News Category
From Date
To Date
Maximum Number of Result

දේශපාලන ඕනෑ එපාකම් වෙනුවෙන් රටේ බුද්ධි අංශ පාවාදීම සිදු නොකළ යුතුයි - උදය ගම්මන්පිල

Apr 26, 2024 at 07:17 AM
|

දේශපාලන ඕනෑ එපාකම් වෙනුවෙන් මෙරට බුද්ධි අංශ පාවාදීම සිදු නොකල යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ පැවති පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විවාදයට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙසේ අදහස් දැක්වීය.

රණවිරුවන් බුද්ධි අංශ පාවා දී ආණ්ඩු පෙරලා වැඩක් නෑ

අපි මේ ජනපීඩක ආණ්ඩුව පෙරළිය යුතුයි. ඒ ගැන කිසිම සැකයක් නෑ. පොහොට්ටුවට තුනෙන් දෙකේ බලයක් ලැබිලා එම බලය නිසා විපක්ෂයේ දෑස් නිලංකාර වී නිහඩව සිටින මොහොතක තමයි අපි ආණ්ඩුවේ වැරදි තීන්දු වලට අභියෝග කළේ. කුළුඳුල් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තමයි විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට එරෙහිව කරුණු දැක්වුයේ. අපි ආණ්ඩුව පෙරලීමට එකඟයි. නමුත් ආණ්ඩුව පෙරලන්න හදන්නේ අහිංසක පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ ලේ සහ කඳුළු මතින් නම්, මේ ආණ්ඩුව පෙරලන්න යන්නේ රණවිරුවන් බුද්ධි අංශ පාවලා දීලා නම්, මේ ආණ්ඩුව පෙරලන්න යන්නේ ආගමික කණ්ඩායම් අතර ගැටුම් ඇතිකරලා ජනතාව අතර අවිශ්වාසය වපුරලා නම් අපි ඒකට එකඟ නෑ.

පාස්කු ප්‍රහාරය අතිශය සංවේදී ප්‍රශ්නයක්. බෞද්ධයන් ආරක්ෂාව බාරව සිටියදී ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ‍ කතෝලිකයන්ට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ආගම් තුනක් ගෑවුණු ප්‍රශ්නයක් කියන්නේ සංවේදී ප්‍රශ්නයක්. අපි ඉතාම ප්‍රවේශමෙන් කළමනාකරණය කළ යුතු ප්‍රශ්නයක්. අන්න ඒ ප්‍රවේශම අපේ දේශපාලනඥයන්ට තියෙනවාද කියන එක මේ විවාදය පුරා අපිට දක්නට ලැබුණා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ FBI ආයතනයේ, ඕස්ට්‍රේලියාවේ පෙඩරල් පොලිසියේ සහාය අරගෙන අපේ පොලිසිය පරීක්ෂණ පවත්වලා අනූ තුන්දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකරලා මේ වන විට නඩු පවතිනවා. පාස්කු ප්‍රහාරය සිදුවෙලා වසර දෙකයි මාස හතරක් ඇතුළත අපි චෝදනා ගොනු කරනවා.

ඇමරිකාවේ 9/ 11 ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව චෝදනා ගොනු කරන්නේ ප්‍රහාරය සිදුවෙලා වසර හයයි මාස පහක් ගත වුණාට පස්සේ. ඒ වගේම 2015ව වර්ෂයේ නොවැම්බර් මස 13 වැනිදා ප්‍රංශයෙ පැරිස් නුවර සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට විමර්ශන සිදු කරලා චෝදනා ගොනු කරන්නේ වසර පහයි මාස දහයක් ගියාට පස්සේ. අපට වඩා සම්පත් තියෙන, අපට වඩා තාක්ෂණය තියෙන, අපට වඩා බලයක් තිබෙන මේ රටවල් එක්ක සාපේක්ෂව බලද්දී අපේ පොලිසිය අපේ නිලධාරීන් අතිශය කාර්යක්ෂමව කටයුතු කරලා තියෙනවා.

එහෙමනම් යුක්තිය ඉටු කිරීම ප්‍රමාදයයි කියන්නේ ඇයි . අපේ කාඩිනල්තුමන් වසර කිහිපයක සිට මහා මොළකරු වා ගැන කතා කරනව. කතෝලික ඡන්ද කුට්ටිය ගැන බලාගෙන අපේ දේශපාලකයෝ සෙවිලක් බැලිල්ලක් නැතුව මහමොළකරුවෙකු ගැනම කතා කරනවා. කැලේ ගහක තල් ගෙඩියක් අත්තක් උඩට වැටෙන කොට නිදා හිටිය හාවෙක් බය වෙලා ඇහැරිලා ලෝකෙ පෙරලෙනවා කියලා දුවන්න පටන් ගත්තාලු.

කැලේ ඉන්න අනික් සත්තුත් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මේ හාව පස්සෙන් ලෝකෙ පෙරළෙනවා කියලා දුවන්න පටන් ගත්තා. කැලේ හිටපු සිංහයා මේ සත්තුන්ව සිද්ධිය වෙච්ච තැනට එක්කන් ගිහිල්ලා, වැටිලා තියෙන්නේ තල් ගෙඩියක් බයවන්නට එපා කියලා ඒ සතුන්ගේ දිවිල්ල නතර කරලා තියෙන්නේ. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයමින් අපේ රටේ දේශපාලකයන් ඇතුලු බලවතුන් දුවන දිවිල්ල නතර කරන්න තාම සිංහයෙකු සොයාගන්න බැරි වෙච්ච එකයි අපට තියෙන ප්‍රශ්නය. එහෙම සිංහයෙකු නුදුරු අනාගතයේ බිහිවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

“සොනික් සොනික්” එළිදරව්වේ විපාක මොනවාද ?

ඒ වගේම මේ විවාදය පුරා කියවෙච්ච නමක් තමයි “සොනික් සොනික්”. බුද්ධි අංශ නිලධාරියෙකු ආරූඪ නමකින් ත්‍රස්තවාදින් සමග ගනුදෙනු කළා යැයි මෙම විවාදය පුරාම කියවුණා. බුද්ධි අංශ තොරතුරු ලබාගන්න වසර දහස් ගණනක් පැරණි ක්‍රමයක් තමයි සතුරු කඳවුරට මිතුරු ලෙසින් ඇතුළත් වී එහි තොරතුරු රහසේ ලබා ගැනීම. එවැනි බුද්ධි අංශ නිලධාරීන්ගේ ආරූඪ නම් සැබෑ නම් මෙහෙම පාර්ලිමේන්තු විවාද වල ප්‍රසිද්ධියේ කතා කරන්න ගත්තම බුද්ධි අංශ නිලධාරීන්ගේ ආරක්ෂාවට මොකද වෙන්නේ. ඔවුන් සිය ජීවිතත් අවධානමේ හෙළලා කරගෙන ගිය කටයුතුවලට මොකද වෙන්න‍ේ ? ජාතික ආරක්ෂාවට මොකද වෙන්නේ?

ඉන්දියාවේ එක්තරා ප්‍රාන්තයක තිබුණු බෙදුම්වාදීත් ත්‍රස්තවාදී සංවිධායනයකට ඉන්දීය බුද්ධි අංශ නිලධාරියෙකු සම්බන්ධ වුණා. ටික කලකින් ඔහු ඒ බෙදුම්වාදී ත්‍රස්තවාදී සංවිධානයේ නායකයා බවට පත්වෙනවා. අන්තිමට ත්‍රස්ත සංවිධානය ඉන්දියානු රජය එක්ක සාකච්ඡා කරලා අවි බිම තබනවා. ඒක එහෙම සිදුවෙන්නේ අර බුද්ධි අංශ නිලධාරියා ත්‍රස්තවාදියෙකු ලෙසින් පෙනී සිටිමින් කටයුතු කළ නිසා.

ඇයි ඉන්දියාව. අපෙත් උදාහරණ තියෙනවා. කොටි දේශපාලන අංශ නායක තමිල් සෙල්වම් අපේ ගුවන් හමුදාව බෝම්බ දමලා ඔහුගේ කාර්යාලය තුළදීම ඝාතනය කළා. ඒ ප්‍රහාරය සිදු කරන්න තමිල් සෙල්ලම්ගේ කාර්යාලය තියෙන තැන දැන ගත්තාට මදි. බෝම්බය හෙළන මොහොත වන විට ඔහු එම කාර්යාලයේ සිටින බවත් දැනගෙනම ඉන්න ඕනෑ. ඒක කරන්න පුළුවන් වුණේ අපේ බුද්ධි නිලධාරීන් කොටි ත්‍රස්තවාදීන් ලෙස එම ත්‍රස්ත සංවිධානය ඇතුළේ ක්‍රියාත්මක වුණු නිසා. ඒ නිසා මෙම බුද්ධි නිලධාරීන්ගේ නම් ගම් ආරූඪ නම් ඔවුන් කරපු කියපු දේවල් පිළිබඳව විවාදයේදී දැන් පටන් වත් කතා කිරීමෙන් වළකින්න කියලා මාගේ ආදරණීය සහෝදර මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

බුද්ධි අංශ නිලධාරියෙකු අපරාධයකට සම්බන්ධ යයි සැකයි නම් ඒ පිළිබඳව පොලිසිය කරන විමර්ශන පිළිබඳව විපක්ෂයක් විදියට සෑහීමකට පත්විය නොහැකි නම් අපට පුළුවන් තේරීම් කාරක සභාවක් පත්කරන්න. වෙනත් රටවල තියෙනවා බුද්ධි කටයුතු පිළිබඳ ස්ථාවර පාර්ලිමේන්තු කාරක සභාවක්. මේවාට සහභාගී වන සියලුම දෙනා රහස්‍ය දිවුරුමක් දීලා තමයි කමිටුවේ වාඩිවෙන්නෙ. මොකද බුද්ධි තොරතුරු පිටවීම ජාතික ආරක්‍ෂාවේ කොඳු නාරටිය බිඳ දැමීමක් කියන එක ගැන ඒ රටවල දේශපාලඥයන්ට අවබෝධයක් තිබුණා. අපේ රටේ දේශපාලනඥයන් කටයුතු කරන මේ වගකීම් විරහිත ආකාරය දැක්කහම මේ රට මේ ගානට තියෙන එක ගැන පුදුම වෙන්න ඕනෑ.

බුද්ධි අංශ දුර්වල කරනවා කියන්නේ ජාතික ආරක්ෂාව දුර්වල කරනවා කියන එකයි. 2001- 2004 ආණ්ඩුව බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට අරගෙන ඔවුන්ගේ සැබෑ නම් ම් පවා හෙළි කරා. ඒ නිසා කොටි සංවිධානයට පුළුවන් වුණා මේජර් මුතාලිෆ් වැනි දක්ෂ නිලධාරීන් පවා මරා දමන්න. මේජර් නිලාම් වැනි දක්ෂ නිලධාරීන් කලකිරිලා තමන්ගේ රට ගැන කලකිරිලා රට අත්හැරලා ගියා. අද කොටි ත්‍රස්තවාදය අවසන් වෙලා වසර 15ක් ගත වෙලා. මේජර් නිලාම් තවමත් මෙරටට ආවේ නෑ. මොකද ඔහුගේ හිතේ අපි ඇති කරපු තුවාලය තවමත් සුවපත් වෙලා නැහැ. ඒ වගේම 2015-2019 ආණ්ඩුව ආවා. ආයෙත් බුද්ධි අංශ දඩයම පටන් ගත්තා. නම් ගම් හෙළි කලා. අත්අඩංගුවට ගත්තා. තවත් බුද්ධි අංශ නිලධාරී රොත්තක් රට අතහැරලා ගියා. ප්‍රතිඵලය තමයි සහරාන්ගේ පාස්කු ප්‍රහාරය. ඒ නිසා බුද්ධි අංශ පිළිබඳව හෙළිදරව් කිරීම්, කරන කතා, කියන කතා වඩා ප්‍රෙව්සමෙන් කළ යුතුයි කියලා මම සිහිපත් කරනවා.

මහමොළකරු ගැන කියන හැමෝටම මම අනතුරු ඇඟවීමක්

මහමොළකරු ගැන කියන හැමෝටම මම අනතුරු ඇඟවීමක් කරනවා. තමන් මහෙමොළකරුවෙක් ගැන දන්නව නම් අර අත්අඩංගුවට අරගෙන ඉන්න චෝදනාවට ලක් කරලා තියෙන අනූතුන්දෙනාට අමතරව කවුරුහරි මේකට සම්බන්ධයි කියලා තොරතුරක් දන්නවා නම් කළ යුත්තේ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නෙමෙයි වහා ඒ තොරතුර පොලිසියට ලබාදීමයි. ත්‍රසතවාදය වැළැක්වීමේ පනතේ 5 වගන්ති අනුව ත්‍රස්තවාදී ක්‍රියාවක් පිළිබඳ තොරතුරු දැනගෙන පොලිසයට ලබා නොදීම බරපතළ වැඩ සහිතව වසර 7ක් සිර දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ නිසා දන්න කෙනෙක් ඉන්නවනම් දන්න දෙයක් තියෙනවානම් ඒ තොරතුරු කරුණාකරලා පොලිසියට ලබා දෙන්න. පොලිසිය නිසි පියවර ගන්නේ නැත්නම් අන්න අපි එකට එකතු වෙලා එදාට පොලිසියට එරෙහිව කටයුතු කරන්න පුළුවන්.

අවසාන වශයෙන් මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ ප්‍රකාශය පිළිබඳව වචනයක් කතා නොකළොත් ඒක ලොකු අඩුවක් වෙනවා. එතුමා මහමොළකරුවන් ගැන මේ ප්‍රහාරය පිටිපස්සේ ඉන්න අය ගැන දන්නවා කියලා ප්‍රකාශයක් සිදු කළා. පොලිසියට කරන්න ඕන ප්‍රකාශයක් මාධ්‍යවලට කළා. අපි කිව්වා වහාම ඔහුව අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න කියලා. එතුමා ප්‍රකාශයක් ලබා දීලා තියෙනවා අපිට නොනිල වශයෙන් ලැබිලා තියෙන තොරතුරු අනුව සිරිසේන මහත්තයාගේ ප්‍රකාශයේ තියෙන්නේ බොරු. ඒ කියන කරුණු එකක්වත් තහවුරු කරන්න බැහැ. අසත්‍යයි කියල තහවුරු වෙලා තියෙනවා මේ වෙනකොට. හිටපු ජනාධිපතිවරයෙක් රටේ ජාතික ආරක්ෂාව විහිළුවට අරගෙන, මේ රටේ ජනතාව විහිළුවට අරගෙන රටේ පොලිසියත් විහිළුවට අරගෙන. හොද වෙලාවට මහේස්ත්‍රාත්තුමා මොලේ කල්පනා කරලා ජාතික ආරක්ෂාවට බලපාන කාරණයක් කියලා ලිපිගොනව සේප්පුවක දාලා යතුරු දාන්න තීරණය කළා. එහෙම නැත්නම් රට මේ වනවිටත් ගිනි අරං. මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ කරමින් නැති ප්‍රශ්න ඇති කරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්න කියලා මම යෝජනා කරනවා.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.
ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්
ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

ප්‍රධාන පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.