කුමන්ත්‍රණවලින් ශ්‍රීලනිපය බිඳදැමිය නොහැකියි - තිලංග කියයි
වර්තමානයේ පක්ෂයට එරෙහිව කුමන බාධක සහ අභියෝග එල්ලවී තිබුණත් ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී ජයග්‍රහණය හිමිකර ගනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික බලවේග රැගත් සන්ධානය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්ෂ සභාපති ධුරයට එරෙහිව වාරණ නියෝගයක් ලබාගනිමින් සහ පාක්ෂිකයන් කිසිවෙකුට පක්ෂ මූලස්ථානයට ඇතුළු වීම වළක්වාලමින් එක්තරා පිරිසක් විසින් දියත් කර තිබෙන කුමන්ත්‍රණය සැබෑ ලෙසම පක්ෂයට ආදරය සියලුදෙනා දැඩි ලෙස හෙළා දකින බවත් , එවැනි කුමන්ත්‍රණවලින් පක්ෂය කඩා වැට්ටවීමට කිසිවෙකුට නොහැකි බවත් ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සිංහල දමිළ අලුත් අවුරුද්දෙන් පසු 2024 අප්‍රේල් 16 වැනි දින එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලයේ වැඩ කටයුතු සුබ මොහොතින් ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල මහතා මේ වනවිට පක්ෂ කාර්යාලය ඉබි යතුරු දමා වසා දැමීම ඇතුළු විවිධ උපක්‍රම දියත් කරමින් , පක්ෂය වළදැමීමට කිහිප දෙනෙකු උත්සාහ කළත් පක්ෂයට සැබෑ ලෙසටම ආදරය කරන සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඊට කිසිසේත්ම ඉඩ නොදෙන බවත්, ඔවුන් අවශ්‍ය අවස්ථාවේදී පක්ෂය වෙනුවෙන් පෙරට එන බව අද දවසේ ඔප්පුවූ බවත් ඔහු එහිදී කියාසිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ හවුල්කාර පක්ෂවලට අයත් දේශපාලන පක්ෂ නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වසාදමා තිබීමෙන් සිංහල දමිළ අලුත් අවුරුද්දෙන් පසු පාක්ෂිකයන්ට,සංවිධායකවරුන්ට සහ කාර්යාලයේ සේවක සේවිකාවන්ට පක්ෂයේ නායකයන් හමුවී සුබ මොහොතින් වැඩ රාජකාරි ආරම්භ කිරීමට තිබූ අවස්ථාව අහිමි කර තිබීම ඉතා කනගාටුවට කාරණයක් බවද තිලංග සුමතිපාල මහතා පැවසීය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව වාරණ නියෝගය ලබාගැනීමේදී ඉදිරිපත් කර ඇති කරුණු අතර,ඔහු පක්ෂයේ මතයට හෝ අභිවෘද්ධියට එරෙහිව ක්‍රියාකර ඇති බවට කිසිදු කරුණක් අඩංගු නොවන බවද ඔහු සදහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසි විටෙකත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව සමග එක්ව කටයුතු කිරීමට තීන්දු කර නොමැති බවත්,ඉදිරියේදීද එවැනි තීන්දුවක් නොගන්නා බවත් පැවසූ ප්‍රධාන ලේකම්වරයා පක්ෂයේ එම තීන්දුවට පටහැනිව යමින් ආණ්ඩුව සමග එක්ව ඇමති ධුර ලබාගත් පිරිස පක්ෂය බිඳවැට්ටවීම පිණිස උපක්‍රමශීලී ලෙස කුමන්ත්‍රණ දියත් කර ඇති බවද ඔහු කියාසිටියේය.
මේ කුමන බාධා එල්ලවුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාබිඳ දැමීම සිදුකළ නොහැකි බව අතීතයේදීද පක්ෂය විසින් රට හමුවේ ඔප්පු කර ඇති බවද තිලංග සුමතිපාල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්