
මාලිමාවට ඡන්දය දිය යුත්තේ ඇයිදැයි හදිසියේ එළියට පැමිණ දයාන් ජයතිලක කරුණු 10ක් මතුකරයි (වීඩියෝ)
මාලිමාවට ඡන්දය දිය යුත්තේ ඇයි දැයි දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මහතා කරුණු 10ක් සඳහන් කරමින් වෙබ් අඩවියකට එක්තරා විග්‍රයක් කර තිබේ.
ඉන් පළමු කාරණය ලෙස 2019 -2020 කාලයේ 3% පමණ ඡන්ද පදනමක් තිබූ මාලිමාව එම ඡන්ද පදනම මේ වන විට වැඩිකරගෙන ඇති බව දයාන් ජයතිලක පවසයි.
දෙවන කාරණය ලෙස ඔහු දක්වා ඇත්තේ අනෙකුත් දේශපාලන පක්ෂවලට වඩා ධනාත්මක පරිවර්තනයකට මාලිමාව පත්වී තිබීමය.
තෙවැනි කාරණය ලෙස ඔවුන් ප්‍රබෝධමත් සමූහීක මනොභාවයකින් මනෝවිද්‍යාත්මක ශක්තියක් සම්පාදනය කරගෙන තීබීම ලෙස දයාන් ජයතිලක සඳහන් කර තිබේ.
සිව් වන කාරණය ලෙස ඔහු දක්වා ඇත්තේ වෙනත් කිසිඳු පක්ෂයක් හෝ ව්‍යාපාරයක් පිළිගැනීමට ලක් නොකළ ලෙසින් ජාත්‍යන්තරයෙන් ඔවුන්ව පිළිගැනීමට ලක් කිරීමය.
පන්තිමය කුලවාදී හා ආගමික අගතීන්ගෙන මිදුනු දේශපාලන ව්‍යාපාරයක් ලෙද මාලිමාව ගොඩනැගීම යන කාරණය ද ඔහු මෙහිදී මතුකොට තිබේ.
ඔවුන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශයන් සහ භාවිතයන් ප්‍රකට කරන්නේ සාම්ප්‍රදායික නොවන, ආගම දේශපාලනයෙන් සහ රාජ්‍ය ප්‍රතිපත්තිවලින් වෙන් කරන නවීකාරක ප්‍රතිපත්තියක් බවද ඔහු දක්වා තිබේ.
එමෙන්ම ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන සජබයට ධනවතුන්ට උචිත, ජනප්‍රියවාදී පෙනුමක් ඇති ප්‍රේමදාස සංවර්ධන මොඩලයේ සුවිශේෂී හිමිකාරිත්වයක් ඇති නමුත් එය ලාභදායී ගනුදෙනුවක් වෙනුවෙන් රිෂි සුනක්ගේ එක්සත් රාජධානියේ කොන්සර්වේටිව්වරුන්ගේ අනුවාදයක් බවට පත් කොට ඇති බවත්, අනුරට බිම් මට්ටමේ චලනයන් හඳුනා ගත හැකි මතවාදයක් ඇති නමුත් සජිත්ට එවැන්නක් නොමැති බවත් ඔහු දක්වා තිබේ.
මෙවැනි කාරණා 10ක් දයාන් ජයතිලක දක්වා ඇති අතර, කෙසේ වෙතත් මහ මැතිවරණයක්, ජනාධිපතිවරණයක් ආසන්නයේ එළියට පැමිණ නොයෙක් විචාරයන් විග්‍රහයන් සිදුකරන පුද්ගලයකු ලෙස හා පත්වන ආණ්ඩුවලින් සහ නායකයන්ගෙන් යම් යම් ප්‍රතිලාභ ලබාගත් පුද්ගලයකු ලෙසද දයාන් ජයතිලකව බොහෝ පාර්ශ්වයන් විසින් හඳුන්වා තිබීම ද විශේෂත්වයකි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
