
ඉන්දු - අමෙරිකා බලපෑමෙන් මිදීමට සමත් විදේශ ප්‍රතිපත්තියක අවශ්‍යතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර පැහැදිලි කරයි (වීඩියෝ)
ඉන්දියාව සමග රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අත්සන් කළ ඒකාබද්ධ ප්‍රකාශනයේ දෙරටේ ආර්ථිකය ඒකාබද්ධ කරන උපාංග 6ක් ඇති බවත්, මුදල් ඒකකය, මූල්‍ය පද්ධතිය, රේගුව, බලශක්ති පද්ධතිය හා විදුලි බල පනත හරහා විදුලි පද්ධතිය යන කොටස් මෙසේ ඒකාබද්ධ කිරීමට එකඟවී ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඉන්දියාවේ රෝ සංවිධානයේ විදේශ ප්‍රතිපත්තිය බවට අද පත්ව ඇති 1932 දී සර්ධාර් පණික්කාර්ගේ න්‍යායපත්‍රය මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇති බවද, එමගින් ගිවිසුම් හරහා රටවල් යටත් කරගැනීමේ ක්‍රියාන්විතය ඉන්දියා විසින් මෙරටට ද ක්‍රියාත්මක කරමින් සිටින බවද ඒ මහතා සඳහන් කරයි.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ දෙරණ වාද පිටිය දේශපාලන සංවාදය හා එක් වෙමිනි.
මෙම ආර්ථික ඒකාබද්ධකරණ ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්කර ගැනීමේ ඔවුන්ගේ සැලසුම ක්‍රියාත්මක වෙමින් ඇති බවද ඒ මහතා පැහැදිලි කරයි.
මෙරට දේශපාලන පක්ෂ මේ පිළිබඳව කතා නොකරන්නේ මෙරට සිටින තානාපතිවරු ආණ්ඩුව පමණක් නොව දේශපාලන පක්ෂ ද කළමණාකරණය කරමින් සිටින නිසා බවත්, මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් හැසිරෙන්නේ යටත්විජිත ලේකම් ලෙසින් හා ජනාධිපතිවරයා හැසිරෙන්නේ ආණ්ඩුකාරවරයා ලෙසින් බවත් වසන්ත බණ්ඩාර මහතා චෝදනා නගයි.
මෙරට විදේශ ප්‍රතිපත්තිය තෝරනු ලබන්නේ එක් එක් ආණ්ඩු තුළින් පත්වන විදේශ ඇමැතිවරුන්ගේ ප්‍රතිපත්ති අනුව බවද පවසන ඒ මහතා, වර්තමානයේ ජාතියක් ලෙසින් භූගෝලීය පිහිටීම මත මුහුණ දීමට සිදුවී ඇති අර්බුදය කුමන්දැයි මෙරට ජනතාව නිවැරදිව වටහාගත යුතුව ඇති බවත් පෙන්වා දෙයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
