විජේදාසගේ පත්වීමත් විධායක සභා රැස්වීමත් නීති විරෝධීයි - තිලංග සුමතිපාල කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව, පක්ෂයේ සභාපතිවරයාගේ සහභාගිත්වයෙන් තොරව දේශපාලන මණ්ඩලයේ කිසිදු රැස්වීමක් පැවැත්වීමට හැකියාවක් නොමැති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා විසින් 2024 අප්‍රේල් 20 වැනි දින කැඳවා තිබූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීම සහ අප්‍රේල් 21 වැනි දින කැඳවා තිබූ විධායක සභා රැස්වීම අනීතික ලෙස පැවැත්වූ ඒවා බවත් එබැවින් එම රැස්වීම් වලදී ගනු ලැබූ කිසිදු තීරණයක් නීත්‍යානුකූල නොවන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.
පක්ෂයේ සභාපතිවරයාට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් මේ වනවිට වාරණ නියෝගයක් පනවා ඇති පසුබිමක් තුළ විධායක සභා රැස්වීමක් සහ දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීම තුළින් පක්ෂයේ වැඩ බලන ලේකම්වරයා ලෙස දුෂ්මන්ත මිත්‍රපාල මහතා පක්ෂ ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල අභිබවා යමින් අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බවත් තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා වෙත ලිපියක් යවමින් ඔහු මේ බව අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නිර්මාණය වී ඇති අර්බුදය විසඳා ගැනීමට නිත්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරමින් සියලු පාර්ශ්වයන් ඒකරාශී කර ගනිමින් පොදු සම්මුතියකට පැමිණිය යුතු බවත් තිලංග සුමතිපාල මහතා මෙම ලිපියෙන් පෙන්වා දී ඇත.
එම පොදු සම්මුතියේ සිට නිත්‍යානුකූල ක්‍රමවේදයක් යටතේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා පක්ෂයේ සභාපතිවරයාට පනවා ඇති වාරණය ඉවත් කරන තෙක් පක්ෂය ඉදිරි කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා තාවකාලික වැඩ බලන සභාපතිවරයෙකු දැනට පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සාමාජිකයන් අතරින්ම පත්කර ගත යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල මහතා මෙම ලිපිය මගින් යෝජනා කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානයේ ඉටු කරනු ලබන විපක්ෂයේ කාර්ය භාරය පසුගිය කාලය පුරා ඉතා සාර්ථකව කරගෙන ගිය පක්ෂයේ ජේෂ්ඨ නායකයන් කිහිප දෙනෙකුම වර්තමාන මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කරන බැවින් ඔවුන්ගෙන් අයෙකු වැඩ බලන සභාපතිවරයා ලෙස පත්කර ගැනීම සිදුකළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්