News Category
From Date
To Date
Maximum Number of Result

"ඉන්දු - ලංකා Connectivity වැඩපිළිවෙළ" නුදුරේදීම අපව සිකීමයේ ඉරණමට ඇද දමාවි! - විමල්ගෙන් සවිස්තරාත්මක හෙළිදරව්වක්

Apr 29, 2024 at 02:57 PM
|

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ඉදිරියේ 2023 ජූලි  21 වැනි දින ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් එකඟ වූ  Connectivity යන නාමකරණයෙන් හැඳින්වෙන,  ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ සපුරා ඒකාබද්ධකරණයකට ලක් කෙරෙන, ඒ අනුව දෙරට අතර  බලශක්ති ඒකාබද්ධකරණය යටතේ තෙල් සහ විදුලි බල පද්ධති පවා Connectivity කෙරෙන, සය වැදෑරුම් වැඩපිළිවෙළ දැනටමත් ඇරඹී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අනාවරණය කළේය.

දෙරට මුදල් ඒකක ඒකාබද්ධකරණය, රේගු ඒකාබද්ධකරණය, මූල්‍ය හා බදු ප්‍රතිපත්ති ඒකාබද්ධකරණය, ගුවන්තොටුපළ හා  වරාය ඒකාබද්ධකරණය, තෙල් හා විදුලි පද්ධති ඒකාබද්ධකරණය හෙවත් බලශක්ති ඒකාබද්ධකරණය හා භෞතික ඒකාබද්ධකරණය යන සය වැදෑරුම් Connectivity වැඩපිළිවෙළ  මෙසේ ඉදිරියට ගියහොත් සිකීමය ඉන්දියාවේ  22 වැනි ප්‍රාන්තය බවට පත් වූ ආකාරයෙන් ශ්‍රී ලංකාව ද  නුදුරේදීම ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වනු ඇති බවට ඒ මහතා අනතුරු හඟවයි.

පසුගියදා මාතර නූපේ රුහුණු සංස්කෘතික මධ්‍යස්ථානයේදී "මැණිකේ මගේ හිතේ... : ඉන්දියානු දේශපාලනයේ ලාංකික කියැවීම" යන මැයෙන් පැවති සම්මන්ත්‍රණයෙහි සිය දේශනය සිදුකරමින් ජානිපෙ නායකවරයා මෙම අදහස් පළ කළේය.

 මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් ද සහභාගී වී සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  වීරවංශ මන්ත්‍රීවරයා මෙසේ ද  සඳහන් කළේය.

අපි රැකුණු හැටි!

ඉන්දියාව වාර 17ක්,  යුරෝපීන් වාර 3ක් සෘජුව යුදමය වශයෙන් මේ රට ආක්‍රමණය කළත් ඒ කිසිවකට දීර්ඝකාලීනව හෝ සදාකාලිකව මේ රට ගිලගන්න බැරි වුණා. මෑතකාලීනව ගත්තොත් 'නෝර්වේ සාම ක්‍රියාදාමය' යන ඊනියා ක්‍රියාදාමය යටතේ මේ රට ගිලගැනීමට සැලසුම් කළා. ඊට සමගාමීව තමයි 'නෝර්වේ සාම දූතයන්' සුඩානය, දකුණු සුඩානය හා නැගෙනහිර සුඩානය ලෙස බෙදා වෙන් කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කළේ. ඒ පැකේජයම තමයි ඔවුන් ශ්‍රී ලංකාවටත් ඉදිරිපත් කළේ. අද දකුණු සුඩානය කියන්නේ මස් කඩයක්.  දකුණු සුඩානයේ මිලිටරි පාලනය දෙකට,තුනට බෙදිලා මරාගන්නවා. යුරෝපා රටවල් දකුණු සුඩානයේ තෙල් නිධි කොල්ලකනවා. සුඩානය තුළ එකිනෙකා මරාගන්නා කැබැලි රාජ්‍යයන් දෙකක් නිර්මාණය කළාට ඔවුන්ට ශ්‍රී ලංකාව තුළ ඒ දේ කිරීමට බැරි වුණා.

'ශ්‍රී ලංකාව තුළ තමන්ගේ සාම ක්‍රියාදාමය අසාර්ථක වුණේ ඇයි?' කියලා නෝර්වේ සාම දූතයන්, නෝරාඩ් සංවිධානය මගින් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග අධ්‍යයන අංශයේ මහාචාර්යවරුන් පස්දෙනකු යොදාගෙන පර්යේෂණයක් සිදු කළා. ඒ පර්යේෂණ වාර්තාවට සිංහලෙන් කියන්නේ සාමයේ ඉත්තො(Pawns of peace) කියලයි. සුඩානයේ ශ්‍රී ලංකාවේ වගේ 'ගහට පොත්ත' වගේ බැඳුණු සංස්කෘතියක් නැහැ, ගමයි - පන්සලයි හාබැඳුණු ශක්තිමත් සංස්කෘතියක් ශ්‍රී ලංකාවේ තිබුණා, පවුල නමැති සමාජ ඒකකය තුළ තිබෙන සාමූහික බැඳීම ඉතා ශක්තිමත්, යනාදී කරුණු එහිදීත් අනාවරණය වුණා.

රට ගිලගැනීමේ මහා සැලැස්මක්!

ඉහත කිසිවකින් සම්පූර්ණයෙන් ගිලගැනීමට නොහැකි වූ අපේ රට, අද මේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය උපයෝගී කොටගෙන ගිලගැනීමේ මහා සැලැස්මක් දියත්ව තිබෙනවා. එය නිවැරදිව තේරුම් නොගෙන කටයුතු කළොත් අපේ ඉරණම් කතාවේ අවසානය ලියැවීමේ බරපතළ අවදානමක් තිබෙනවා. මේ අවදානම පිළිබඳව කතා කරන්නයි අපි මාතරට ආවේ. මේ අවදානම ගැන අද කිසිදු දේශපාලන වේදිකාවක කතා කරන්නේ නැහැ. සජිත්ගේ කමිසය යටින් පෙනෙන සුරය ගැන, හොරුන්ගේ සල්ලිවලින් රටේ ආර්ථිකය ගොඩදාන එක ගැන වැනි 'ගැලරිය පිනවන කතා' ඇහුනාට, මේ ආර්ථික - සමාජ බිඳවැටීම හමුවේ දියත් වන ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ගිලගැනීමේ මෙහෙයුම පිළිබඳව දැනුම්වත් කිරීමේ කතාවක් මේ රටේ කිසිදු දේශපාලන වේදිකාවකින් ඇහෙන්නේ නැහැ. නමුත් ජාතිකවාදී, ප්‍රගතිශීලී, මේ රටේ සැබෑ වාමාංශික කඳවුර හාබැඳුණු දේශපාලන ව්‍යාපාරයක් හැටියට, ජුලී චන්ග්ලා පක්ෂ මූලස්ථානයට ගෙනල්ලා හුරතල් නොවන දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි තීරණය කොට තිබෙනවා, මේ පිළිබඳව ජනතාව දැනුම්වත් කොට එම මෙහෙයුම පැරදවීම පිණිස ජන පෙළගැස්මක් ඇති කිරීමට.

එදා කොටි ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය පැවතුණු කාලයේ 'සාමය දෙන්නම්' කියමින් බෙහෙත් වට්ටෝරුවක් පොවන්න හැදුවා වගේම අද මේ ආර්ථික බිඳවැටීම උපයෝගී කරගෙන 'ආර්ථිකය ගොඩගන්නම්' කියමින් එවැනිම බෙහෙත් වට්ටෝරුවක් පොවන්න හදනවා. එදා සාමය දෙන්නම්, කියමින් බෙහෙත් වට්ටෝරුව අරගෙන ආවේ නෝර්වේ. අද ආර්ථිකය ගොඩගන්නම් කියමින් බෙහෙත් වට්ටෝරුවක් ලෙස පෙන්වමින් 'වස වට්ටෝරුවක්' ගෙන එන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි.

ආදායම් බෙදීයාමේ විෂමතාවයේ ප්‍රතිඵලය

දැන් බලන්න, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල(UNDP) නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා, ශ්‍රී ලංකාවේ ජාතික ආදායම බෙදී යන ආකාරය. ඒ අනුව ජාතික ආදායමෙන්  31%ක් ලැබෙන්නේ ඉහළම සිටින 1%කට. එම 1% ද ඇතුළත් ධනවත්ම 10%කට ජාතික ආදායමෙන් 64%ක් ලැබෙනවා. මධ්‍යම පාන්තික 40%කට ජාතික ආදායමෙන් 32%ක් ලැබෙනවා. අවසානයේ සමාජයේ පත්ලේම සිටින 50%කට ජාතික ආදායමෙන් ප්‍රතිශතයක් ලෙස හිමිව ඇත්තේ 4%ක්. මෙවැනි බරපතළ ආදායම් බෙදීයෑමේ විෂමතාවක් ඇති විට රටක් බිඳවට්ටන්න පහසුයි. යුරෝපා රටවල් බිඳවට්ටන්න අපහසු ඔවුන් මෙවැනි විෂමතාවක් ඇති වීමට ඉඩ නොතබන නිසයි. ඔවුන් පන්ති පරතරය නොපෙනෙන ලෙස මේ විෂමතාව වහනවා. 'පොඩි රැකියාවක් කරන කෙනෙක් වුණත් කාර් එකෙන් එන්නේ' වැනි කතා පිටරට යන පිරිස්වලින් අපට ඇහෙනවා. ඒ යුරෝපා රටවල් සමාජය බිඳනොවැටෙන ලෙස මේ විෂමතාවට යම් පිළියම් යෙදීම නිසා පෙනෙන තත්ත්වයයි. ශ්‍රී ලංකාව මේ විෂමතාව නිසා ඉතා පහසුවෙන් බිඳවැට්ටවිය හැකි තත්ත්වයකයි අද පවතින්නේ. මේ කරුණත් අපි තරයේ මතක තබා ගත යුතු එකක්.

IMF බෙහෙත් වට්ටෝරුවේ ගුණය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට දී ඇත්තේ ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට හැකිවන බෙහෙත් වට්ටෝරුවක් ද? අපි එක නිදසුනක් බලමු. අපි මේ ආර්ථික අර්බුදයේ ගිලිලා ඉන්න වෙලාවේ, 2024 ජනවාරි මාසයේදී පමණක් එළවළු ආනයනය කරලා තිබෙනවා ඩොලර් මිලියන 33ක. 2024 ජනවාරි සහ පෙබරවාරි මාස දෙකට පමණක් එළවළු  ආනයනයට වැය කර ඇති මුදල ඩොලර් මිලියන 62.8ක්. 2023 ජනවාරි හා පෙබරවාරි සඳහා එළවළු ආනයනයට වැයකර ඇති මුදල ඩොලර් මිලියන 44.1ක්. 2025දී  එය ඩොලර් මිලියන 62.8ටත් වඩා වැඩි වේවි. එළවළු සහ පළතුරු ටික ගෙනෙන්න ගිය වසරට වඩා මේ වසරේදී වැඩියෙන් විදේශ විනිමය පාවිච්චි කරනවා නම් මේ බෙහෙත් වට්ටෝරුව හරිද? නෝර්වේ සාම වෙද මහත්තයා දුන්නු බෙහෙත් වට්ටෝරුවෙන් ගුණයක් ලැබුණේ නැහැ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දී ඇති බෙහෙත් වට්ටෝරුවෙන් අපේ විදේශ විනිමය අර්බුදයට විසඳුම් නොලැබෙන බව නේද පෙනෙන්නේ?

'ආර්ථික නියුමෝනියාව' උග්‍ර අතට...

අපි හොඳින් විමසා බැලුවොත් රටේ තිබුණු 'ආර්ථික සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය' නියුමෝනියා තත්ත්වයක් දක්වා හිතාමතා වැඩි කරපු බවක් දැකගත හැකියි. දැන් බලන්න, බදු ගැසිය යුත්තේ විදේශ විනිමය රටින් පිටව යෑම අඩු කරන විදිහට නේද? හොඳම නිදසුන තමයි දේශීයව නිෂ්පාදනය කරන රබර් ෂීට්වලට 18%ක වැට් බද්දක් පැනවීම. ඉන් දේශීය රබර් කර්මාන්තය බිඳවැටෙනවා පමණක් නොවෙයි රබර් ෂීට් ආනයනයට අවස්ථාව උදාවෙනවා. එසේම වැට් බදු පැනවීම නිසා රෙදිපිළි අපනයන කර්මාන්තය, මුද්‍රණ කර්මාන්තය ඇතුළු දේශීය කර්මාන්ත රැසක් බිඳවැටීමට ලක්ව තිබෙනවා. දැන් අපට ඉතා පැහැදිලියි, වැට් බද්ද පනවා ඇත්තේ දේශීය නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනයට තුඩු දෙන ලෙස නොවෙයි, කියා. ආර්ථිකයට වැළඳී ඇති නියුමෝනියා තත්ත්වය සුව කරලා, සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයත් නැති කරලා, ආර්ථිකය නැමැති රෝගියා දැඩිසත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කිරීමේ වුවමනාවක් මේ අයට නැහැ.

Connectivity කුමකටද?

රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් දිගේලි කරමින් ඉන්නේ 'රිගේනින් ශ්‍රී ලංකා' වැඩසටහනයි. පෞද්ගලීකරණය ඇතුළු සැලසුම් හයක් ඔළුවේ තියාගෙනයි එයා කටයුතු කරමින් ඉන්නේ. ඒහා සමගාමීව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් නරේන්ද්‍ර මෝඩි ඉන්දීය අගමැතිවරයා ඉදිරියේ ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් 2023 ජූලි මස 21 වන දින එකඟ වූ, දැනටමත් ක්‍රියාත්මක වීම අරඹා ඇති ඒකාබද්ධ උපායමාර්ගික උපාංග 6 අපි හඳුනාගත යුතුයි.  මේ ඒකාබද්ධතාව, Connectivity යන ඉංග්‍රීසි නාමකරණයෙන් හැඳින්වෙනවා. මුදල් ඒකක ඒකාබද්ධකරණය හෙවත් මුදල් ඒකක Connectivity මගින් ඉන්දියානු රුපියල්  ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ සිල්ලර ගනුදෙනු සඳහා පවා භාවිතා කිරීමට අවස්ථාව සැලසෙනවා. ඒ සඳහා නව මහ බැංකු පනතින් ප්‍රතිපාදන සලසා ඇති අතර ඉලෙක්ට්‍රොනික මුදල් හුවමාරු ක්‍රමයක් ද හඳුන්වා දී තිබෙනවා. රේගු  ඒකාබද්ධකරණය හෙවත් Custom Connectivity මගින් ඉන්දියාවේ එක් ප්‍රාන්තයක සිට තවත් ප්‍රාන්තයක් දක්වා භාණ්ඩ හුවමාරු කරන ආකාරයට ශ්‍රී ලංකාව සමග වෙළඳ ගනුදෙනු කිරීමට ඉඩ විවර වෙනවා. මූල්‍ය සහ බදු ප්‍රතිපත්ති  ඒකාබද්ධකරණය හෙවත්  Connectivity මගින් ඉන්දියානුවන්ට ශ්‍රී ලාංකිකයන් සේ සැලකීමේ හැකියාව හිමි වෙනවා. ඊළඟ එක තමයි ගුවන්තොටුපළ සහ වරාය ඒකාබද්ධකරණය. හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා ඉන්දියාවේදී සිනා සිසී පැවසුවේ ද මෙයයි. ඔහු එහිදී පැවසුවේ මේ ගුවන්තොටුපළ හා වරාය Connectivity මගින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගුවන්තොටුපළවල් 3ක් ඉදිරියේදී ඉන්දියාව සතු වන බවයි.

විදුලිය - තෙල් Connectivity අරඹලා

පාර්ලිමේන්තුව හමුවට ගෙනඒමට නියමිත නව විදුලිබල පනත මගින් මෙරට විදුලි බල පද්ධතිය ඉන්දියාවේ විදුලි  බල පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීම සඳහා ප්‍රතිපාදන පනවා තිබෙනවා. ඒ අතර ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නලයක් එළීමේ ක්‍රියාදාමය දින 56කින්  සම්පූර්ණ කිරීමට හැකි බව ද ඉන්දියානු බලධාරීන් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඒ විතරක් නොවෙයි අදානි සමාගමට ටෙන්ඩර් කැඳවීමකින් තොරව මන්නාරම සහ සාම්පූර් සුනිත්‍ය විදුලි බල  ව්‍යාපෘති ලබාදීමට එකඟ වී තිබෙන අතර  විදුලිය ඒකකයකට රුපියල් 50කට ආසන්න  මුදලක් ගෙවීමට ද අපේ විදුලි බල මණ්ඩලය එකඟ වී තිබෙනවා.

Connectivityහි අවසන් කොටස

ඒකාබද්ධකරණය හෙවත් Connectivityහි අවසන් කොටස වන්නේ භෞතික ඒකාබද්ධකරණයයි. මේ සඳහා කිලෝමීටර් 23ක් පමණ දිග 'ආදම්ගේ පාලම' ඉදිකිරීමට අදාළව ශක්‍යතා අධ්‍යයනයක් ද සිදුකර ඇති අතර ත්‍රිකුණාමලයේ සිට ධනුෂ්කොඩි දක්වා කිලෝමීටර 126ක ජාත්‍යන්තර දුම්රිය මාර්ගයක් ඉදි කිරීම සඳහා ද දැනටමත් ඉන්දීය රජය විසින් මූල්‍ය පහසුකම් වෙන්කර තිබෙනවා. පසුගිය දිනවල ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස සාගල රත්නායක නවදිල්ලියට ගොස් තිබුණේ ද මේ භෞතික ඒකාබද්ධකරණය කඩිනම් කිරීම සඳහායි.

මැණිකේ මගේ හිතේ...

ඒ විතරක් නෙවෙයි, අපේ ජනතාවගේ ජීවදත්ත ඇතුළත් හැඳුනුම්පත සැකසීමට ලබා දී ඇත්තේ ද ඉන්දීය සමාගමකටයි. අපි දන්නවා, කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති ආයතනයක් ඉන්දියානු සමාගමක මෘදුකාංගයක් පාවිච්චි කරලා ශ්‍රී ලංකාවේ වගා බිම් පිළිබඳ සියලු දත්ත ඊට එකතු කළා. දැන් ඒ දත්ත සියල්ලත් ඉන්දියාව සතුයි. අපි ඔබට කලින් පෙන්වා දුන්නේ Connectivity හෙවත් ඉන්දු - ලංකා නව සබඳතාවට අදාළ ඒකාබද්ධ උපායමාර්ගික උපාංග හය පමණයි. ඒ සියල්ල සාර්ථකව ක්‍රියාත්මක වීමට නම් Human Connectivity හෙවත් පුද්ගල සම්බන්ධතාව වර්ධනය කළ යුතුයි. ඔන්න ඔතැනින් තමයි අපේ මාතෘකාවේ උඩ කොටස, 'මැණිකේ මගේ හිතේ...' කියන කොටස ගැටගැහෙන්නේ. අපේ දක්ෂ ගායිකාවක් ඉහතදී වෙනත් අයෙකු ගායනා කළ ගීතයක් ගායනා කළ පසු එම ගීතය ඉන්දියාවේ 'වෛරල්' වුණා. ඉන්පසුව එතුමියට ඉන්දියාවෙන් සංස්කෘතික තානාපති ලෙස තනතුරක් ද ලැබුණා අපේ ගායිකාවකගේ ගීතයක් ලෝකයේ එහෙම ව්‍යාප්ත වීම අපට ආඩම්බරයක්; සතුටක්. ඒක එහෙම වුණා. දකුණේ දක්ෂ තරුණ ගායකයකු  ගායනා කළ  ගීතයක් ද ඉන්දියාවේ දී උර්දු සහ කර්ණාටක භාෂාවලින් ගායනා කිරීමට ඔහුට අවස්ථාව ලැබී තිබුණා. ඒකත් අපේ සතුටට හේතුවක්. ඒ වගේම යාපනයේ කුඩා දියණියක් ඉන්දියාවේ 'රියැලිටි ෂෝ' එකක ඉහළම ස්ථානය කරා පැමිණ තිබුණා. නුවරඑළියේ වතුකරයේ කුඩා දියණියකට ද එබඳුම 'රියැලිටි ෂෝ' අවස්ථාවක් හිමිව තිබුණා. ඒ සියල්ලත් අපේ සතුටට කාරණා තමයි. නමුත් මේ සියල්ල එක පෙළට, එක පොදියට සිදුවන විට මොකුත් හිතෙන්නේ නැද්ද? මම මේ කිසිවෙකුගේ හැකියාවන් හෑල්ලුවට ලක් කරන්නේ නැහැ.

විභීෂණ : බැසිල් වගේ බඩුවක්

මේ සමගම එනවා, 'රාම - රාවණා පුරාවෘත්තය'  පදනම් කරගත් සංචාරක ව්‍යාපාරය. මේකට අපේ සංචාරක ව්‍යාපාරයේ නියැලෙන අයත් ආසයි. අපි දන්නවා, 'රාමායනය' පොතේ විතරයි ඔය 'රාම - රාවණා කතාව' තිබෙන්නේ. ඒ පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්ෂි නැහැ. පොතේ හැටියට රාවණා රජ්ජුරුවෝ පාවලා දෙන්නේ විභීෂණ. ටක්කෙටම බැසිල් රාජපක්ෂ වගේ බඩුවක්. පසුව රාමට වුවමනා විදිහට ලංකාව පාලනය කරන්නේ විභීෂණයි. ඒ පුරාවෘත්තය බලගන්වන සංස්කෘතික මෙහෙයුම දැන් අලුත් වටයකින් අරඹලා තිබෙනවා. මෝඩි අගමැතිතුමා එක වෙලාවක කියනවා, 'මම මේ ගමන ආරම්භ කරන්නේ 12 වන ශතවර්ෂයේ සිටයි' කියලා. මෝගල් අධිරාජයා නාලන්දා මහා විශ්වවිද්‍යාලය විනාශ කරලා දසදහස් ගණනින් සිල්වත් භික්‍ෂූන්වහන්සේලා අපවත් කරලා ඉන්දියාවෙන් බුදුදහම අතුගාලා දමපු ශතවර්ෂය තමයි 12 වන ශතවර්ෂය. අද ඉන්දීය පාර්ලිමේන්තුවේ තිබෙන මහා භාරතයේ සිතියමෙහි ශ්‍රී ලංකාවත් තිබෙනවා.

ඒ අතරෙම එට්කා එනවා

මේ සියල්ල සිදුකෙරෙන අතරේ එට්කා නමැති ගිවිසුමත් කඩිමුඩියේ අත්සන් කිරීමට ද කටයුතු සූදානම් කෙරෙනවා. මේ ගිවිසුම මීට කලින් සීපා නමින් එනකොට මේ රටේ ප්‍රගතිශීලී, දෑහිතකාමී පිරිස් ඊට එරෙහිව නැගී සිටියා; ඒක අත්සන්  තැබීම වළක්වනු ලැබුවා. දැන් සීපා ගිවිසුම එට්කා නමින් ඉන්දියාවේ මීළඟ මැතිවරණයට කලින් අත්සන් තැබීමටයි සූදානම් වන්නේ. ඕනෑම ඉන්දියානුවෙකුට රැකියාවකට, වෙළඳාමට ශ්‍රී ලාංකිකයෙකුට තිබෙන ඉඩකඩම මේ ගිවිසුම මගින් ලබා දෙනවා.

සිකීමයේ ඉරණම අපටත්?

සිකීමය නමැති ස්වෛරී රාජ්‍යයෙහි 1973 දී පැවති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ ඉන්දියාවට හිතවත් අගමැති අපේක්ෂකයා නොවෙයි. පසුව රෝ ඔත්තු සේවාව  මැතිවරණය දූෂිත බවට මතයක් යවලා සිකීමයේ රජු බියගන්වලා යළි මැතිවරණයක් පවත්වන තැනට කටයුතු සැලැස්වූවා. එහිදී ඉන්දියාවට හිතවත් අපේක්ෂකයා වූ ලෙන්ඩප් ඩෝර්ජි  ජයග්‍රහණය කරලා සිකීමයේ අගමැතිවරයා බවට පත්වෙනවා. ඉන්පසුව ඉන්දියාව සහ සිකීමය අතර  ගිවිසුම් ගණනාවක් අත්සන් තැබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස 1975 වන විට සිකීමය ඉන්දියාවේ 22 වැනි ප්‍රාන්තය බවට පත්වෙනවා. 'ඉන්දියාව සමඟ ඒකාබද්ධ වීම අපට අවාසිදායකයි. අපි චීනය සමඟ ඒකාබද්ධ විය යුතුයි' කියා පසුව සිකීමයේ පක්ෂ විපක්ෂ සියලුම මහජන නියෝජිතයන් එහි පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආවා. සිකීමයේ තෙල් සහ විදුලිය ඉන්දියාව සමග Connectivity වෙලයි තිබුණේ. ඒ නිසා ඉහත යෝජනාව එන බව දැනගත් වහාම ඉන්දියාව අදාළ තෙල් නලය වැහුවා. විදුලිය විසන්ධි කලා. සිකීමය කළුවර වුණා. තෙලුත් නැති වුණා. පාර්ලිමේන්තුවට දමපු යෝජනාවත් අතුරුපහන් වුණා. තවමත් සිකීමය ඉන්දියාවේ අර්ධ යටත්විජිත කොලනියක්ව පවතිනවා.

මෝඩිගේ පපුව උණුවීම

දැන් මේ ආර්ථික අර්බුදය පාවිච්චි කරලා සිකීමය හා සමාන ඉරණමකට ශ්‍රී ලංකාව ඇදදමන්නයි ඉන්දියාව සූදානම් වෙන්නේ. ආර්ථික නියුමෝනියාවට පිළියම් යොදනවා වගේ පෙන්නලා, මේ රටේ දේශීය නිෂ්පාදන පද්ධතිය, දේශීය කෘෂිකර්මාන්ත නිෂ්පාදන පද්ධතිය බිඳවට්ටලා, ඉන්දියානු නිෂ්පාදනවලට ඉඩකඩ හදාගෙන, බෙදුම්වාදී ත්‍රස්තවාදයට යුද්ධයෙන් කර ගැනීමට නොහැකි වූ දේ කරගන්නයි ඉන්දියාව සූදානම් වන්නේ. දැන් බලන්න, කොහෙටවත් රට ළූණු යවන එක නවත්වලා හිටපු මෝඩි මහත්තයා ලංකාවට විතරක් රට ළූණු එව්වා, 'අනේ උඹලා ළූණු කාලා ඉඳපල්ලා' කියලා. මොනතරම් පපුව උණුවෙන්න ඇද්ද? දැන් ඉන්දියාව බලන්නේ මෙතැන තමුන්ගේ 29 වන ප්‍රාන්තය හදන්න.

QUAD හවුල 

ඉන්දු - පැසිෆික් සාගර කලාපය තුළ නේටෝව ලෙස හැඳින්වෙන QUAD හවුල ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව හා ජපානය සාමාජිකත්වය දරන මිලිටරිමය සංවිධානයක්. QUAD සංවිධානය තුළ ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව සමග ගිවිසුම් 4ක් අත්සන් කරලා තිබෙනවා. මෙම ගිවිසුම් මගින් ඉන්දු - පැසිෆික් මුහුදු ආරක්ෂණ කලාපය තුළ ඒකාබද්ධ පුහුණුවීම් සහ මෙහෙයුම් සිදුකිරීම, ඔත්තු සේවා ඒකාබද්ධ කිරීම, තොරතුරු හුවමාරු කර ගැනීම හා යුද සැපයුම් සපයාදීම වැනි ක්ෂේත්‍ර ගණනාවක් අනාවරණය වෙලා තිබෙනවා. අපි දන්නවා, ඇමෙරිකා එක්සත් ජනපදයත්  SOFA කියන ගිවිසුමට තව කෑල්ලක් එකතු කිරීමට උත්සාහ කළා. 'ඇමෙරිකානු ආරක්ෂක නිලධාරීන්ට අවි ආයුධ අතැතිව පරික්ෂා කිරීම්වලින් තොරව ශ්‍රී ලංකාව තුළ නිදහසේ ඔබමොබ යාමට ඉඩකඩ සැලසිය යුතුයි' කියන එකයි ඒ කෑල්ල.  ACSA ගිවිසුම අත්සන් කර ගැනීමට ද ඇමරිකා එක්සත් ජනපදය උත්සාහ කළා. නමුත් මෙතැන ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය හැදුනාම SOFA ගිවිසුමේ කෑල්ල එකතු කරගන්න හෝ ACSA ගිවිසුමට එළැඹීමට හෝ ඇමරිකා එක්සත් ජනපදය කටයුතු කරන්න ඕනේ ස්වෛරී ශ්‍රී ලංකාව සමඟ නොවෙයි, ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය  සමඟයි. 29 වන ප්‍රාන්තය හැදුනාම 'යුද්ධයෙන් හදාගන්න බැරි වුණු ස්වපාලනය අපට ඕනෑ. අපට උතුරු නැගෙනහිරට වෙනම ප්‍රාන්තයක් ඕනෙ' කියා බෙදුම්වාදීන් කියයි. ඒ අනුව ඉන්දියාවේ 30 වන ප්‍රාන්තයත් හැදෙයි. යුද්ධයෙන් කරගන්න බැරි වුණු දේ, සාම කසාය වට්ටෝරුවෙන් කරගන්න බැරිවුණු දේ කරන්න තමයි මේ ආර්ථික අර්බුදය පාවිච්චි කරලා මෙවැනි මෙහෙයුමක් දිගේලි කරන්නේ.

සූක්ෂ්ම වුවමනාව

මේක වෙන්නේ නිකම්ම නෙවෙයි. 1932 තමයි ඉන්දියාව සර්දාර් පනික්කාර් න්‍යාය හඳුනාගත්තේ. මම මීට කලිනුත් කිව්වා, 12 වන ශතවර්ෂයේදී මෝගල් අධිරාජයා නාලන්දා මහා විශ්වවිද්‍යාලය ගිනිබත් කරලා මහා තෙරුන්වහන්සේලා දසදහස් ගණනක් අපවත් කරවපු තැනින් තමයි යළි පටන් ගන්නේ කියා අගමැති මෝඩි පැවසූ බව. ඉන්දියාවට Connectivity සහ එට්කා ගිවිසුම ඇතුළු සියල්ල සාර්ථකව ක්‍රියාත්මක කරගන්න නම් තව කළ යුතු දේවල් ටිකක් තිබෙනවා. මෙයාලාට මේ සියලු දේවල් කරගන්න ගිහිල්ලා අවසානයේදී බැරි වෙන්නේ අපේ මේ සමාජය ශක්තිමත් නිසයි. ඒ නිසා ඔවුන් මේ සමාජය බිඳවැට්ටවිය යුතුයි. ඒකට පිළිගත් සම්මතයන් පිළිබඳ විශ්වාසය බිඳවට්ටන්න ඕනේ; ගමයි - පන්සලයි අතර තිබෙන බැඳීම කඩන්න ඕනේ. මහා විහාර සම්ප්‍රදාය තමයි මේ රටේ අධිපති මතය. මහාවංශය තමයි අපේ ඉතිහාස කතාවේ පිළිගත් මහා කෘතිය. දැන් මහාවංශය පිළිබඳ සැකය වපුරනවා. CIA ඔත්තු සේවය ලෝකයේ සිදු කරන එක ක්‍රියාන්විතයක් තමයි පිළිගත් විශ්වාසයන් තිබෙනවානම් ඒවාට 'සබ් වර්ෂන්' හදන එක. ඒ වගේ බුදුදහමේ තව වර්ෂන් හදන එකත් සිදුවෙනවා.  මෙහේ දැන් කියනවා, 'බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවේ උප්පත්තිය ලැබුවා' කියා. ඉන්දියාවේ හින්දු අන්තවාදීන් කියනවා, 'බුද්ධගයාව කියන්නේ හින්දු කෝවිලක්. ඒක අපට ඕනෑ' කියා. දැන් එතකොට එතැන තිබෙන සූක්ෂ්ම වුවමනාව පෙනෙනවා නේද?

මෝඩි 'නිදොස් කොට නිදහස්'

බුදුහාමුදුරුවෝ ශ්‍රී ලංකාවේ උපත ලැබුවා කියන්නේ සිරිසේන  හපුතන්ත්‍රී කියන මහත්තයෙක්. එයා දැන් භික්ෂු ප්‍රතිරූපධාරියකු ලෙස පෙනී සිටිනවා. මීවනපලානේ සිරිධම්මාලංකාර නමින් තමයි ඔහු පෙනී සිටින්නේ. ඔහු විශ්‍රාම යන තෙක් සේවය කළේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. 60 දශකයේ සිට ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට තිරිඟු පිටි දීපු පීඑල් 480 ගිවිසුමට අදාළ රහසිගත ගිණුම කළමනාකරණය කිරීමත් ඔහුගේ ඒ සේවයට ඇතුළත්. 'බුදුදහම විකෘති කිරීම පිළිබඳව මේ භික්‍ෂු ප්‍රතිරූපධාරියාට එරෙහිව පියවර ගන්න' කියා ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ජනාධිපතිවරයාට දැනුම් දී දැන් බොහෝ කල්. මොහු තමයි සිදුහත් උපතින් පසු මහාමායා දේවිය ලිංගික විපර්යාසයකට ලක් වූ බවට මත පළ කරන්නේ. මේවා මොන බණ පොතේ ද තිබෙන්නේ? මේ කරන්නේ පිළිගත් විශ්වාසයන්, මතයන් බිඳවට්ටන එක නොවෙයිද? මේ වගේම තවත් ඉන්නවා නෝර්වේ මුල් කරගත් අරිය මග්ග නම් වූ භික්ෂු ප්‍රතිරූපධාරියෙක්. මම දන්නා ආකාරයට ඔහු මියන්මාරයේ සතියකට මහණ වී සිටි අයෙක්. මම මෑතකදී ඔහුගේ අරිය මග්ග නමැති සටහනක් බැලුවා. ඔහු කියනවා, 'අයෝධ්‍යාව තිබෙන්නේ ලංකාවේ' කියා. දැන් බලන්න, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩිට තිබුණු බරපතළ චෝදනාවක් තමයි, ඔහු මහ ඇමැති කාලයේ අයෝධ්‍යාවේ මුස්ලිම් දේවස්ථානයකට ගිනි තැබුවා කියන එක. ඒ නිසාම ඇමරිකාව ඔහුව 'බ්ලැක් ලිස්ට්' කරලා තිබුණා. අරිය මග්ග කියන විදිහට අයෝධ්‍යාව තිබෙන්නේ ලංකාවේ නිසා මෝඩි ගිනි තියලා තිබෙන්නේ මුස්ලිම් දේවස්ථානයකට නොවෙයි වෙන මොකක්දෝ එකකට. ඒ අනුව මෝඩි නිදොස් කොට නිදහස්. මේ සියල්ල හාබැඳුණු සූක්ෂ්ම න්‍යාය පත්‍රය කුමක්ද, කියා හොඳින් වටහාගන්න.

බැඳීම සුණුවිසුණු කිරීම 

 බුදුදහම පිළිබඳව අප තුළ පවතින විශ්වාසයන් පළුදුවන විට, ගෞරවය හීන වන විට අනෙක් පැත්තෙන් 'රාම-රාවණා පුරාවෘත්තයට' අදාළ නාටකීය ජවනිකා ටික බිලියන 50ක් වැය කරලා බලගන්වනවා. මේ සියල්ලෙන් වෙන්නේ අපේ සමාජයේ මෙතෙක් කලක් පැවති ඒකාත්මිකභාවය, මොන අනතුර ආවත් සමාජයක් ලෙස පැවති ගහට පොත්ත වගේ  තිබුණු බැඳීම සුණුවිසුණු කිරීම නොවේද? ඒ අතරේ දිට්ඨධම්මවේදනීය කර්ම පටිසන් දීම ද දකින්න ලැබෙනවා.  'ලක් අම්මා' හිරේ ගියා. 'ලක් පියා' උසාවියට ඉදිරිපත් කළා. හැබැයි අපි හොඳින් තේරුම් ගන්න ඕනේ, මේ සමාජ සම්මතයන්ට, විශ්වාසයන්ට නිර්දය ලෙස පහර දීලා විශේෂයෙන් තරුණ පරම්පරාව නොමඟ යවන ආකාරය. ඉන්දියාව තුළ එහෙම තත්ත්වයක් නැහැ. ඒ නිසයි ඔවුන් ලෝකයේ පස්වැනි ආර්ථික බලවතා වන තෙක් ඉහළටම එන්නේ. මෙතැන එහෙම නැහැ. අනාගමික පණ්ඩිතයන් බහුලයි. අනාගමික නම් ආගමක් නොඅදහා සද්ද නැතුව ඉඳපල්ලාකො. උන් බුදුදහමට විතරක් බුරනවා. අපි දැක්කා අරගල භූමියේ එදා කළු පාට වෙසක් කූඩු පමණක් දැල්වෙනවා. කොතැනත් සිදු වෙන්නේ අපේ ශිෂ්ඨාචාරයේ පදනමට, අර සමාජය තුළ තිබුණු 'ගහට පොත්ත' වගේ  බැඳීමට ප්‍රහාර එල්ල කිරීමයි.

දකුණු ආසියාවේ ගාසා තීරය

මේ සියල්ල එකම කතාවක විවිධ ජවනිකා විතරයි. අපි මේ කතාව හාබැඳුණු මහා පින්තූරය දැක්කොත් විතරයි මේ එක් එක් ජවනිකාවලින් සිදුවන්නේ කුමක්ද, කියා වටහාගත හැක්කේ. දැන් බලන්න, ඉන්දු - පැසිෆික් සාගර කලාපය අනාරක්ෂිත කරන්න අධිරාජ්‍යවාදීන්ට වුවමනා වුණොත් ඒකට ත්‍රස්ත කල්ලි ඕනේ. ඒ ත්‍රස්ත කල්ලි හදන්න ඉන්දියාවේ 30 වැනි ප්‍රාන්තය ඕනේ. 30 වැනි ප්‍රාන්තය ත්‍රස්ත කල්ලිවලින් පිරුණොත් 29 වන ප්‍රාන්තය දකුණු ආසියාවේ ගාසා තීරය බවට පත්වෙනවා. ඒ නිසා අපි ඉන්නේ සුළුපටු අනතුරුදායක ඉරණම් කතාවක් ඉදිරිපිට නොවෙයි. අනුර දිසානායක මහත්තයා දැන් කැනඩාවේ ගිහින් කියනවා, 'නැවත යුද්ධයක් එන්නේ නැහැ' කියා. ඔව්! දැන් යුද්ධ කරන්න ඕනේ නැහැ. දැන් වෙන විදිහකින් තමයි වැඩේ වෙන්නේ. ජවිපෙ අද මේ අනතුර ගැන කතා කරන්නේවත් නැහැ.  එනිසා දැන් ජනාධිපතිවරණයේදී 'කණාමුට්ටි තරඟය' වගේ ඇස් දෙක පියාගෙන ගිහිල්ලා මුට්ටි තුනෙන් මොන මුට්ටියට ගැහුවත් වැටෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ වසුරු තමයි; ඉන්දු පැසිෆික් වසුරු තමයි. ඒ නිසා ජනාධිපතිවරණය වුවත් මේ අන්තරායකර ඉරණමෙන් මේ රට බේරාගන්න යොදාගත යුතුයි.

නියපොත්තෙන් කඩන්න තිබුණු දෙය

ජාතිකවාදය කියන්නේ ජාතිවාදය නොවෙයි. දෙමළ, සිංහල, මුස්ලිම් සමගිය කියන්නේ ජාතිවාදය නොවෙයි. ඔබට මතක ඇති වහාබ් අන්තවාදීන් මුලින්ම ගැහුවේ නැගෙනහිර පළාතේ ජීවත් වූ සම්ප්‍රදායික සූෆි මුස්ලිම්වරුන්ට. වහාබ් අන්තවාදින් මුලින්ම මරා දැමුවේ සූෆි මුස්ලිම්වරුන්, ගිනි තැබුවේ ඔවුන්ගේ ගෙවල්. නියපොත්තෙන් කඩන්න තිබුණු දෙය නොසලකා හැරීම නිසයි පාස්කු ප්‍රහාරය ඇති වුණේ.

ලෝකයේ සාමකාමීම දහම

ලෝකයේ පවතින සාමකාමීම දහම බුදුදහම බව ලෝකයේ සිටින සියලු විද්වතුන් අද පිළිගෙන අවසන්. අපේ ආත්තම්මලා 'මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!' කියලා ප්‍රාර්ථනා කරලයි රාත්‍රියේ නින්දට ගියේ. බුදුදහම ඇතුළේ තමයි ආගමික සහජීවනය නිර්මාණය වූයේ, අනෙකුත් සෑම ආගමකටම වැඩෙන්න පදනම හැදුනේ. ඉහත කී අන්තරායකර තත්ත්වය තීව්‍ර වන කොට මේ රටේ ජාතික ආදායමෙන් සියයට හැටහතරක් භුක්ති විඳින සියයට දහයක පිරිස නම් රට හැර යයි. නමුත් මැද ඉන්න සියයට හතළිහට සහ පත්ලේ සිටින සියයට පනහට වෙන්නේ මුහුදට පනින්න මිසක් වෙන කිසිවක් නොවෙයි.

කමෙන්ට්ස් දාන ප්‍රොෆයිල්

අද හැමතැනම කොඳු බිඳලා. ෆේස්බුක් එකේ යමක් දාපුවාම අපේ අයට පේජ්කාරයෝ වටකරගෙන ගහනවා. සමාජ මාධ්‍ය තුළ සිටින සංවිධානාත්මක බලවේග සත පහකට මායිම් කරන්න එපා! මෑතකදී විදෙස් සමාගමක් පර්යේෂණයක් කළා, කමෙන්ට්ස් දාන ප්‍රොෆයිල් පිළිබඳව. එහිදී සොයාගනු ලැබුවේ ඒ කමෙන්ට්ස් දමන ප්‍රොෆයිල්වලින් සියයට හැත්තෑහතරක් ව්‍යාජ ඒවා බවයි. ඇතැම් භික්ෂූන්වහන්සේලාත් අද හිතනවා, 'අපේ අදහස්වලට තිබෙන ජනතා කැමැත්ත අඩුයි. ඒ නිසා කට වහගන ඉන්න ඕනෙ' කියලා. කට වහගෙන ඉඳලා නොවෙයි ජාතිය අනතුරට පත්වන වෙලාවේ මේ රට ඉන් රැකුණේ.

ඒ නිසා ලක්මාතාව, ජාතියේ සුජාත දූපුතුන්ගෙන් ඉල්ලනවා, 'ඒ ෆේක් එකවුන්ට්කරුවන්ගේ ව්‍යාජ ප්‍රහාරයන්ට එරෙහිව අන් කවරදාටත් වඩා උද්යෝගයෙන් සංවිධානාත්මකව ප්‍රතිප්‍රහාර දෙන්න' කියලා. මේ ලක් පොළොව වසර 450ක් තිස්සේ යුරෝපීන්ට සම්පූර්ණයෙන් යටත් කරගන්න බැරි වුණා. ඉන්දියානු ආක්‍රමණිකයාට දාහත් වතාවක් උත්සාහ කළත් මේ ලක් පොළොව අපෙන් උදුරාගන්න බැරි වුණා. 'සාම දූතයන්ට අපෙන් උදුරාගන්න බැරි වුණු මේ ලක් පොළොව, මේ ආර්ථික අර්බුදය අවස්ථාවේ ගිලගන්න හදන මේ ලක් පොළොව ආරක්ෂා කරගන්න පෙරමුණ ගන්න' යන ආයාචනය අපි මේ රටේ සුජාත දූපුතුන්ගෙන් කරනවා. ඒ වෙනුවෙන් පෙරමුණ ගනිමු! සංවිධානය  වෙමු! එකමුතු වෙමු! චූන් පාන් දේශපාලනය අලුයම ලූ  කෙළ පිඩක් සේ ඉවතට දාලා, මේ අවදානමෙන් රටත් ජාතියත් ගලවා ගන්න ඔබ සැමට ධෛර්යය සහ ශක්තිය පතනවා!"

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ





සම්බන්ධිත පුවත් | Related News

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.
වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.
සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.
චීන ජනාධිපති ෂී ජින්පිං එළැඹෙන සතියේ උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වන බව දෙරටම අද (5) නිල වශයෙන් නිවේදනය කර ඇත.
දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

ප්‍රධාන පුවත්

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අනු‍ර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ඉදිරියේ දණ නමා, කිසිදු හෘද සාක්ෂියක් නොමැතිව රටේ පොදු ජනතාව මත බර පිට බර පටවමින්, පහළ පන්තියේ මිනිසාගේ ලේ උරා බොන ඉතාම නරුම සහ දුෂ්ට පාලනයක් වත්මන් රජය විසින් ගෙන යමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට හා රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.