
සජබ මන්ත්‍රීලා 6කට ජනපති රනිල්ගෙන් කෝටි 32ක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ දැනුවත් කිරීමකින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හය දෙනකුට විමධ්‍යගත යෝජනා හරහා සංවර්ධන කටයුතු වලට රුපියල් කෝටි 32කට අධික මුදලක් වෙන්කර තිබේ.
2024 විමධ්‍යගත අය – වැය වැඩසටහනින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති කිරීම සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මඟින් ඉදිරිපත් කර ඇති යෝජනා වලට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයා වෙත සෘජුවම ඉදිරිපත් කර ඇති සංවර්ධන ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන නිදහස් කරන ලෙස ඒ අනුව ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි ඉරිදා මව්බිම අනාවරණය කර ඇත.
සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කර ඇතැයි සඳහන් ව්‍යාපෘති යෝජනා 85ක් ක්‍රියාත්මක කිරීමට නිදහස් කර ඇති මුදල රුපියල් 50,200,000.00කි.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති 89කට ජනාධිපතිවරයා විසින් වෙන් කර ඇති මුදල රුපියල් 81,677,376.94කි.
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති 708ක් සඳහා රුපියල් 100,000,000.00ක මුදලක්ද, සමඟි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නපෙරුමගේ ව්‍යාපෘති 85කට රුපියල් 49,986,250.00ක්ද සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී දොස්තර කවින්ද හේෂාන් ජයවර්ධනගේ ව්‍යාපෘති 34 ක් සඳහා රුපියල් 69,000,000.00ක මුදලක්ද සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලකගේ ව්‍යාපෘති 25කට රුපියල් 51,000,000.00ක මුදලක්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මූල්‍ය ප්‍රතිපාදන නිදහස් කර බේ.
මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විමධ්‍යගත අය වැය වැඩසටහන 2024 සම්බන්ධව නිකුත් කර ඇති අංක MF/02/2023 හා 2023.12.29 දිනැති මුදල් චක්‍ර ලේඛය ඇතුළත් විධිවිධානයන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අදාළ කරගත යුතු බව ජනාධිපති ලේකම විසින් අදාළ මන්ත්‍රීවරයන්ව දැනුවත් කර ඇත.
මෙම ව්‍යාපෘති හඳුනා ගැනීම සිදුකර ඇති බවත් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් අනුමැතිය ලබාදී ඇති බැවින් එකී කාර්යයන් හැර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීමේදී අදාළ චක්‍රලේඛයක් මඟින් ලබා දී ඇති උපදෙස් අනුගමනය කළ යුතු බවත් ජනාධිපති ලේකම් ටී.එම්. එස්.බී ඒකනායක විසින් වැඩිදුරටත් දැනුම් දී ඇත.
තවද මෙම ප්‍රතිපාදන යටතේ සිදුකරන වියදම් 2024.07.31 පෙර ගිණුම්ගත කරන ලෙසද දැනුම් දී ඇත.
– Mawbima
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
