
සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල තවමත් නැහැ... ඔලුවෙන් හිටගෙන ඉල්ලුවත් දෙන්න විදිහක් නැතැයි නිලධාරීහු කියති... දරුවන් අර්බුදයක
පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව ඒ සඳහා නැවත ප්‍රතිඵල සමීක්ෂණ ඉල්ලුම්කළ දරුවන්ගේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වනතෙක් නිකුත් කර නොමැති බව වාර්තා වේ.
මීළඟ වසරේ සාමාන්‍යපෙළ විභාගය සඳහා කාලසටහන ද නිකුත්කර ඇති පසුබිමක නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබානොදීම හේතුවෙන් දරුවන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවද සඳහන්ය.
දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් මේ පිළිබඳව අදාළ නිලධාරීන්ගෙන් විමසීමේ දී එම නිලධාරීන් පවසා ඇත්තේ "ඔලුවෙන් හිටගෙන කිව්වත් නැවත ප්‍රතිඵල ලබාදිය නොහැකියි" බව යැයි දෙමාපියෝ චෝදනා නගති.
අප මේ පිළිබඳව අදාළ නිලධාරීන්ගෙන් කළ විමසීමක දී ඔවුන් පවසන්නේ මෙවර වෙනත් වසර වලට වඩා ප්‍රතිඵල පසු සමීක්ෂණයට වැඩි දෙනෙකු ඉල්ලුම් කර ඇති බවත්, ඒ සදහා ගුරුවරුන් සොයාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබීම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවත්ය.
කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වන පාර්ශ්ව පෙන්වා දෙන්නේ මෙය නිලධාරීන්ගේ බැරිකම වසාගැනීමට ඔවුන් ලබාදෙන පිළිතුරු බවය.
එමෙන්ම උසස්පෙළ සඳහා විෂයන් තෝරා ගැනීමේ දී මෙම ප්‍රතිඵල ප්‍රමාදය නිසා දරුවන් දැඩි දුෂ්කර තත්ත්වයකට පත්ව ඇති අතර, මෙම ප්‍රතිඵල මත විද්‍යා විෂය දාරාව තෝරාගැනීමට හැකි දරුවන් නිකුත්කර ඇති ප්‍රතිඵල මත කලා විෂය දාරාව තෝරාගැනීමට අකමැත්තෙන් හෝ යොමුවීමට සිදුව තිබීම අවාසනාවන්ත තත්ත්වයකි. එනිසා මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය අනිවාර්යෙන්ම යොමුවිය යුතු බව විවිධ පාර්ශව පෙන්වා දෙති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
