සජබ මන්ත්‍රීලා 6කට ජනපති රනිල්ගෙන් කෝටි 32ක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ දැනුවත් කිරීමකින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හය දෙනකුට විමධ්‍යගත යෝජනා හරහා සංවර්ධන කටයුතු වලට රුපියල් කෝටි 32කට අධික මුදලක් වෙන්කර තිබේ.
2024 විමධ්‍යගත අය – වැය වැඩසටහනින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති කිරීම සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මඟින් ඉදිරිපත් කර ඇති යෝජනා වලට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයා වෙත සෘජුවම ඉදිරිපත් කර ඇති සංවර්ධන ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන නිදහස් කරන ලෙස ඒ අනුව ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි ඉරිදා මව්බිම අනාවරණය කර ඇත.
සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කර ඇතැයි සඳහන් ව්‍යාපෘති යෝජනා 85ක් ක්‍රියාත්මක කිරීමට නිදහස් කර ඇති මුදල රුපියල් 50,200,000.00කි.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති 89කට ජනාධිපතිවරයා විසින් වෙන් කර ඇති මුදල රුපියල් 81,677,376.94කි.
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති 708ක් සඳහා රුපියල් 100,000,000.00ක මුදලක්ද, සමඟි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නපෙරුමගේ ව්‍යාපෘති 85කට රුපියල් 49,986,250.00ක්ද සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී දොස්තර කවින්ද හේෂාන් ජයවර්ධනගේ ව්‍යාපෘති 34 ක් සඳහා රුපියල් 69,000,000.00ක මුදලක්ද සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලකගේ ව්‍යාපෘති 25කට රුපියල් 51,000,000.00ක මුදලක්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මූල්‍ය ප්‍රතිපාදන නිදහස් කර බේ.
මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විමධ්‍යගත අය වැය වැඩසටහන 2024 සම්බන්ධව නිකුත් කර ඇති අංක MF/02/2023 හා 2023.12.29 දිනැති මුදල් චක්‍ර ලේඛය ඇතුළත් විධිවිධානයන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අදාළ කරගත යුතු බව ජනාධිපති ලේකම විසින් අදාළ මන්ත්‍රීවරයන්ව දැනුවත් කර ඇත.
මෙම ව්‍යාපෘති හඳුනා ගැනීම සිදුකර ඇති බවත් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් අනුමැතිය ලබාදී ඇති බැවින් එකී කාර්යයන් හැර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීමේදී අදාළ චක්‍රලේඛයක් මඟින් ලබා දී ඇති උපදෙස් අනුගමනය කළ යුතු බවත් ජනාධිපති ලේකම් ටී.එම්. එස්.බී ඒකනායක විසින් වැඩිදුරටත් දැනුම් දී ඇත.
තවද මෙම ප්‍රතිපාදන යටතේ සිදුකරන වියදම් 2024.07.31 පෙර ගිණුම්ගත කරන ලෙසද දැනුම් දී ඇත.
– Mawbima
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්