
උතුරේ ඉඩම් ඔප්පුවල අයිතිය මාරු කිරීම තහනම් කරයි... අවතැන්වූවන් යළි පදිංචි කිරීමේදී ගැටලු ගොඩයි
උතුරු පළාත තුළ යුද්ධයෙන් අවතැන්වූවන් යළි පදිංචි කරවීමේදී ඉඩම් සම්බන්ධයෙන් විවිධ ගැටලු පැනනැගී ඇති නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉඩම් ඔප්පුවල අයිතිය මාරු කිරීම උතුරු පළාත් ආණ්ඩුකාරිණී පී.එම්.එස්. චර්ල්ස් මහත්මිය විසින් තහනම් කොට තිබේ.
ආණ්ඩුකාරවරිය පවසන්නේ ඉඩම් සඳහා ස්ථිර බලපත්‍ර නිකුත් කෙරෙන ‘උරුමය’ වැඩසටහන උතුරු පළාත තුළ ඉතා ඉක්මනින්ම අවසන් වන විට මේ ඉඩම් සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු අවම වන බවයි. මැයි මාසය අවසන් වන විට උතුරු පළාතේ ඉඩම් හිමියන් 60,000කට උරුමය ඔප්පු ලබාදීමට පියවර ගෙන ඇති බවද ඇය සඳහන් කළාය.
යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 1500ක් හිතවතුන්ගේ සහ ඥාතීන්ගේ නිවෙස්වල රැඳී සිටින අතර ඔවුන්ද ඉතා ඉක්මනින් යළි පදිංචි කොට අවසන් කරන බව කී උතුරු පළාත් ආණ්ඩුකාරවරිය උතුරු පළාතේ සිදුකිරීමට නියමිත නිවාස ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා සහ සැලසුම් අවසන් අදියරට පැමිණ ඇති බවත් කීවාය. ඩෙල්ෆ් ප්‍රදේශයේ ජනතාව සඳහා නිවාස 76ක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් කර ඇති බවත් යාපනය දිස්ත්‍රික්කයේ නළ ළිං ඉදිකිරීම වහා නතර කරන ලෙස දන්වා ඇති බවත් ආණ්ඩුකාරවරිය පැවසුවාය.
නිසි භූගත ජල සමීක්ෂණයකින් තොරව ඇතැම් පෞද්ගලික ආයතන නළ ළිං සකස් කරන බවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී චෝදනා එල්ල විය. ආණ්ඩුකාරවරිය මේ සම්බන්ධයෙන් අදාළ රජයේ දෙපාර්තමේන්තු වෙත උපදෙස් ලබා දුන් අතර නීති කඩ කරන සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස පොලිසියට ද උපදෙස් දුන්නාය.
- දිනසේන රතුගමගේ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
