස් ගෙවන්නේ නැති මහා පොහොසතුත් ඉන්නවා. බොහෝ අයට වුවමනා කරල තියෙන්නේ මොන ජරා වැඩක් හරි කරලා බලයට ඇවිල්ලා ගන්න පුළුවන් වරප්‍රසාද භුක්තිවිඳින්නයි.
රටට මොනවා වුණත් ජනතාවට මොනවා වුණත් ඒ අයට කමක් නැහැ. මම නම් එහෙම දේශපාලනයත් කවදාවත් කරලා නැහැ අපේ සේසත නැතිකරගෙනයි අපි දේශපාලනය කෙරුවේ. මගේ දෙම්වුපියෝ දේශපාලනය කරපු කාලයේ වැදගත් දේශපාලකයන් මේ රටේ හිටියා. අද එවැනි අයත් නැහැ. මේ දේශපාලන රටාව නිසා ඒ අය පන්නල දාලා. දේශපාලනයට අද තාත්තා එනවා, දුව එනවා, දුවගෙ මිනිහ එනවා, ඊළඟට නැන්දම්මාගේ පුතා එනවා. දැන් හොරු කියලා උසාවියෙන් ඔප්පු වෙලා ඉන්න අය තමයි ප්‍රධාන ඇමතිවරු වෙලා ඉන්නේ.
දැන් ගෙනයන ලොකුම බොරුව තමයි චන්ද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇවිත් තියෙන්නේ යූ.එන්.පී. එකට උදව් කරන්න. මගේ කිසිදු අදහසක් නැහැ මං ඉපදුනෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. වැඩ කෙරුවෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට."
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
