
කුමන්ත්‍රණවලින් ශ්‍රීලනිපය බිඳදැමිය නොහැකියි - තිලංග කියයි
වර්තමානයේ පක්ෂයට එරෙහිව කුමන බාධක සහ අභියෝග එල්ලවී තිබුණත් ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී ජයග්‍රහණය හිමිකර ගනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික බලවේග රැගත් සන්ධානය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්ෂ සභාපති ධුරයට එරෙහිව වාරණ නියෝගයක් ලබාගනිමින් සහ පාක්ෂිකයන් කිසිවෙකුට පක්ෂ මූලස්ථානයට ඇතුළු වීම වළක්වාලමින් එක්තරා පිරිසක් විසින් දියත් කර තිබෙන කුමන්ත්‍රණය සැබෑ ලෙසම පක්ෂයට ආදරය සියලුදෙනා දැඩි ලෙස හෙළා දකින බවත් , එවැනි කුමන්ත්‍රණවලින් පක්ෂය කඩා වැට්ටවීමට කිසිවෙකුට නොහැකි බවත් ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සිංහල දමිළ අලුත් අවුරුද්දෙන් පසු 2024 අප්‍රේල් 16 වැනි දින එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලයේ වැඩ කටයුතු සුබ මොහොතින් ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල මහතා මේ වනවිට පක්ෂ කාර්යාලය ඉබි යතුරු දමා වසා දැමීම ඇතුළු විවිධ උපක්‍රම දියත් කරමින් , පක්ෂය වළදැමීමට කිහිප දෙනෙකු උත්සාහ කළත් පක්ෂයට සැබෑ ලෙසටම ආදරය කරන සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඊට කිසිසේත්ම ඉඩ නොදෙන බවත්, ඔවුන් අවශ්‍ය අවස්ථාවේදී පක්ෂය වෙනුවෙන් පෙරට එන බව අද දවසේ ඔප්පුවූ බවත් ඔහු එහිදී කියාසිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ හවුල්කාර පක්ෂවලට අයත් දේශපාලන පක්ෂ නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වසාදමා තිබීමෙන් සිංහල දමිළ අලුත් අවුරුද්දෙන් පසු පාක්ෂිකයන්ට,සංවිධායකවරුන්ට සහ කාර්යාලයේ සේවක සේවිකාවන්ට පක්ෂයේ නායකයන් හමුවී සුබ මොහොතින් වැඩ රාජකාරි ආරම්භ කිරීමට තිබූ අවස්ථාව අහිමි කර තිබීම ඉතා කනගාටුවට කාරණයක් බවද තිලංග සුමතිපාල මහතා පැවසීය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව වාරණ නියෝගය ලබාගැනීමේදී ඉදිරිපත් කර ඇති කරුණු අතර,ඔහු පක්ෂයේ මතයට හෝ අභිවෘද්ධියට එරෙහිව ක්‍රියාකර ඇති බවට කිසිදු කරුණක් අඩංගු නොවන බවද ඔහු සදහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසි විටෙකත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව සමග එක්ව කටයුතු කිරීමට තීන්දු කර නොමැති බවත්,ඉදිරියේදීද එවැනි තීන්දුවක් නොගන්නා බවත් පැවසූ ප්‍රධාන ලේකම්වරයා පක්ෂයේ එම තීන්දුවට පටහැනිව යමින් ආණ්ඩුව සමග එක්ව ඇමති ධුර ලබාගත් පිරිස පක්ෂය බිඳවැට්ටවීම පිණිස උපක්‍රමශීලී ලෙස කුමන්ත්‍රණ දියත් කර ඇති බවද ඔහු කියාසිටියේය.
මේ කුමන බාධා එල්ලවුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාබිඳ දැමීම සිදුකළ නොහැකි බව අතීතයේදීද පක්ෂය විසින් රට හමුවේ ඔප්පු කර ඇති බවද තිලංග සුමතිපාල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
