ජනාධිපතිවරයාගේ සහ අධිකරණ ඇමැතිවරයාගේ ආශිර්වාදයෙන් කාන්තා කටයුතු ඇමැතිනී ගීතා ගෙනා, සමලිංගික චර්යා ප්‍රචලිත කිරීමේ පනත ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෑතක දී පැවසුවේ මේ වන විට පනත් 44ක් ගෙනවිත් ඇති බවත්, තවත් පනත් 62ක් ගෙන ඒ මට නියමිත බවත් යැයි ද, 2002 වසරේ ඔහු විසින් ගෙනා 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ කිරීමට නොහැකි වූ සියල්ල දැන් සිදුකරමින් සිටින බවද දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
ජත්‍යන්තර සංවිධාන වලින් සාදා දෙන පනත් එකින් එක ඔහු විසින් ගෙනවිත් සම්මත කරගන්නා බවද, මේ පිටුපස විදේශිකයින් කිහිපදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් හා අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ද සිටින බවද ඒ මහතා හෙළිකරයි.
වර්තමානයේ ඔවුන්ගේ ආශිර්වාදය ඇතිව කාන්තා කටයුතු අමාත්‍යවරිය වන ගීතා කුමාරසිංහ ගෙනවිත් තිබෙන අලුත්ම පනත වන්නේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත බවත් වසන්ත බණ්ඩාර මහතා පවසයි.
මෙම පනත යටින් ඇත්තේ සමලිංගික චර්යා ප්‍රචලිත කිරීම බවත්, පනතේ මුලින්ම කාන්තාවන් පිළිබඳව සඳහන් කර, පසුව එහි වෙනත් ලිංගික අනන්‍යතාවයන් සහිත පුද්ගලයන් පිළිබඳව සඳහන් කිරීම තුළ පවතින්නේ ඇතැම් බටහිර රටවල මෙන් මෙරට තුළ ද සමලිංගික චර්යාවන් සහිත කණ්ඩායම්වලට ප්‍රසිද්ධියේ හැසිරීමට අවශ්‍ය නීතිමය තත්ත්වයන් නිර්මාණය කිරීම බවත් ඒ මහතා සඳහන් කරයි.
ආයුර්වේද පනත සංශෝධනය කර කංසා වැවීමට අවසරය ලබාදීමත්, දැරිවියන්ට ගණිකා වෘත්තිය ප්‍රචලිත කිරීම සඳහා පනතක් මෙන්ම කැමැත්තෙන් ලිංගික අපයෝජනයට පත්වීමේ වයස් සීමාව පහත දමා ලිංගික අපයෝජන ප්‍රවර්ධනය කිරීමේ පනතක් ද විජේදාස රාජපක්ෂ ගෙන ආ බවද, ඒ ඇතැම් පනත් ජනතා විරෝධය මත හකුළා ගැනීමට සිදුවූ බවද වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්