News Category
From Date
To Date
Maximum Number of Result

ඉතාලිය 'භූගත' මුස්ලිම් පල්ලි ගැන කනස්සල්ලට පත්ව සිටින්නේ යැයි ඉතාලි මාධ්‍ය පවසයි

Apr 20, 2024 at 05:24 PM
|

EU member worried about ‘underground’ mosques – media

ඉතාලියේ පලවූ ප්‍රවෘත්ති වාර්තාවකට අනුව ඉතාලි ආරක්ෂක සේවා රෝමයේ "නිල නොවන" මුස්ලිම් යාඥා මධ්‍යස්ථාන 53ක් සම්බන්ධයෙන් නිරීක්ෂණ කටයුතු අරඹා ඇතැයි පැවසේ. 

ඉතාලියේ අගනුවර වෙත සංක්‍රමණය වන මුස්ලිම් සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව වර්ධනය වීමත් සමඟ යාඥා කිරීමට අවශ්‍ය අවකාශයන් වැඩි වී ඇතැයිද එම වාර්තාව පවසයි. ඒ අනුව ගබඩා, ගරාජ, මහල් නිවාස සහ ගොඩනැගිලිවල බිම් මහල් වල යාඥා මධ්‍යස්ථාන විවෘත වන්නට පටන් ගෙන තිබේ. මෙම යාඥා මධ්‍ය්ස්ථාන වලින් සමහරක් නීතිමය වශයෙන් ගත් කළ නීති විරෝධී වුවද බලධාරීන් ඒවා දෙස නෑසූ කන්ව සිටීමට කටයුතු කරති.

"මෙම සැඟවුණු යාඥා මධ්‍යස්ථාන තුළ රැඩිකල්කරණය සැඟව තිබෙන අතර, බොහෝ විට ශුද්ධ වූ යුද්ධයේ ප්‍රාණ පරිත්‍යාගිකයින් බවට පත් වූ හුදකලා වෘකයන් ඇදහිලිවන්තයන් අතර සැඟවී සිටින ස්ථාන වේ." යනුවෙන් ll Tempo පුවත්පත ඊයේ(19) පැවසීය.

ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ වාර්තාවක් උපුටා දක්වමින් පුවත්පත සඳහන් කළේ දශකයකට පෙර නිරීක්ෂණයට ලක්ව වූ භූගත මුස්ලිම් පල්ලි සංඛ්‍යාව 30 කට ආසන්න ප්‍රමානයක් තිබූ බවත් එය මේවන විට දෙගුණයකින් වැඩි වී ඇති බවයි.

රෝමය "ඉස්ලාමයේ අගනුවර" ලෙස විස්තර කළ ll Tempo පුවත් පතට අනුව, ලියාපදිංචි නොකළ මුළු නමස්කාර මධ්‍යස්ථාන සංඛ්‍යාව 100 ඉක්මවිය හැකි බවද පෙන්වා දුන්නේය.

කෙසේ වුවද මෙම තත්ත්වය රෝමයට පමණක් සීමා වූ බවක් නොපෙනේ. Fuori dal Coro ප්‍රවෘත්ති වැඩසටහනේ  මාධ්‍යවේදීන් මෑතකදී මිලානෝ හි සමහර භූගත මුස්ලිම් පල්ලිවලට රහසිගතව ගොස්, මුස්ලිම් ශුද්ධ වූ රාමසාන් මාසය තුළ, “සංක්‍රමණිකයන් සහ ප්‍රචණ්ඩත්වය, ඉතාලියට වෛර කරන මුස්ලිම්වරු (Immigrants and Violence, The Muslims Who Hate Italy) නම් වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කළහ.

"රැඩිකල් ඉස්ලාම්වාදියෙකු" ලෙස තමාව හඳුන්වන ලද පුද්ගලයෙකු පැවසුවේ මුස්ලිම්වරුන් "යුදෙව්වන් පන්නා දමනු ඇත" යනුවෙන් කුරානයේ ලියා ඇති බවයි. ඉතාලියේ මිනිසුන් “හොඳ හදවතක් ඇති” නිසා මෙන්ම ඉතාලි ජාතිකයන්ගේ ඇවතුම් පැවතුම් “ඉස්ලාමයට ඉතා සමීප” නිසා මුස්ලිම්වරුන් ඉතාලියෙන් පටන්ගෙන බටහිර රටවල් ඉක්මනින් ජය ගනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

“පල්ලි දෙස බලන්න, වැඩිහිටි පුද්ගලයින් කිහිප දෙනෙක්, පස් දෙනෙක් මෙතන, පස් දෙනෙක් එතැන,” රැඩිකල් ඉස්ලාම්වාදියා වාර්තාකරුවන්ට පැවසීය.

ඉතාලියේ ස්වදේශික ජනගහණය වයස්ගත වෙමින් පවතී. 2023 දී, ඉතාලි ජාතිකයෙකුගේ මධ්‍යන්‍ය වයස අවුරුදු 47.7 ක් වේ. එලෙසම ඉතාලියේ සමස්ථ සඵල්‍යතා අනුපාතය 1.3 ක අගයක පවතී. ඉතාලිය  අප්‍රිකාවෙන් සහ ආසියාවෙන් යුරෝපා සංගමයට ඇතුල්වන සංක්‍රමණිකයන් සඳහා ප්‍රවේශ වීමේ ප්‍රධාන දොරටුවක්ද වී තිබේ. මෙම සංක්‍රමණිකයන් බොහෝ දෙනෙක් මුස්ලිම්වරු බහුතරයක් සිටින රටවල් වලින් පැමිණෙන්නන් වීමද කැපී පෙනේ.

 ඉතාලි අගමැති Giorgia Meloni සංක්‍රමණ නවතා දැමීමේ පොරොන්දු මත දේශපාලන උද්ඝෝෂනයක නිරත වූ නමුත් බලයට පත්වූ පසුව සරණාගතයින් ඵලදායී ලෙස දිරිමත් කරන යුරෝපා සංගම් ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වැළඳගෙන ඇත.

අප්‍රේල් මස මුලදී, ඉතාලි පොලිසිය විසින් ඉස්ලාමීය රාජ්‍ය කොරාසන් (ISIS-K හෝ ISPK) ත්‍රස්තවාදී කණ්ඩායමේ සැකකරුවෙකු නෙදර්ලන්තයේ සිට ඉතාලිය හරහා යමින් සිටියදී රඳවා ගනු ලැබීය. ටජිකිස්තාන ජාතිකයෙකු වන ඉල්කොමි සයිරක්මන්සෝඩා නැමැති ඔහු යුරෝපා සංගමය තුළ ත්‍රස්තවාදී ප්‍රහාර සැලසුම් කිරීමට සම්බන්ධ සැකකරුවෙකු වන අතර ජාත්‍යන්තර පොලිසියට අවශ්‍යව සිටි අයෙකි.

පසුගිය මාසයේ මොස්කව් නගරයෙන් පිටත ක්‍රොකස් සිටි හෝල් ප්‍රසංග භූමියේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ISIS-K සංවිධානය විසින් භාර ගන්නා ලදී. රුසියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් ටජිකිස්තාන ජාතිකයන් වන අතර රුසියානු බලධාරින් මෙවැනි ත්‍රස්ත කටයුතු වලට යුක්රේනයේ සක්‍රිය මැදිහත්වීම් ද නිරීක්ෂණය කර තිබේ.

සම්බන්ධිත පුවත් | Related News

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.
ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්
ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

ප්‍රධාන පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.